අවර (Canavalia gladiata)
අවර, වැල් අවර සහ ගස් අවර යනුවෙන් දෙවර්ගයකි. වැල් අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට පිපෙන මල පසුව රතු පාට වේ. කොළ ත්‍රිපත්‍රිය. කරල අඟල් 10 පමණ දිගය. වැල් අවර දකුණු ඇමරිකාවේ නිවර්තනික ප්‍රදේශ වලට ආවේනික ශාකයක් වුවද වර්ථමානයේ ලංකාව, ඉන්දියාව, පිලිපීනය සහ අග්නිදිග ආසියාතික රටයල් කහිපයක වැවේ. වැල් අවර හා මුදු අවර යයි තවත් අවර වර්ග දෙකක් ඇත. මුදු අවර වල කරල් කුඩාය. මේ වර්ග වල අවර කරල් ළපටි කාලයේ ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගනු ලබයි. ඒවායේ ඇටද තම්බා කෑමට යෝග්‍යය. අවර කරල් වල යකඩ හා කැල්සියම් සෑහෙන ප්‍රමාණයක් ඇත. මෙය ලංකාවේ පහතරට වියලි කලාපයේ සුලභ ශාකයකි. අවර Fabaceae කුලයට අයත් ශාක විශේෂයකි.
ඖෂධීය වටිනාකම : අවර ශීතල ගුණයෙන් යුක්තය. ශක්තිජනකය. කුසගින්න වඩයි. දැවිල්ල නැති කරයි. පිත් රෝග වහා සුව කරයි. වණ හා තුවාල සුව වීම ඉක්මන් කරයි. එහි ඛනිජ අඩංගු නිසා ආහාරයක් ලෙස විශේෂ ගුණයක් ඇත.
උපුටා ගැනීම අපේ ඔසු blogspot
කිරි අඟුණ - Tylophora paucifloraතිත්ත අඟුණ - Wattakaka volubilis රුක් අඟුණ - Alangium salvifolium අඟුණ ශාකයේ ඉහත දැක්වෙන ප්‍රභේද ලංකාවේ දක්නට ලැබේ. ලංකාවේ...
බුළු මීටර් 20 දක්වා ඉහලට වර්ධනය වන විශාල කඳක් සහිත දේශීය ශාකයකි. ළපටි ශාඛා සියුම් බූවක් සහිත වන අතර පරිනතියත් සමග...
ඉතා ඉක්මනින් වැඩෙමින් පඳුරු වල ආධාරයෙන් ඉහල නගින වැල් වර්ගයකි. හෘදයාකාර පත්‍ර ඛන්ඩිකා 5 කට බෙදී ඇත. අඟල් 12 - 18...
ඉඟුරු භූගත කඳක් හෙවත් රෛසෝමයක් සහිත බහු වාර්ෂික පැළෑටියකි. පත්‍ර නටු එකතු වී සෑදෙන ව්‍යාජ කඳ සෙ.මි. 50 දක්වා උසට වැඩේ....
මෙරට උද්භිදවිද්‍යා මූලාශ්‍රවල ගොනුකෑ ලෙස නම් කර ඇත්තේ සිංහලෙන් ඉටිමල් ලෙස හඳුන්වන Hoya ovalifolia නම් දේශීය වැල් වර්ගයකි. ගොනුකෑ / ගොනිකා...
මෙය අඩි 2-3 පමණ උස් ව වැඩෙන කඳක් සහිත ශාකයකි. කඳෙහි පොත්ත සිනිඳු ය. අණ්ඩාකාර පත්‍ර අඟල් 3-5 අතර දිගු ය. මල්...