Biz Log
Classifields
Biz Log
Classifields

ඇඹුල් ඇඹිලිය (Oxalis corniculata)

ඇඹුල් පලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය පොළොව මතුපිට හෝ පස් යට දුවන හීන් කඳක් සහිත බහු වාර්ෂික ශාකයකි. කඳේ ඇති සන්ධිවලින් පොළවට මුල් ඇදේ. කඳෙන් විහිදී ඉහල නඟින අතුවල ඇති ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පුෂ්ප මංජරිවල හට ගන්නා පෙති පහක් සහිත මල් කහ පැහැතිය. ඵලය තුඩක් ඇති අඟල් 3/4 පමණ දිග ස්ඵෝටිකාවකි. මෙම උද්භිද ගණයටම අයත් මහ ඇඹුල්ඇඹිලිය (Oxalis latifolia) නමින් කොල කරමක් විශාල මෙවැනිම ශාකයක් ඇති අතර එහි මල් දම් පැහැතිය. එමෙන්ම විසිතුරු ශාක ලෙස වගා කරන Oxalis විශේෂ කීපයක් ද අප රටින් හමු වෙයි. මෙම ශාක ලංකාවේ තෙතමනය ඇති බොහෝ තැන්වල මෙන්ම ලෝකයේ නිවර්තන හා සෞම්‍ය ප්‍රදේශ සියල්ලක ම පාහේ වැවේ. ඉන්දියාවට දේශීය වන අප රටට හඳුන්වා දී ඇති ඇඹුල් අඹිලිය විශේෂ Oxalidaceae උද්භිද කුලයට අයත්ය.

සංස්කෘතෙන්  “අම්බෂ්ඨා“ සහ "වාංගේරි" යනුවෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය නමේ සඳහන් ආකාරයට ම ඇඹුල් රසැති ය. කුසගිනි මදිකම, ආහාර අරුචිය, අතීසාරය, අජීර්ණය, අර්ශස්, ප්‍රවාහිකා, ගුදභ්‍රන්ශ, චර්ම රෝග, අක්ෂි රෝග, රුධිර වහනය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම සම්පූර්ණ පැළෑටියම භාවිතා කරයි. ඇඹුල් ඇඹිලිය කුසගිනි වඩවන, ආහාර ප්‍රිය කරවන, ඉදිමුම් නසන, වේදනාවන් පහ කරන ගුණ සහිතයි.

ලේ අඩුකම හා මාන්දම යන රෝගාබාධ වලින් පෙළෙන දරුවන්ට ඇඹුල් ඇඹිලිය ව්‍යාංජනය සමඟ බත් කෑමට දීම ගුණය. ග්‍රහණියට ඇඹුල් ඇඹිලිය යොදා නිපදවන වාංගේරි සෘතය දෙයි. අර්ශස් සහ ගුදභ්‍රන්ශ රෝග සඳහා ඇඹුල් ඇඹිලිය කොළ යුෂ ගිතෙල් මීකිරි සමඟ මිශ්‍රකර පැසවා බීමට දෙයි. තුවාල පිරිසිදු කිරීමට, ගෙඩි පැසවීමට සහ පිපිරීමට ඇඹුල් ඇඹිලිය පත්‍ර ප්‍රලේපය යොදා ගනී. අත්තන විෂට සහ වඳ බවට ප්‍රතිකාර කිරීමට ද ඇඹුල් ඇඹිලිය භාවිතා කරයි. මෙම කොළ පලාවක් සහ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය.

උපුටා ගැනීම අපේ ඔසු blogspot

Share This Article

මඟුල් කරඳ-බිං කරල් හැබ අරළු පොතුවලින් ලේ පිටවන අර්ශස් රෝගයට කසාය වට්ටෝරුවක්

අප අවට සමාජය තුළ බහුලව පවතින රෝග තත්ත්වයකි අර්ශස්. එය ගුද මාර්ගය ආශි්‍රතව පවතින්නා වූ රෝගී තත්ත්වයක් වන අතර ආයුර්වේද ශාස්ත්‍රය...

පාවට්ටා (Justicia adhatoda)

ආඩතෝඩා, වං ඇපල, අගල්ආධාර යන නම්වලින්ද හඳුන්වන පාවට්ටා මීටර් 4 ක් දක්වා උසට වැඩෙන දේශීය බහු වාර්ෂික පඳුරු ශාකයකි. මෙම ශාකයට...

බුළු (Terminalia bellirica)

බුළු මීටර් 20 දක්වා ඉහලට වර්ධනය වන විශාල කඳක් සහිත දේශීය ශාකයකි. ළපටි ශාඛා සියුම් බූවක් සහිත වන අතර පරිනතියත් සමග...

කිතුල් (Caryota urens)

වස විෂ නසයි හදවත සුරකියිපිළිකා නසයිතරබාරුව මට්‌ටු කරයිදියවැඩියාව පාලනය කරයිඋද්භිද විද්‍යාත්මකව Caryota urens ලෙස හැඳින් වෙන කිතුල් ගසෙන් වසර දෙ දහසකටත්...

අහු (Morinda citrifolia)

අච්ජුක යන ප්‍රකට පර්යාය නාමයෙන් හඳුන්වන අහු, කහ පැහැයට හුරු සුදු පැහැති පොත්තක් සහිත, මීටර් 9 ක් පමණ උසට වැඩෙන කුඩා...

ඉවසන්න බැරි ගැස්ට්‍රයිටිස් රෝගයට අත්දුටු දේශීය ප්‍රතිකර්මයක්

“බුදු අම්මෝ. මගේ පපුව හිර වෙනවා. බඩ දැවිල්ලයි. ඉවසන්න බැරියෝ. මොකද මොකද මේ වෙලා තියෙන්නේ. ගෑස්ටික් (අම්ලපිත්ත). කියාගන්න බැරි, දරාගන්න බැරි...