Biz Log
Classifields
Biz Log
Classifields

ගොනෝරියා නොහොත් සුදු බින්දුම

ගොනෝරියා නොහොත් සුදු බින්දුම

මං බස්‌ එකට නැගල හිතේ හොරකමටම ඉඳගත්තේ කෙල්ලෙක්‌ ළඟින්. ඇයගේ නම දිස්‌නා . පැය පහක හයක ගමනේදී අපි දෙන්නා කතා කළෙත් කුළුපග වුණෙත් දන්නෙම නැතුව. දිස්‌නාගේ විවාහය කෙටිකාලයක්‌ තිබුණ එකක්‌. මොහොතකදී හමු වුණත් අපි දෙන්නගේ යාළුකම හරියට කාලාන්තරයක්‌ තිබුණ එකක්‌ වගෙයි. ගමනාන්තයට ළඟාවෙන්න කලින් දිස්‌නයි මායි මගින් බැස්‌සෙ මගේ පෙරැත්ත කිරීමටයි. ටික දවසකින් මගේ පුරුෂ ලිංගයේ මුත්‍රා මාර්ගය දිගේ සැරව යනවා හරියට වීදුරු කටු යනවා වගේ දැනෙන්න පටන්ගත්තා. වෛද්‍ය පරීක්‍ෂාවකදී හෙළි වුණේ මට ගොනෝරියා නැතහොත් සුදුබින්දුම කියන රෝගය වැළඳී ඇති බවයි. මෙවැනි අත්දැකීම් සහිත පුද්ගලයන් අපට සමාජයේ නිතර හමුවේ.

රෝග කාරකය  :

මෙය ලිංගිකව බෝවන නයිසිරියා ගොනොරියේ නම් බැක්‌ටීරියාවක්‌ නිසා ඇතිවන රෝග තත්ත්වයකි.

රෝග ලක්‍ෂණ :

රෝග ලක්‍ෂණ සාමාන්‍යයෙන් අවදානම් සම්බන්ධයේ සිට දින 2 - 5 ගතවීමත් සමගම ඇතිවේ. කාන්තාවන්ගේ ලක්‍ෂණ ඇතිවීම මීට වඩා ප්‍රමාද විය හැක. මෙහිදී රෝග ලක්‍ෂණ ශරීරයේ ශ්ලේශ්මල පටල සහිත ප්‍රදේශවල මතුවේ. එනම් කාන්තාවන්ගේ ගැබ්ගෙල, මුත්‍රානාල, යෝනි විවර ආශ්‍රිත ග්‍රන්ථීන් හා ගුද මාර්ගය ආසාදනයට ලක්‌විය හැක. සාමාන්‍යයෙන් පිරිමින්ගේ මුත්‍රා නාල (මුත්‍රා මාර්ගය) හා ගුද මාර්ගය ආශ්‍රිත ආසාදන ඇතිවේ. කලාතුරකින් අක්‍ෂිපටල ආසාදනද ඇතිවිය හැක. නමුත් මෙම ලක්‍ෂණ මතුවන ස්‌ථානය තීරණය වන්නේ පැවැත් වූ ලිංගික සම්බන්ධයේ දී දෙදෙනාගේ ස්‌පර්ශ වූ ශරීර ස්‌ථාන අනුවය.

පිරිමින්ගේ ඇතිවන රෝග ලක්‍ෂණ :

මුත්‍රා දැවිල්ල, හා මුත්‍රා මාර්ගයෙන් සැරව ගැලීම, කලාතුරකින් වෘෂණ කෝෂ වේදනාව හා ඉදිමීම.

කාන්තාවන්ගේ රෝග ලක්‍ෂණ :

යෝනි ශ්‍රාවයන්වල වෙනසක්‌ හෝ වැඩි ශ්‍රාවයක්‌ ඇතිවීම, මුත්‍රා දැවිල්ල, යටි බඩේ වේදනාවක්‌ ඇතිවීම.

රෝග ලක්‍ෂණ රහිත ආසාදන :

කාන්තාවන්ගේ ගැබ්ගෙල ආසාදනවලින් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ 50% ක්‌ පමණි. නමුත් මෙම රෝග ලක්‍ෂණ නැති අයගෙන්ද රෝගය බෝවිය හැක. මෙහිදී දිස්‌නාගේ ගැබ්ගෙල ආසාදනය තිබුණත් විශේෂ රෝග ලක්‍ෂණයක්‌ ඇයට තිබුණේ නැත. එහෙත් හේමන්තට රෝගය බෝවී තිබිණ. උගුරේ ආසාදන හා ගුද මාර්ගයේ ආසාදනවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයකට රෝග ලක්‍ෂණ දැකිය හැකි නොවේ. මුඛ හෝ ගුද සම්බන්ධතා පවත්වා නැතිනම් එම ස්‌ථාන ආසාදනයට ලක්‌ නොවේ.

නිසි ප්‍රතිකාර නැතිවිට ඇතිවිය හැකි සංකුලතා :

වෘෂණ ඉදිමීම, පුරස්‌ථි ග්‍රන්ථි ආසාදනය, කාන්තාවන්ගේ ශ්‍රොaණි ප්‍රදාහ රෝගය ඇතිවීම, හා පැතිරීගිය ගොනෝරියා ආසාදන තත්ත්වය ඇතිවීම මින් සමහරකි.

රෝග නිර්ණය :

රෝග ඉතිහාසය හා රෝග ලක්‍ෂණවල ස්‌වභාවය මෙන්ම ආසාදිත ස්‌ථානවලට ශ්‍රාව පරීක්‍ෂණ හා රෝපණ පරීක්‍ෂණ මගින් හඳුනාගත හැකිය. ප්‍රතිකාර මගින් නිට්‌ටාවට සුව කළ හැකිය. නමුත් රෝගියාට පමණක්‌ ප්‍රතිකාර දීම ප්‍රමාණවත් නොවේ. මෙහිදී ප්‍රතිකාර සඳහා ලිංගාශ්‍රිත රෝග සායනයක්‌ වෙත යොමු වන්න. සෑම ප්‍රධාන රෝහලකම ලිංගාශ්‍රිත රෝග සායනයක්‌ පවතී. රෝගය වළක්‌වා ගැනීම සඳහා 1,2,3 අනුගමනය කරන්න.

  1. විවාහය තෙක්‌ ලිංගික සබඳතා ප්‍රමාද කරන්න.
  2. අෙන්‍යාන්‍ය වශයෙන් විශ්වාසවන්ත තමාගේ විවාහක පුරුෂයා හෝ භාර්යාව සමග පමණක්‌ ලිංගික සබඳතා පවත්වන්න.
  3. ඉහත 1 හා 2 පිළිපැදිය නොහැකි නම් අනිවාර්යෙන්ම උපත්පාලන කොපුවක්‌ පාවිච්චි කරන්න.

වෛද්‍ය අජිත් කරවිට, සමාජරෝගවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය, ශික්‌ෂණ රෝහල, අනුරාධපුර.උපුටා ගැනීම දිවයින පුවත්පත

Share This Article

කාන්තාවන්ට පමණක් හැදෙන ලෙඩක් දැන් පිරිමින්ටත්

ලොව වෙසෙන සියලුම පිරිමින් අතරින් හතර දෙනෙකුගෙන් එක් අයකු මාසිකව ඔසප් වන බව නවතම පර්යේෂණයකින් හෙළි වුණා. පර්යේෂකයන් මෙම තත්ත්වය හඳුන්වන්නේ...

සාර්ථක ගැබ්ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ...

කනේ මයිල් ඇති අය හෘදයාබාධ ගැන සැලකිල්ලෙන් ඉන්න

හෘදයාබාධයක් යනු කුමක්දැයි දැන් බොහෝ දෙනා තුළ අවබෝධයක් තිඛෙනවා. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි තුළ මේදය (කොලෙස්ටරෝල්) තැන්පත් වීමෙන් එම නාළ...

වෘෂණ කෝෂ ඉදිමීමට තවත් හේතුවක්- හයිඩ්‍රොසීල්

වෘෂණ කෝෂ ඉදිමීමට හේතු කීපයක් බලපානවා. මේ හේතු සඟවාගෙන සිටීම තත්ත්වය උග්‍ර වීමට හේතුවක් වෙනවා. ප්‍රධාන හේතුවක් තමයි බරවා පරපෝෂිතයා ශරීරගත...

දරුපල නැත්තේ සැමියාගේ දෝෂයක් නිසාද?

වසර ගණන් ආදරයෙන් වෙළී සිට විවාහ වුවත් තවත් වසර කිහිපයක් ගතවූ පසු සැමියා හා බිරිය ඔවුනොවුනට දිස් වනුයේ “නිතරම දකින කුකුළගේ...

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන ගෙදර කුස්සියේ ඇති එකම බෙහෙත

ලිංගික ක‍්‍රියාවන් හී නිරතවීමට තරම් ලිගුව ප්‍රාණවත් නොවීම ලිංගික අප‍්‍රාණිකත්වය යනුවෙන් හඳුන්වනවා. එම රෝගී තත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙක්ට නිදන කාමරය යනු...