Biz Log
Classifields
Biz Log
Classifields

ඇත්හොඬ (Heliotropium indicum)

ඇත්හොඬ මීටර් 1 ක් පමණ උසට වැවෙන කුඩා වාර්ෂික හෝ බහුවාර්ෂික පැළෑටියකි. කලාතුරකින් මීටර් 1.5 දක්වා උසට වැඩෙන අවස්ථාද දැක ගත හැකිය. බූව සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර වින්‍යාසය ඇතැම් විට උප සම්මුඛක ආකාරයක් ද විය හැකිය. පත්‍රයක් දිගින් සෙ.මි. 15 සහ පලලින් සෙ.මි. 10 ක් දක්වා වර්ධනය වේ. රළු පත්‍ර තලය නෙරුම් රාශීයකින් සමන්විත වන අතර පත්‍ර දාරය තරංගීමය ස්වරූපයක් ගනී. ඒකාක්ෂ පුෂ්ප මංජරියක දම් පැහැයට හුරු සුදු පැහැති මල් රැසක් හට ගනී. පුෂ්ප මංජරිය ඉදිරියෙන් වක්වී ඇති හෙයින් ඇත්හොඬ  නාමය ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. තියුණු තුඩක් සහිත ඵලයක් තුල බීජ 4 ක් පමණ පිහිටයි. ඇත්සැටිය යනුවෙන්ද හඳුන්වන ඇත්හොඬ Boraginaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

ඔඩුගිය වණ, තුවාල, හොරි, කඩුවේගන්, පණුකැවිලි, පරංගි, සම මතුපිට හට ගන්නා අර්බුද, පිළිකා, ඉදිමුම් සහිත දැවිල්ල, සන්ධි ප්‍රදාහය නිසා හටගත් වේදනා, අතීසාරය, දියවැඩියාව, ලිංගික, ආබාධ, ප්‍රතිශ්‍යාව, කැස්ස, උදරාබාධ, විදුරුමස ඉදිමීම, මුඛක්ෂතය, තොල් පැලීම, ඇස් ඉදිමීම, කුරුලෑ, බල්ලන් සපා කෑම, උමතු රෝග ආදියට ප්‍රතිකාර කිරීමට ඇත්හොඩ සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. ඇත්හොඬ ඖෂධ සඳහා භාවිතා කිරීමේදී අමුවෙන් ගත යුතු බව සඳහන් කර ඇත.

ක්ෂත, විදුරුමස ඉදිමීම, මුඛක්ෂතය ආදියට ප්‍රතිකාර කිරීමට ඇත්හොඬ ස්වරසය භාවිතා කරයි. තොල් පැලීමට මල් සහ කොළ යෙදූ කෂාය යොදා ගනී. ඇස් ඉදිමීමට ප්‍රතිකාරයක් ලෙස පත්‍ර ප්‍රලේපය ස්ථානීය වශයෙන් යෙදේ. විදේශීයව ආර්තව වේදනා සමනය කිරීමටත්, ආර්තවයේදී සිදුවන ලේ වහනය පාලනයටත් ඇත්හොඬ මල් අඩු මාත්‍රාවකින් භාවිතා කරන බව සඳහන්. ඇත්හොඬ වැඩි මාත්‍රාව ගබ්සාකරක ය. චර්ම රෝගවලදී සහ සන්ධි ඉදිමීමේදී මෙම කොළ සහ මුල් ආලේප වශයෙන් යොදා ගනී. මෙම සම්පූර්ණ ශාකයම තම්බා පානය කිරීම උෂ්ණ බිබිලි සඳහා ප්‍රතිකාරයකි. පැළෑටියම තම්බා ගත් ජලය ඇස් සහ වණ සේදීමට ගනී. ඇත්හොඬ සහ එඬරු තෙල් යොදා සකස්කළ තෙල් බල්ලන් සපාකෑවිට සහ කෘමි දෂ්ඨනවලට ප්‍රතිකාර සඳහා භාවිතා කරයි. මුහුණේ සෑදෙන කුරුලෑ, දද, බිබිලි හා පණු කැවිලි ඇත්හොඬ කොළ කොටා මිරිකාගත් යුෂය ආලේප කිරීමෙන් සුවවේ. ඇත්හොඬ වණ සුව කරන, දැවිල්ල සහ ස්ථානීය වේදනාවන් සමනය කරන ගුණ සහිතයි.

උපුටා ගැනීම අපේ ඔසු blogspot

Share This Article

දිව ඔසුවක්වූ කෝමාරිකා වල ඔබ මෙතෙක් නොදැනසිටි රහසක් මෙන්න

කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක් වශයෙන්ද භාවිත කළ හැකි වන අතර අතීතයේ කුමාරිකාවන්ගේ රුව වැඩීමට බහුලව භාවිත කළ ඖෂධයක් වන...

ඇත්දෙමට (Gmelina arborea)

කාශ්මර්ය යන අන්වර්ථ නාමයකින්ද හඳුන්වන ඇත්දෙමට මීටර් 20 හෝ ඊට වඩා උසට වැඩෙන දේශීය ශාකයකි. හීං දෙමට නමින් කුඩා ශාකයක් ඇති...

අක්කපාන [Kalanchoe pinnata]

නිවර්තන අප්‍රිකාව නිජබිම ලෙස සැලකෙන අක්කපාන ශාකය මෙරට බොහෝ ප්‍රදේශවල ගල් සහිත ස්ථානයන්හි බහුලව දැකගත හැකිය. මෙය සිංහලෙන් "පහණබෙය" යනුවෙන්ද හඳුන්වයි. මීටරයක් හෝ...

අළු පුහුල් (Benincasa hispida)

ඉතා ඉක්මනින් වැඩෙමින් පඳුරු වල ආධාරයෙන් ඉහල නගින වැල් වර්ගයකි. හෘදයාකාර පත්‍ර ඛන්ඩිකා 5 කට බෙදී ඇත. අඟල් 12 - 18...

අබිං [Papavar somniferum]

පොපි නමින් වඩාත් ප්‍රසිද්ධ මෙය අඩි 3 - 4 උසට වැඩෙන ශක්තිමත් වාර්ෂික ශාකයකි. මෙහි මල අඟල් 4 - 5 දක්වා පළල්...

අබ (Brassica juncea)

Brassica ගණයට අයත් ශාක විශේෂ කීපයක් ඇත. ඒ අබ, කළු අබ, එළ අබ යන ඒවායි. අබ අතු ඉති විහිදුවමින් අඩි 2-4 දක්වා...