Biz Log
Classifields
Biz Log
Classifields

සමේ ඇතිවන කළු ලප

Black marks on Skin

මූහූණේ, අත්පාවල, එහෙමත් නැතිනම් ශරරයේ යම් යම් ස්ථානවල කළු පැහැති ලප ඇතිවෙලා තියෙනවා ඔබ දැකල ඇති. සමහර විට ඔබේ ශරරයේ මෙවැනි ලප විශේෂයන් තියෙන්නට පූළුවන්. මෙවැනි ලප පිළිබඳ බොහෝ දෙනෙක් එකිනෙක මිථ්‍යාමත පවා ප්‍රකාශ කරනවා. නමූත් සැබෑව නම් මෙම ලප රෝගී තත්ත්වයකි. සමේ ඇතිවන ලප ගත්කළ මේවා විවිධයි. සූදු ලප, කළු පැහැති ලප ආදී වශයෙන් හඳුන්වා දෙන්නටත් පූළුවන්. අද අපි මෙහිදී කතා කරන්නේ සමේ ඇතිවන කළු ලප පිළිබඳවයි.

සමේ කළු ලප ඇතිවූ විට බොහෝ දෙනෙක් එය එතරම් ගනන් ගන්නේ නැති නමූත් මෙය රෝගී තත්ත්වයක් ලෙස අප පළමූව තේරුම් ගන්න ඕන. ඒත් සමගම මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ කෙසේද? ඒ සඳහා බලපාන සාධක මොනවාද යන්න පිළිබඳවත් අප දැනූවත් විය යූතුයි. අවසානයේ ඒ සඳහා කළ හැකි ප්‍රතිකාර මොනවාද යන්න පිළිබඳව දැනූවත් වෙමූ. අප මෙහිදී හඳුන්වන කළු ලප මූලින්ම ඇතිවන්නේ සම මතුපිටයි. එයට නිසි ප්‍රතිකාර නොකළ විට මාංශ හා අස්ථි දක්වාද මේ ලප ගමන් කරයි. කළු ලප සම මතුපිට ඇත්නම් සූවකිරම පහසූය. එය අස්ථි දක්වා වර්ධනය වී ඇත්නම් සූවකිරම තරමක් අපහසූ වෙයි. මේ රෝගී තත්ත්වයට බෙහෙවින්ම බලපාන්නෙ අප ගන්නා ආහාරය. අප එදිනෙදා නිරන්තරව ගන්නා ආහාර ශරරගතවී ආහාර ජීර්ණයේදී ශරර අභ්‍යන්තරයේ සිදුවන යම් යම් ක්‍රියාකාරකම් හේතුකොටගෙන ජීර්ණයේදී ශරරය තුළ පරිවෘත්තීය ක්‍රියා ඇතිවෙයි. මේ නිසාවෙන් සමේ මෙලනින් කියන වර්ණකය එක් තැන්වෙයි. මේ හේතුවෙන් සමේ කළු ලප ඇතිවේ. සමේ ඇතිවන කළු ලප ඉවත් කිරමේදී නිවසේදී කළ හැකි ප්‍රතිකාරක් බලමූ.

රත් හඳුන්, සූදු හඳුන් සම ප්‍රමාණ ගෙන (මේවා ගැනීමේදී කුඩූ වශයෙන් ගැනීමටත් පූළුවන්) දෙහි ඇඹූලින් අනා කළු ලප ඇති තැන්වල ආලේප කරන්න. පැය කිහිපයක් ගල්වා තබා ඉන්පසූ සෝදා හරින්න. මෙය දිනපතා සතියක් පමණ කරන්න. සමේ කළු ලප ඇතිවී ශරරයේ බලපෑම ප්‍රධාන වෙනවා. මෙහිදී වාත කෝප (බටූ, මෑකරල් වැනි ආහාර) ආහාර ගැනීමෙන් වළකින්න. සෑමවිටම සමබර ආහාර වේලක් ගන්න.

පාරම්පරික වෛද්‍ය එච්. ඒ. සිරිල් අල්විස්

Share This Article

ඇස කසනවා කඳුළු එනවා - Ocular allergy (Allergic conjunctivitis)

ඇස පණ මෙන් රැකගන්නා ඉන්ද්‍රියයකි. එසේ වුවද ඕනෑම අවස්ථාවකදී ඇසටත් අනතුරක් හෝ රෝගයක් බලපෑ හැකියි. ඇසට බලපාන විවිධ අසාත්මිකතාවයන් ද එවැනිය....

සුව වෙන්නට යැයි සිතා කළ සැත්කම අවසානයේ මව මරුට

නවීන වෛද්‍ය තාක්ෂණය කොයිතරම් දියුණු වුවත් ඒවා ද පරහට හිටින අවස්ථා නැතුවා නොවේ. ජීවිතය නැතිවන තැනට කටයුතු යෙදෙන්නට එවැනි හේතුවක්ම ඉස්සර...

හිසකෙස්‌ සුදුවීම ප්‍රශ්නයක්‌ වෙලා ද?

කොණ්‌ඩය සුදු පැහැවීමට බොහෝ විට බලපාන්නේ ජානමය තත්ත්වයන්. අප ඉපදෙන විටම අපේ හිසකෙස්‌ මේ කාලයේදී සුදුපැහැවන බව අපේ ජානවලම සටහන් වෙලා...

නිතරම ඇග රිදෙනවා වැඩක් කරන්නම බැහැ

ඇතැම්විට වියපත් වීම නිසාම පමණක් නොව ශරීර අභ්‍යන්තරයේ වන විවිධ අපහසුතා නිසාද වේදනාකාරි තත්ත්වයන්ට ඔබත් මුහුණ දී ඇතුවාට සැකයක් නැත. මෙම...

සුෂුම්නාව අනතුරකට ලක් වූණොත් සිදුවන දේ

අනතුරු පිළිබඳ කතා කිරීමේදී වර්තමානයේ ලෝකය පුරා අනතුරු පිළිබඳ සිදුවන වාර්තා බොහෝමයකි. එයින් ප්‍රධානතම ස්ථානය ගන්නේ මාර්ග අනතුරුය. නොසැලකිලිමත් ලෙස රිය...

හෘදයාබාධයක් වැළඳුනු විටකදී දියයුතු ප්‍රතිකාර

ඇස්පී‍්‍රන් හෝ දියවෙන සුලු ඇස්පී‍්‍රන් පෙත්තක් ඇල්වතුර කෝප්ප 1/4 ක පමණ දිය කොට රෝගියාට පොවන්න. කෘත්‍රිම ස්වසනය දීම අරඹන්න.රෝගියා තිරස්ව සැතපීමට...