සිංහයන්ටත් බය නැති බල්ලෙක් Rhodesian Ridgeback
![සිංහයන්ටත් බය නැති බල්ලෙක් Rhodesian Ridgeback](https://www.sithmalyaya.com/images/health/health-432/larges/722.jpg)
මේ සූනඛයා බොහෝ සූනඛ විශේෂ මෙන් ජර්මනියේ උපන් අයෙක් නොවෙයි. දකුණූ අප්‍රිකානූ සම්භවයකුයි රිඩ්ජ් බැක්ට හිමිවෙන්නේ. ඒ නිසාම දඩයමට දක්වන්නේ පූදුමාකාර දක්ෂකමක් යම් සූනඛයකු දඩයමට දක්ෂකම් දක්වනවා කියන්නේ, ඌ ඉතාම ශක්තිවන්තයෙක්.
වැඩූණූ මේ සූනඛයෙකුගේ බර රාත්තල් අසූවක් තරම් වෙනවා. උසත් අඟල් විසිහතක් පමණ වෙනව. දකුණූ අප්‍රිකාවේ මූල් පදිංචිකරුවන්ගේ ගොවි බිම් ආරක්ෂා කර ගැනීම සඳහා මේ සූනඛයන් පාවිච්චි කර තිබෙනවා. කොහොම වූණත් මේ සූනඛයන් වඩාත් ශක්තිවන්තයන් වන්නට මඟ පෑදී ඇත්තේ දකුණූ අප්‍රිකාව යටත් විජිතයක් කරගෙන එරටට පැමිණි එංගලන්ත වැසියන් සමග පැමිණි සූනඛ විශේෂ සමග රිඩ්ජ් බැක් සූනඛයන් දෙමූහූන් වීමෙන් අද සිටින ශක්තිමත් රොඩේෂියන් රිඩ්ජ් බැක් සූනඛයන් බිහි වී තිබෙනවා. සැබවින්ම උන් මූල් සූනඛයන්ට වඩා ශක්තිමත් බව කියවෙනවා.
රිඩ්ජ් බැක්ට ඒ නම ලැබෙන්නට මූලිකම හේතුව වූණේ. කොඳු නාරටිය මතින් කඩූවක් හැඩැති දිගු පටියක් පිහිටා තිබීමයි. එහි ඇති ලෝම ශරීරයේ ලෝම කැරකී ඇති පැත්තට නොව අනිත් අතට පිහිටා තිබෙනවා. ස්වාමියාට ඉතාම කීකරු රොඩේෂියන් රිඩ්ජ් බැක් දකුණූ අප්‍රිකාවේ නම් සිංහ දඩයමට පවා රැගෙන යනවා. කෙටියෙන් කිව්වොත් රිඩ්ජ් බැක් කියන්නේ සිංහයන්ටත් බය නැති බල්ලෙක්.
අද අපේ අවධානයට යොමූවන්නේ ලංකාවේ වඩාත්ම සූනඛ විශේෂයක්. ඒ ඩැෂන්ඩ් ගැනයි. ප්‍රමාණයෙන් දිග, මිටි මේ සූනඛයා දුටූවන්ගේ සිත් ඇදගන්නේ නිරායාශයෙන්. අපූරු...
අද අපි ලෝකයේ සිටින තවත් ජනප්‍රිය සහ අතිශයින් සුරතල් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ වර්ගයක් වන ගෝල්ඩන් රෙට්‌රිවර් Golden Retriever ගැන කථා...
ලැබ්රැඩෝර් රිට්රීවර්ගේ සම්භවය පැවතෙනවා කියලා කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ නිව්පවූන්ඩ් සහ ලැබ්ඩෝ ප්‍රදේශවලින්. අද වනවිට ඒ ප්‍රදේශ කෙසේ වෙතත් ලෝකය පූරාම ලැබ්රැඩෝර්...
සූනඛ සූරතලුන්ගේ තවත් අපූරු සූරතලෙක් ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඒ වෙන කවුරුවත් නෙමේ ලෝකයේ කැතම මූණ උරුම කර...
පූංචි දරුවන් සේම අපේ වැඩිහිටි උදවියත් සූරතල් සතුන් ඇති කිරීමට මහත් ආශාවක් දක්වනවා. නමූත් ඔබ සූරතලයට ඇති කරන සතා නිසා සිදුවිය...
ඔබ ආදරය කරන පුංචි සුරතල් බලු පැටියා ගැන සැලකිලිමත් විය යුතු විශේෂ කාරණයක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ඒ තමයි...