අංකෙන්ද (Acronychia pedunculata)
අංකෙන්ද සිනිඳු පොත්තක් සහිත මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. ළපටි ශාඛා සිනිඳු හෝ මඳ බූවක් සහිත ය. සරල පත්‍ර දිළිසෙන සුලුය. පත්‍ර තලය ඉලිප්සාකාර සිට උප ආයත හෝ උප ආයත අණ්ඩාකාර වේ. අංකෙන්ද කොළ අඹ කොළවලට තරමක් සමාන සුවඳකින් යුක්ත ය. පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ පැහැයට හුරු සුදු පාටකි. මල් හට ගැනීම පෙබරවාරි සිට අප්‍රේල් දක්වා ලෙස සඳහන්ව තිබුන ද, මහනුවර ප්‍රදේශයේ මැයි ජූනි මාසවල ද මල් දැකගත හැකි විය. කහ පැහැයට හුරු ක්‍රීම් පැහැයකින් යුතු ඵලය නෙපෙැලෙන ගෝලාකාර අෂ්ටිලයකි. අංකෙන්ද Rutaceae කුලයට අයත් ශාකයකි.
කැඩුම් බිඳුම්, උපතින් ඇතිවන අස්ථි ආබාධ, ඉදිමුම්, ආමවාතය නිසා ඇති වන සන්දි ඉදිමුම්, තැලීම්, ළදරු රත රෝගය (රත ගාය) ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී අංකෙන්ද කොළ, පොතු, මුල් ආදිය යොදා ගනී. ආමවාතය (ආතරයිට්ස්) නිසා ඇතිවන ඉඳුමුම් සඳහා අංකෙන්ද කොළ පොතු භාවිතාකර සාදාගත් පත්තුව ආලේප කරයි. දරුණු තැලීම් ආදිය සිදුවූ විට අංකෙන්ද කැඳ පානය නිර්දේශ කර ඇත. අංකෙන්ද ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන, වණ රොපණය කරන ආදී ගුණ සහිතයි.
කිතුල් කර්මාන්තයෙදී තෙලිජ්ජ පැසී රා බවට පත්වීම වැලැක්වීමට කොළ ද, පැණි උකු බවට පත්ව වඩාත් ඉක්මනින් ඝන වී වැලි හකුරු බවට පත්වීමට අංකෙන්ද පොතු ද යොදා ගැනේ. ගවයින්ට වැලඳෙන ගෙඩි, තුවාල, ඉඳිමුම් චර්ම රෝග හා කුර ලෙඩ ආදියේ දී කොහොඹ තෙල් හා දෙල් කිරි ආදිය සමඟ අංකෙන්ද ගසේ කොටස් තලා මිරිකා ගත් යුෂ ඔසු වශයෙන් භාවිතා කරන බව සඳහන් වේ.
උපුටා ගැනීම අපේ ඔසු blogspot
අංකෙන්ද සිනිඳු පොත්තක් සහිත මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. ළපටි ශාඛා සිනිඳු හෝ මඳ බූවක් සහිත ය. සරල පත්‍ර දිළිසෙන සුලුය. පත්‍ර තලය...
ඇත්අඩි පොළවෙන් සෙ.මි 10-15 පමණ උසට වර්ධනය වන කුඩා දේශීය පැළෑටියකි. කඳට තදින් ඇලුනු සුදු පැති දෘඩ රෝම පවතී. පස තදින්...
ඉඟුරු භූගත කඳක් හෙවත් රෛසෝමයක් සහිත බහු වාර්ෂික පැළෑටියකි. පත්‍ර නටු එකතු වී සෑදෙන ව්‍යාජ කඳ සෙ.මි. 50 දක්වා උසට වැඩේ....
අසමෝදගම් සෙ.මි 70 දක්වා උසට වැඩෙන බොහෝ අත බෙදීගිය වාර්ෂික පැලෑටියකි. ඒකාන්තරව පිහිටන පත්‍ර ත්‍රි පක්ෂවත් හෝ ඒක-දීවී පක්ෂවත්ය. මෙහි පත්‍ර වලින් සුඳක්...
බුළු මීටර් 20 දක්වා ඉහලට වර්ධනය වන විශාල කඳක් සහිත දේශීය ශාකයකි. ළපටි ශාඛා සියුම් බූවක් සහිත වන අතර පරිනතියත් සමග...
යුරෝපය සහ ඉරානය නිජබිම ලෙස සැලකෙන අරූද ශාකය ඉන්දියාවෙන් ලංකාවට හඳුන්වා දෙන ලද ඖෂධ පැළෑටියකි. මෙය දකුණු ඉන්දියානු සිද්ධ වෛද්‍ය ක්‍රමය හා...