අරළු [Terminalia Chebula]
අරළු මීටර් 30 ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකකි. කහ හෝ කහ - දුඹුරු පැහැති සිනිඳු බූවකින් යුත් ළපටි අතු පහතට එල්ලෙන සුලු ය. සම්මුඛ හො උප සම්මුඛ ආකාරයෙන් පිහිටන සරල පත්‍රයක් සෙ.මි 11 පමණ දිගට වර්ධනය වේ. පත්‍ර හැඩය අණ්ඩාකාර හෝ අණ්ඩාකාර - ලන්සාකාර සිට පළල් ඉලිප්සාකාර ආකාරයකි. මෘදු සිනිඳු හෝ දැඩි බූවක් පිහිටයි. කක්ෂීය හෝ අග්‍රස්ථීය ශුකිවල හට ගන්නා ද්වීලිංගික පුෂ්ප සුදු පැහැතිය. එලය පළල් ඉලිප්සාකාර සිට උප ගෝලාකාරය. අපැහැදිළි මියර 5-10 සංඛාවක් පිහිටයි. ආයුර්වේද සහ දේශීය වෙදකමේදී ඉහල වටිනාකමක් ගන්නා අරලු ශාකය Combretaceae කුලයට අයත් ය.
වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල අරළු ගෙඩියෙහි හැඩය ප්‍රමාණය ආදිය මත ප්‍රභේද ආකාර කිහිපයක් දක්වා ඇත. එක් වර්ගීකරණයකට අනුව අරළු ප්‍රභේද 7කි. විජයා නම් ප්‍රභේදය ලබු ගෙඩියක් වැනි වන අතර රෝහිණී නම් ප්‍රභේදය ගෝලාකාරය. පූතනා ප්‍රභේදය කුඩා වන අතර බීජය ප්‍රමාණයෙන් විශාලය. එහෙත් මාංසල බව අඩුය. අමෘතා ප්‍රභේදය මාංසලය සහ විශාල වන අතර ඇටය කුඩාය. අභයා ප්‍රභේදයේ ගෙඩියෙහි පැහැදිළි රේඛා 5කි. වේතකී ප්‍රභේදයේ සුදු කළු වශයෙන් වර්ග දෙකක් දක්වා ඇති අතර ගෙඩියෙහි රේඛා 3කි. ජීවන්ති නම් ප්‍රභේදය රන්වන් පාටය. චූර්ණය රන්වන් පාටට හුරු කහපාටක් වන මෙම වර්ගය ඖෂධ සඳහා විශේෂයෙන් සුදුසු යැයි සඳහන්. මේ හැර කුඩා අරළු, කහ අරළු, මහ අරළු යැයි තවත් වර්ගීකරණයක් ඇත.
හරිතකී, අභයා, පථ්‍යා, අමෘතා, ජයා, විජයා ආදී පර්යාය නාම රාශියකින් හඳුන්වනු ලබන අරළු ත්‍රිපලා නම් ඖෂධයේ ප්‍රධාන සංඝටක තුනෙන් එකකි. අර්ශස්, මලබද්ධය, දත්මුල් දියවීම, විදුරුමසින් ලේ ගැලීම, බඩපිපුම, ගුල්මය, උදරාබාධ, ග්‍රහණි, රත්පිත් ආදී රෝග රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමේදී අරළු භාවිතා කරයි. වියළා ඇට ඉවත් කළ අරළු ගෙඩියේ පිට ලෙල්ල, අරළු ඇට මඳ, පොතු, ගැට අරළු (ළපටි අරළු ගෙඩි) ආදිය ඔසු පිණිස ගනී. බෙහෙත් වට්ටෝරුවල ගසේ පොතු හෝ අරළු ඇට මඳ යනුවෙන් සඳහන් නොවූ විට අරළු ගෙඩියම ඖෂධ සඳහා භාවිතා කළ යුතු බව සඳහන්.
සෙම් ප්‍රභල අවස්ථාවලදී සවින්ද ලවණ සමග ද, පිත් ප්‍රභල අවස්ථාවලදී ශර්කරා (සීනි) සහ සූකිරි සමඟ ද, වාත ප්‍රභල අවස්ථාවලදී ගිතෙල් සමඟ ද, තුන් දොසින් උපන් රෝගවලට ගූඩ සමඟ ද අරළු යෙදිය යුතු බව දක්වා ඇත. අරළු ගෙඩි හෝ පොතු චූර්ණ කර සාදා ගන්නා ලේපය ඉඳිමුම් සහ වේදනාව නසන, වණ ශෝධන සහ රෝපණ ගුණයෙන් යුතු නිසා ගෙඩි පැසවීමට ගන්නා බාහිර ආලේප සඳහා යෙදේ. දත්මුල් දියවීමට සහ විදුරුමසින් ලේ ගැලීමට අරළු කෂායෙන් කට සේදීම හා අරළු යන්තම් රත්කර සියුම්ව චූර්ණය කර දත් මැදීම ප්‍රත්‍යයක්ෂ ප්‍රතිකාරයකි. අරළු ඇසට හිතකරය. අරළු සෝදා පිරිසිදු ලෙස තම්බා පෙරා ගත් ජලය ඇස සේදීම සඳහා අගනා ඖෂධයකි. වමනයට අරළු මී පැණි යෝගය, මලබද්ධයට අරළු චූර්ණය, අර්ශස් රෝගයට අරළු කසාය හෝ අරළු, ගුඬ (උක් හකුරු) සමඟ වැළදීමෙන් සුවය ගෙනෙයි. අරළු ගිතෙලින් බැද එම ගිතෙල් පානය හා එම බැදගත් අරළු චූර්ණ කර භාවිතා කිරීම රසායන ප්‍රතිකාරයකි. මෙවැනි ඖෂධීය භාවිතාවන් රාශියක් සහිත අරළු මුත්‍ර කාරක, ඉදිමුම් නසන, වේදනා නසන, පණුවන් නසන, වණ ශෝධනය හා රෝපණය කරන රසායන ආදී ගුණයන් රාශියකින් යුක්ත ය.
(වියළි අරළු)
උපුටා ගැනීම
අපේ ඔසු පැල blogspot
අවර, වැල් අවර සහ ගස් අවර යනුවෙන් දෙවර්ගයකි. වැල් අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට...
අත්තන මීටරයක් පමණ උසට වර්ධනය වන කුඩා බහුවාර්ෂික ශාකයකි. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර දිග සෙ.මි. 15 ක් සහ පළල සෙ.මි. දක්වා වර්ධනය...
ඇඹුල් පලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය පොළොව මතුපිට හෝ පස් යට දුවන හීන් කඳක් සහිත බහු වාර්ෂික ශාකයකි. කඳේ ඇති...
අපේ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය ආසියාකරයේ බොහෝ ප්‍රායෝගික වෛද්‍ය විද්‍යා දැනුමද රැගෙන අත්හදා බලා තවදුරටත් පෝෂණය කොට ගත්තක්. ඒ නිසා ඕනෑම රෝගයකට...
වස විෂ නසයි හදවත සුරකියිපිළිකා නසයිතරබාරුව මට්‌ටු කරයිදියවැඩියාව පාලනය කරයිඋද්භිද විද්‍යාත්මකව Caryota urens ලෙස හැඳින් වෙන කිතුල් ගසෙන් වසර දෙ දහසකටත්...
Brassica ගණයට අයත් ශාක විශේෂ කීපයක් ඇත. ඒ අබ, කළු අබ, එළ අබ යන ඒවායි. අබ අතු ඉති විහිදුවමින් අඩි 2-4 දක්වා...