ගොනුකෑ / ගොනිකා වැල් [Gonuke / Gonika] (Psychotria sarmentosa)
මෙරට උද්භිදවිද්‍යා මූලාශ්‍රවල ගොනුකෑ ලෙස නම් කර ඇත්තේ සිංහලෙන් ඉටිමල් ලෙස හඳුන්වන Hoya ovalifolia නම් දේශීය වැල් වර්ගයකි. ගොනුකෑ / ගොනිකා නම් මෙම වැල් වර්ගය එවායෙහි වල් ගොනිකා (Psychotria sarmentosa) ලෙස හඳුන්වා ඇත. ගොනුකෑ තරමක් මාංසල පත්‍ර සහිත දේශීය වැල් ශාකයකි. පත්‍ර සම්මුඛව පිහිටයි. බිම දිගේ හෝ ඇතැම් විට ආධාරක ශාකයක් මත වැඩේ. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු කොළ පැහැතිය. ප්‍රපාතයකින් පහලට ඇද වැටී ආබාධිත වූ ගවයකු මෙම වැළේ කොල අනුභව කිරීමෙන් සුවපත් වූ කථා පුවතක් ජනප්‍රවාදයේ එයි. මෙම ඖෂධීය ශාකය "ගොනුකෑ" නමින් හැඳින්වීමට එය ද හේතුවක් වන්නට ඇත. ගොනුකෑ වැල් Rubiaceae කුලයට අයත් ශාකයකි.
වයස්ගත වීමේ දී සන්ධි වල (විශේෂයෙන් කාන්තාවන්ගේ) ඇති වන වේදනා සඳහා ඔසුවක් ලෙස භාවිත කරයි. විශේෂයෙන් පාදයේ සන්ධි වල පවතින ශ්ලේෂ්මල ස්වභවය වයසට යාමත් සමග අඩු වී සන්ධි වියළීමට ලක්වීම නිසා වේදනා ඇති වේ. මෙම වැලේ කොළ භාවිත කර සකසා ගත් කැඳ හෝ කොල වලින් සකසා ගත් සලාදයක් විටින් විට ආහාරයට ගැනීමෙන් මෙම ආබාධයට සහනය ලැබෙයි. දකුණු පළාතේ අස්ථි ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට ද මෙම කොළ යොදා ගනී. තැලීම්, උළුක්කුවීම්, මස්පිඩු පෙරලීම් වැනි ආබාධයක් ඇතිවූ විට මෙම කොළ යොදා සෑදූ කැඳ පානය කිරීම ගුණදායක ය.
උපුටා ගැනීම අපේ ඔසු blogspot
මෙය ඇලෙන සුළු තියුණු කටු සහිත කුඩා පඳුරුමය ශාකයකි. සෙ.මි 20-40 පමණ උසට වැඩේ. පොළවට සමාන්තරව වැඩෙන ශඛාවල දීප්තිමත් කහ පැහැයෙන් යුතු තියුණු...
ඇත්අඩි පොළවෙන් සෙ.මි 10-15 පමණ උසට වර්ධනය වන කුඩා දේශීය පැළෑටියකි. කඳට තදින් ඇලුනු සුදු පැති දෘඩ රෝම පවතී. පස තදින්...
බුළු මීටර් 20 දක්වා ඉහලට වර්ධනය වන විශාල කඳක් සහිත දේශීය ශාකයකි. ළපටි ශාඛා සියුම් බූවක් සහිත වන අතර පරිනතියත් සමග...
යුරෝපය සහ ඉරානය නිජබිම ලෙස සැලකෙන අරූද ශාකය ඉන්දියාවෙන් ලංකාවට හඳුන්වා දෙන ලද ඖෂධ පැළෑටියකි. මෙය දකුණු ඉන්දියානු සිද්ධ වෛද්‍ය ක්‍රමය හා...
අපේ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය ආසියාකරයේ බොහෝ ප්‍රායෝගික වෛද්‍ය විද්‍යා දැනුමද රැගෙන අත්හදා බලා තවදුරටත් පෝෂණය කොට ගත්තක්. ඒ නිසා ඕනෑම රෝගයකට...
ආඩතෝඩා, වං ඇපල, අගල්ආධාර යන නම්වලින්ද හඳුන්වන පාවට්ටා මීටර් 4 ක් දක්වා උසට වැඩෙන දේශීය බහු වාර්ෂික පඳුරු ශාකයකි. මෙම ශාකයට...