Biz Log
Classifields
Biz Log
Classifields

අර්ශස් රෝගයට ස්ථිර සුවය ආයුර්වේදයෙන්


වෛද්‍යතුමනි, අර්ශස් රෝගයෙහි  මුලික ලක්‍ෂණ ගැන සඳහන් කළහොත් ?

මෙහි ප්‍රධානතම ලක්‍ෂණය නම් තදබල ලෙස කෙන්තියාම යි. තවද ඇවිදිමේදී ඇතිවන අපහසුතා, මුනින් අතට නිදා ගැනීම හැර වෙනත් ඉරියව්වකට නිදාගැනීමේ අපහසුතාව, නිසිපරිදි මල පිට නොවීම, අර්ශස් ගෙඩි ඇතිවීම, රුධිරය පිටවීම, වේදනාකාරී බව මෙහි මුලිකම ලක්‍ෂණ වේ.

මෙම රෝගය ඇතිවීමට බලපාන හේතුව වන්නේ කුමක් ද?

මුලික වශයෙන් අර්ශස් ඇතිවීම සඳහා ජානමය වශයෙන් යම් බලපෑමක් ඇතිවිය හැකි ය. මවට එසේත් නැතිනම් පියාට මෙම ලක්‍ෂණ පවතීනම් ළදරු කාලයේ සිට දරුවාට ද මෙම රෝග ලක්‍ෂණවලට මුහුණදීමට සිදු වේ. මීට අමතරව වර්තමාන කාර්යබහුල ජීවන රටාවේ බලපෑම නිසා දරුවකුගේ කුඩා කාලයේ සිටම රෝගයට ගොදුරු විය හැකි ය. පෙර පාසල් යන වයසේ දරුවකු පිළිබඳ සලකා බැලු විට ඉතා උදැසනින් මවුපියන් විසින් ඔවුන් අවදි කරගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක් මැද ඔවුන් පාසල් යැවීම සඳහා සුදානම් කරනු ලැබේ. මෙවැනි තත්ත්වයකදී දරුවාට වැසිකිලි අවශ්‍යතා පවා නිසිපරිදි නිදහසේ ඉටු කරගැනීමට හැකියාවක් නොමැති විය හැකි ය. බොහෝදුරට රාත්‍රී කාලයේදී දරුවන් වැඩිපුර වේලාවක් අවදි කරගෙන සිටීම නිසා උදේ කාලයේ දී විශේෂයෙන් මවුපියන්ට මේ ගැටලුවට මුහුණ දීමට සිදු වේ. කෙසේ වෙතත් උදේ කාලය තුළ දරුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූවත් මළපහ නොකරන ලෙසින් දරුවන්ට තරවටු ද කරනු ලැබේ. ඒ වගේම නිවසින් පිටතදී මෙන්ම පාසලේදී පවා මළපහ නොකරන ලෙසින් ද අවවාද කරනු ලැබේ. මෙවැනි තරවටු කිරීම් නිසා දරුවෙකුට නිවසින් පිටතදී හෝ කුමන අවස්ථාවකදී හෝ මළ පිටකිරීමේ අවශ්‍යතාව පැමිණියත් එය ඉවසා දරාගැනීමට පුරුදු වේ. පසුව කාලයත් සමඟ මෙම තත්ත්වය ඔවුන් පුරුද්දක් බවට පත් කරගනු ලැබේ.

කුඩා දරුවන්ට පමණක් නොව තරුණ වයස්වල පසුවන අයට ද අත්වන්නේ මීට සමාන ඉරණමකි. ඔවුන්ගේ කාර්යබහුල ජීවන රටාව තුළ වැසිකිලියාම සඳහාවත් ඉඩක් ලබාදීමට ද ඔවුන්ට හැකියාවක් නොමැත.

තවද ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු (පිටි සහිත ආහාර, ක්‍ෂණික ආහාර වැඩිපුර ගැනීම), අම්ල අධික ආහාර ලබාගැනීම (බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ලා), උෂ්ණ අධික ආහාර (ඉස්සෝ, දැල්ලෝ, බල මාළු) භාවිතයත් මීට බලපාන අනෙකුත් හේතු වේ. ඉහත හේතුන්ට අමතරව ගැස්ට්‍රයිටීස් තත්ත්ව ආශ්‍රිතව ඇතිවන ආහාර ජීර්ණයේ යම් යම් දුර්වලතා ද මීට හේතු වේ. ඒ අනුව ආහාර මාර්ගයේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩුකම් නිසා එහි අවසන් කෙළවරට (ගුද මාර්ගයට) අර්ශස් වැනි රෝගී තත්ත්ව ඇති කරනු ලැබේ.

මෙම රෝගය සුවකිරීමට ක්‍රමයක් නැති ද?

මළපහ කිරීමේ යම් යම් අපහසුතා තිබෙනවා නම් හා නිසිකලට වේලාවට මළපිට වන්නේ නැතිනම් එය ඉතාමත් බරපතල ගැටලුවකි. නමුත් සාමාන්‍යයෙන් පුද්ගලයකු උදෑසන අවදි වූ විගස මළපහ කළ යුතු ය. සාමාන්‍යයෙන් දවසට දෙවරක්වත් අවම වශයෙන් මළ පිට කිරීම ගැටලුවක් නොවුණත් ඊට වඩා වැඩි වාර ගණනාවක් වැසිකිලි යාමේ අවශ්‍යතාවන් ඇති වීමත් ගැටලුකාරී විය හැකි ය.

මේ සඳහා ආයුර්වේද ප්‍රතිකාර පවති ද?

මෙහිදී මූලික වශයෙන් උදේ කාලයේ දී නියමිත පරිදි ඉතාමත් පහසුවෙන් මළපිට කිරීමට අවශ්‍ය ඖෂධ ලබාදෙනු ලැබේ. මෙම ප්‍රතිකාර ක්‍රම ඉතාමත් සාර්ථක මට්ටමේ ක්‍රම නිසා ශල්‍යකර්මවලට භාජනය වීමට සිටින රෝගීන්ට පවා ඉතා පහසුවෙන් ප්‍රතිකාර ආරම්භ කළ හැකි ය. ඉන් අනතුරුව ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම සමබර කිරීමේ ප්‍රතිකාරයන් ආරම්භ කරනු ලැබේ. මේ සඳහා ද ඉතාමත් ස්වභාවිකව නිෂ්පාදිත ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඖෂධ ලබාදෙනු ලැබේ. කාර්යබහුල ජීවන රටාවක් ගත කරන ඕනෑම අයෙකුට උචිත වන පරිදි මෙම ඖෂධ වර්ග නිපදවීම අර්ශස්  රෝගීන්ට තවත් පහසුවකි.

අර්ශස් රෝගී තත්ත්වය සමඟ ඇති වෙනත් අතුරු ආබාධ මොනවා ද?

මෙවැනි රෝගීන්ට අර්ශස්වලට අමතරව මුහුණ දීමට සිදුවන වෙනත් රෝග ගණනාවක් තිබේ. ඒ අතරින් හිස කැක්කුම, තදබල ගැස්ට්‍රයිටීස් තත්ත්වය, වාත රක්ත තත්ත්වය, ඇඳුම, දියවැඩියාව වැනි රෝගයන් මුලිකත්වයක් ගනු ලැබේ. නමුත් මෙම රෝගී තත්ත්ව හා අර්ශස් අතර යම් සම්බන්ධයක් පවතින නමුත්  රෝගීන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති විය හැකි ය. එසේ වුවත් ආයුර්වේද වෛi ප්‍රතිකාර හරහා අර්ශස්වලට පමණක් නොව ඒ සමඟ ඇතිවන වෙනත් රෝගී අවස්ථාවන් ද ස්ථිරවම සුවකළ හැකි බවද විශේෂයෙන් සඳහන් කළ යුතු යි.

අර්ශස් වැනි රෝග තත්ත්වයන් ආයුර්වේද ප්‍රතිකාර මගින් ස්ථිරවම සුව කරගැනීමට හැකි බව බොහෝ දෙනෙකු දන්නා නමුත් ඒ සඳහා යොමු නොවන්නේ මෙම වෛද්‍ය ක්‍රමය තුළ ඖෂධ සෙවිම්, කසාය තැම්බීම් වැනි ක්‍රියාවන් සිදු කළ යුතු නිසා යි. ඒ සඳහා කිසියම් විසඳුමක් තිබෙනවාද?

ඔව්. ඊට පිළියමක් ලෙස තමයි ඉතාම පහසුවෙන් භාවිතා කළ හැකි පූර්ණ වශයෙන් නිෂ්පාදිත ඖෂධ අප විසින් නිපදවා තිබෙන්නේ. මේවා ඕනෑම කාර්යබහුල තත්ත්වයක් හමුවේ වුවද පහසුවෙන් භාවිතා කළහොත් ඉක්මනින්ම රෝග තත්ත්වයන් දුරුකරගත හැකියි.

 

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක
රන්පත වෙද මැදුර
නො. 663, නුවර පාර පෑලියගොඩ.
071 300 7000 / 076 727 46 74

උපුටා ගැනීම සුබනෙත