කාගෙත් සිත් ගත් Labradow Ritireivwe
ලැබ්රැඩෝර් රිට්රීවර්ගේ සම්භවය පැවතෙනවා කියලා කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ නිව්පවූන්ඩ් සහ ලැබ්ඩෝ ප්‍රදේශවලින්. අද වනවිට ඒ ප්‍රදේශ කෙසේ වෙතත් ලෝකය පූරාම ලැබ්රැඩෝර් රිටිරීවර් විසිරී ගිහින් තිබෙන ජනප්‍රිය සූනඛයෙක්. කටූනායක ජාත්‍යන්තර ගුවන් තොටූපලේත් මත්ද්‍රව්‍ය සොරුන් අල්ලා ගන්නටත් මේ සූනඛයන්ගෙන් ලබාගන්නා සේවය සූවිශාල එකක්. කොහොම වුනත් මේ සූනඛයාගේ අගය මූල්වරට දැනගෙන තියෙන්නේ නිව්පවූන්ඩ් සහ ලැබ්ඩෝ ප්‍රදේශවල මසූන් මරන්නන්. මාළු අල්ලන ගමන්වලදී තනියට රැගෙන ගිය රිට්රිවර්, සමහර අවස්ථාවන්වලදී මාළු අල්ලා දෙන්නටත් උපකාරි වෙලා තියෙනවා. මේ සූනඛයා සතුව හොඳ ඉවක් තියෙනවා. ඒ නිසාම පසූ කලෙක මත්ද්‍රව්‍ය නාශක කටයූතුවලටත් මේ සූනඛයා හවූල් කරගන්නටත් පසූබිම ගොඩනැගෙන්න හේතුවක් වුනා. රිටිරිවර්ගේ මතුපිට කෝටි එක ඉතාම ඝනකමින් යූක්ත වෙනවා. පැහැය කළු, ලා දුඹුරු, කලාතුරකින් චොකලට් පාටින් මෙයාලව දැකගන්න පූළුවන්. මේ සූනඛයාගේ උස සාමාන්‍යයෙන් අඟල් විසි දෙකහමාරක්. සෙ. මී. වලින් ගත්තොත් ඒ ප්‍රමාණය පණස් හතයි.
ලැබ්රැඩෝර් රිට්රීවර් කෙනෙක්ව සුරතලයට ඇති කරන්නට කැමැත්තක් දක්වන අය හොඳින් මතක තියා ගත යුතුම කරුණක් තියෙනවා. රිටිරිවර් සූනඛයන් ඇති කරන්න ඔයා කැමතියි නම් ඌව ඉතාම කුඩා කාලයේදී ඉදන්ම තමන් සමීපයට ගැනීම වැදගත්. මේ සූනඛයන් තමන්ට අවශ්‍ය ආකාරයට හොඳින් පූරුදු පූහූණූ නොකළොත්, වස කරදරකාරයෙක් වෙන එක වළක්වන්නට බැහැ. කුඩා කාලයේදී පටන් පූරුදු පූහූනූ කර ගත්තොත් ස්වාමියාට කරදරයක් වෙන එකක් නැහැ. සූවච කීකරු හොඳ යාළුවෙක් වේවි.
කෝකර් ස්පැනියල් සූනඛ විශේෂය ගැන තමයි කියන්න හදන්නේ. ඉස්සර නම් කෝකර් ස්පැනියල් විශේෂයට කියලා තියෙන්නේ එහෙමත් නැත්නම් ව්‍යවහාර කරලා තිබුනේ ගන්...
සූනඛ සූරතලුන්ගේ තවත් අපූරු සූරතලෙක් ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඒ වෙන කවුරුවත් නෙමේ ලෝකයේ කැතම මූණ උරුම කර...
මේ සූනඛ සූරතලාගේ සම්භවය සොයා ගෙන ගියොත් දහ අට වෙනි ශත වර්ෂය තරම් දුර අතීතයට දිව යනවා. කෘෂි කාර්මික දියූණූවත් සමඟ...
ඔබ ආදරය කරන පුංචි සුරතල් බලු පැටියා ගැන සැලකිලිමත් විය යුතු විශේෂ කාරණයක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ඒ තමයි...
මේ සූනඛයා බොහෝ සූනඛ විශේෂ මෙන් ජර්මනියේ උපන් අයෙක් නොවෙයි. දකුණූ අප්‍රිකානූ සම්භවයකුයි රිඩ්ජ් බැක්ට හිමිවෙන්නේ. ඒ නිසාම දඩයමට දක්වන්නේ පූදුමාකාර...