Biz Log
Classifields
Biz Log
Classifields

ඉඟුරු (Zingiber officinale)

ඉඟුරු භූගත කඳක් හෙවත් රෛසෝමයක් සහිත බහු වාර්ෂික පැළෑටියකි. පත්‍ර නටු එකතු වී සෑදෙන ව්‍යාජ කඳ සෙ.මි. 50 දක්වා උසට වැඩේ. පත්‍රයක් දිගින් සෙ.මි. 15 සහ පළලින් සෙ.මි. 1.5 පමණ වන අතර පත්‍ර හැඩය පටු ලන්සාකාර ය. පත්‍ර තලය සිනිඳු වන අතර අග්‍රය අති තීව්‍ර ය.  අණ්ඩාකාර හැඩැති පුෂ්ප මංජරියේ වෘන්තය සෙ.මි. 25 පමණ දිග ය. එය සෙ.මි. 3.5 පමණ වන ලංසාකාර කොපුවකින් වැසී පවතී. අරීයව පිහිටි ශුකි මත දම් සහ කහ පැහැ මිශ්‍ර මල් හට ගනී. ඉඟුරු Zingiberaceae උද්භිද කුලය අයත් ශාක විශේෂයකි.

ආහාර අරුචිය, අජීර්ණ, කුසගිනි මදිකම, හෘල්ලාස, අධ්මාන, පීනස, කැස්ස, ඇදුම, ඉක්කා, ආමඅතීසාරය, ආමවාතය, කටීවාතය, මුත්‍ර සමඟ ලේ පිටවීම ආදියට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ඉඟුරු අලත්, අවශේෂව කොළත් භාවිතයට ගනී. ඖෂධ සඳහා භාවිතා කිරීමේදී ඉඟුරු අල පිලිගත් ක්‍රමවලට අනුව වියළා ගනු ලබන අතර එසේ වියළාගත් ඉඟුරු සිද්ධිඟුරු හෙවත් සිද්ධ ඉඟුරු ලෙස හඳුන්වයි. ඉඟුරු ශීත ප්‍රශමන, වේදනා ස්ථාපන, ඉදිමුම් නසන, ස්නායු උත්තේජනය කරන, වාතය සමනය කරන, මතක ශක්තිය වඩවන, ආහාර රුචිය ඇතිකරවන, කුසගිනි වඩවන ගුණ සහිතයි.

අහාර අරුචියට සහ කුසගිනි මදිකමට අහාර ගැනීමට පෙර අමු ඉඟුරු ස්වල්පයක් ලුණු හෝ සහිඳ ලුණු සමඟ කෑමට ගත යුතුය. සන්නිපාත උණට, මුඛයේ විරසතාවය හා මලබැඳීමට ඉඟුරු, ගම්මිරි, තිප්පිලි චූර්ණය ඉඟුරු යුෂ සමඟ මුඛයට ගෙන උතුර හා කට සෝදා සෙම කාරා දැමිය යුතුය. හිසරදයට අමු ඉඟුරු ගලගා නලලේ ආලේප කරයි. ආම අතීසාරයට අමු ඉඟුරු, ඉරිවේරිය තම්බා බොන්නට දෙයි. කල්ගිය ආමවාතයට සහ කටීවාතයට වියළි ඉඟුරු කසාය යොදා ප්‍රතිකාර කරයි. මුත්‍ර සමඟ යාමට වියළි ඉඟුරු කිරි කෂාය දෙයි. සෙම් කෝපය, ප්‍රතිශයාව ඇති විට ඉගුරු ඉස්මට මී පැණි දමා බීම, ඉඟුරු යුෂ යෙදූ තේ පානය කිරීම ගුණය. ඉඟුරු, පාවට්ට, බෙලිකොළ බැදපු කොත්තමල්ලි, තැම්බූ වාෂ්ප ඇල්ලීම ඉරුවාරදයට සහනය ගෙනෙයි. කැස්සට හා උගුර වණවීමට නටන වතුරට ඉඟුරු හා ලෙමන් යුෂ මිශ්‍ර කර පානය කළ යුතුය. ඉඟුරු යුෂ ලබාගැනීමෙන් පසු ඉතිරිවන හපය කුරලෑ මත තැවරීමෙන් කුරුලෑ මර්දනය වන බවත්, සහ පැහැපත් වන බවත් සඳහන්.

ඉඟුරු වටිනා ඖෂධයක් මෙන්ම ව්‍යංජන, කැවිලි වර්ග සහ බීම වර්ග රසවත් කිරීමට යොදන ප්‍රකට කුළුබඩු වර්ගයක් වේ. ප්‍රෝටීන් සහ මේදය අධික ආහාර පිසීමේදී ඉඟුරු එකතු කිරීමෙන් උදරාබාධ ඇති වීම වැලකෙන බව සඳහන්.

උපුටා ගැනීම අපේ ඔසු blogspot

Share This Article

අබිං [Papavar somniferum]

පොපි නමින් වඩාත් ප්‍රසිද්ධ මෙය අඩි 3 - 4 උසට වැඩෙන ශක්තිමත් වාර්ෂික ශාකයකි. මෙහි මල අඟල් 4 - 5 දක්වා පළල්...

කෑම කන්න සුදුසුම වේලාව

අපේ ගොඩක් අයට කෑම කන්න වෙලාව හදාගන්න බොහොම අමාරුයි. වෙලාවට කෑම කන්නෙ නැති එකේ ආදීනව ගැන දොස්තර මහත්තුරු කොයි තරම් අවවාද...

අවර (Canavalia gladiata)

අවර, වැල් අවර සහ ගස් අවර යනුවෙන් දෙවර්ගයකි. වැල් අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට...

අතුකැටිය [ xylopia parviflora ]

මෙය අඩි 2-3 පමණ උස් ව වැඩෙන කඳක් සහිත ශාකයකි. කඳෙහි පොත්ත සිනිඳු ය. අණ්ඩාකාර පත්‍ර අඟල් 3-5 අතර දිගු ය. මල්...

අරූද [Ruta graveolens]

යුරෝපය සහ ඉරානය නිජබිම ලෙස සැලකෙන අරූද ශාකය ඉන්දියාවෙන් ලංකාවට හඳුන්වා දෙන ලද ඖෂධ පැළෑටියකි. මෙය දකුණු ඉන්දියානු සිද්ධ වෛද්‍ය ක්‍රමය හා...

අක්කපාන [Kalanchoe pinnata]

නිවර්තන අප්‍රිකාව නිජබිම ලෙස සැලකෙන අක්කපාන ශාකය මෙරට බොහෝ ප්‍රදේශවල ගල් සහිත ස්ථානයන්හි බහුලව දැකගත හැකිය. මෙය සිංහලෙන් "පහණබෙය" යනුවෙන්ද හඳුන්වයි. මීටරයක් හෝ...