Biz Log
Classifields
Biz Log
Classifields

ඇත්අඩි (Elephantopus scaber)

ඇත්අඩි පොළවෙන් සෙ.මි 10-15 පමණ උසට වර්ධනය වන කුඩා දේශීය පැළෑටියකි. කඳට තදින් ඇලුනු සුදු පැති දෘඩ රෝම පවතී. පස තදින් අල්ලා සිටින මුදුන් මුලක් සහ කුඩා මුල් රැසක් සහිතයි. අණ්ඩාකාර හෝ ආයත පත්‍රයක් සෙ.මි. 10-20 අතර දිගය. පත්‍රවල දෙපැත්තේම බූව ඇත. පත්‍ර තලය රළු ස්වභාවයක් ගනී පත්‍ර දාරය සභංග - කරපත්‍රික වේ. පත්‍ර 8-10 පමණ එක්ව සෙව්වන්දියක් ආකාරයට පිහිටයි. පුෂ්ප මංජරිය ශිර්ෂකයකි. එහි ළා දම්පාට මල් රැසක් හට ගනී. ඇත්අඩි ඵලය චර්මලයකි. එය වියළුන පසු වාතය මගින් බීජ ව්‍යාප්තවේ. ඒ සඳහා උපකාර වන කෙඳි කුඩම්බියක් සහිත බූමණියක් ඊට ඇත. ඇත් අඩි Asteraceae උද්භිද කුලයට අයත් පැළෑටියකි. 

ඇත්අඩි විවිධාකාරයෙන් අන්‍ය ඖෂධ ශාක සමග සංයෝග කොට ප්‍රතිකාර කෙරෙන රෝගාබාධ වන්නේ අතීසාරය, කැස්ස, රත්තවාතය ඇතුළු ලේ දෝෂ සහ තදබල උණ යනාදිය යි. දේශීය වෛද්‍යවරුන් ඔඩු වණ පිළිකා සඳහා යොදන තෙල් වර්ගවලට මෙන්ම බාහිර ආලේපන ලෙස ස්වරස හා මැල්ලුම් සඳහා ද යොදා ගනී. ඇත්අඩි කොල තැම්බූ ජලය තුවාල සේදීමට භාවිතා කරයි, කොළ යුෂ තුවාලවල ආලේප කිරීම හා කොළ අඹරා ඒවායේ පැලැස්තර යෙදීමද සිදු කරයි. හදිසි තුවාලයක් වූ විට ලේ ගැලීම නැවැත්වීමට අැත්අඩි කොළ හෝ සම්පූර්ණ ශාකයම කොටා මිරිකා ගත් යුෂ ආලේප කළ යුතුය. ඇත්අඩි වාතය හටගන්වන, සෙම් පිත් නසන ඖෂධයක් ලෙස දක්වා ඇත.

Share This Article

අබ (Brassica juncea)

Brassica ගණයට අයත් ශාක විශේෂ කීපයක් ඇත. ඒ අබ, කළු අබ, එළ අබ යන ඒවායි. අබ අතු ඉති විහිදුවමින් අඩි 2-4 දක්වා...

ඉවසන්න බැරි ගැස්ට්‍රයිටිස් රෝගයට අත්දුටු දේශීය ප්‍රතිකර්මයක්

“බුදු අම්මෝ. මගේ පපුව හිර වෙනවා. බඩ දැවිල්ලයි. ඉවසන්න බැරියෝ. මොකද මොකද මේ වෙලා තියෙන්නේ. ගෑස්ටික් (අම්ලපිත්ත). කියාගන්න බැරි, දරාගන්න බැරි...

අට්ටික්කා [Ficus racemosa]

අත්තික්කා, උදුම්බර, දිඹුල් ආදී නම්වලින් හඳුන්වන අට්ටික්කා මීටර් 30 ක් පමණ උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකයකි. ගංඟා, ඇල ඉවුරු සහ කුඹුරු ආශ්‍රිතව...

ඇත්හොඬ (Heliotropium indicum)

ඇත්හොඬ මීටර් 1 ක් පමණ උසට වැවෙන කුඩා වාර්ෂික හෝ බහුවාර්ෂික පැළෑටියකි. කලාතුරකින් මීටර් 1.5 දක්වා උසට වැඩෙන අවස්ථාද දැක ගත...

ඇඹුල් ඇඹිලිය (Oxalis corniculata)

ඇඹුල් පලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය පොළොව මතුපිට හෝ පස් යට දුවන හීන් කඳක් සහිත බහු වාර්ෂික ශාකයකි. කඳේ ඇති...

අක්කපාන [Kalanchoe pinnata]

නිවර්තන අප්‍රිකාව නිජබිම ලෙස සැලකෙන අක්කපාන ශාකය මෙරට බොහෝ ප්‍රදේශවල ගල් සහිත ස්ථානයන්හි බහුලව දැකගත හැකිය. මෙය සිංහලෙන් "පහණබෙය" යනුවෙන්ද හඳුන්වයි. මීටරයක් හෝ...