සන්ධි වේදනාවට ගුණ දෙන නීරක්තිය නැති කරන කවුපි

සන්ධි වේදනාවට ගුණ දෙන නීරක්තිය නැති කරන කවුපි

ඖෂධීය වටිනාකම

රෝග නිවාරණ ශක්තිය ලබාදෙන අතර ප්‍රතිශක්තිය වැඩි කරයි. ශරිරයේ ඉදිමුම නැති කරයි. ප්‍රදාහ තත්ත්ව දුරලයි. සමේ කැසීම, පලු දැමීම, බිබිලි මතුවීම නැතිකර ලේ පිරිසුදු කරයි. මල බද්ධය හා අර්ශස් රෝගයට ගුණදායකයි. කෑම රුචිය වඩයි. බඩ දැවිල්ල නැති කරයි. 

පපුවෙ වේදනා නැති කරයි. බඩගින්න ඇති කරයි. ස්ත්‍රීන්ගේ මාසික වේදනා දුරු කරයි. එසේම හොඳින් රුධිරය පිට කිරීම සිදු කරයි. ප්ලීහාව, අක්මාව, අගන්‍යාසය වැනි ග්‍රන්ථින් හොඳින් ආරක්ෂා කරයි. මුත්‍රා පිට කිරීම පහසු කරයි. සර්ප විෂට ගුණ ඖෂධ සාදා ගැනීමට උපකාර වේ. 

මතක ශක්තිය වැඩි කරයි. අපස්මාරයට ගුණ දේ. ශරීරයේ කැක්කුම් වේදනා නැති කරයි. විශේෂයෙන් කොන්දෙ වේදනා, හිස කැක්කුම සහ අතපය වේදනාවලට සන්ධි වේදනාවලට ද ගුණ දෙයි.

ලේ වඩන ගුණ ඇත. නීරක්තතාවය නැති කරයි. කොලෙස්ටරෝල් ඇතිවීම වළකයි. එනම් අනවශ්‍ය මේද තැන්පත් වීමක් සිදු නොවේ. ඇස් පෙනීම හා රෝග නිවාරණ ශක්තිය ලබා දේ.

කුඩා ළමුන්ගේ පෝෂණයට

මනා පෝෂණීයත්වයකින් පරිපූර්ණ කව්පි කුඩා ළමුන්ගේ අවධානය ලබා ගැනීමට මව්වරු ඛෙහෙවින් උනන්දු වේ. ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ වලින් පිරි ඇති නිසා ඔවුන්ගේ වර්ධන වේගය ඉහළ නැංවිය හැකියි. මන්දපෝෂණ තත්ත්වය මඟහරවාලිය හැකි කව්පි කුඩා ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා සුදුසු යැයි කිව හැකියි.

ගෘහණියකගේ හිතවතා

කව්පි උදෑසන ආහාරවේලට ප්‍රධානවම සම්බන්ධ වුවත් දිවා, රාත්‍රී ආහාරවේල්වලදී ව්‍යංජනයක් ලෙස ගන්නා අවස්ථා ඇත. පරිප්පු මෙන් කව්පි කිරි දමා ව්‍යංජන ආකාරයෙන් සකසා ආහාරයට පිළිගැන්විය හැකියි. ඉතාමත්ම කටට රසවත් මෙන්ම සිරුරට ගුණයක් ද මින් ලබාගත හැකියි.

ඔබගේ දැනගැනීමට

ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල හොඳින් වැඩේ. ලතින් ඇමෙරිකාව ද ආසියාතික රටවලත් කව්පි වගා කළ හැකියි. දිරවීමේ පහසුව නිසා කුඩා ළමුන්ට යෝග්‍ය වේ. දිරවීමේ අපහසුතා ඇති අය කව්පි අවම වශයෙන් ආහාරයට ගත්තත් එහි පවතින ගුණයෙන් සිරුරට හානි කර නොවේ. ඒ නිසා දිරවීමේ අපහසුතා ඇති වැඩිහිටි අයට නිතර ආහාරයට ගැනීම සුදුසු නොවුවත් ඉඳහිට හෝ ආහාරයට එක් කරගත හැකි පොෂණයෙන් සපිරි ධාන්‍ය වර්ගයකි.

ස්වර්ණා ආරියවංශ

උපුටා ගැනීම දිනමිණ පුවත් පත

Share This Article

කෝමාරිකා

කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක් වශයෙන්ද භාවිත කළ හැකි වන අතර අතීතයේදී කුමාරිකාවන්ගේ රුව වැඩීමට බහුලව භාවිත කළ ඖෂධයක් වන...

අජීර්ණයට ඉරිවේරියා හොඳ ඖෂධයක්

ඕනෑම කෙනකුට ආහාර අජීර්ණ වීම නිසා හදිසියේ කිහිප වරක්ම බඩ බූරුල් කර යාම සිදුවෙයි. ඒ වගේම දරුවන්ටද කිරි සහ ආහාර අජීර්ණවීම...

පිළිකා නසන්න අඹවලට පුළුවන්

ලෝකයේ කොයි තරම් පලතුරු තිබුණත් ඒ සෑම පලතුරක් අතර ප්‍රමුඛතම පලතුර මොකක්ද ඇහුවොත් පිළිතුර තමයි අඹ. අඹ පලතුර ඒ තරමටම අප...

පීනසට දිව ඔසුවක් වූ ගොටුකොළ

පෝෂණ පදාර්ථ බොහෝ සෙයින් ඇති ගොටුකොළ අප ජීවිත හා බද්ධව සිටිනුයේ නැතිවම බැරි පලා වර්ගයක් ලෙසයි. ඉතාමත් අලංකාරව හැඩයට වැවෙන මෙය...

ඔසප් රෝගවලට ගුණ ගම්මිරිස්

ගම්මිරිස් වතු වගාවක් ලෙස ජනප්‍රියයි. පොල් වතුවල අතුරු බෝගයක් ලෙස ගම්මිරිස් වගාකළ හැකියි. පොහොර හොඳින් යෙදූ විට හොඳින් වැවීම සිදුවෙයි. ගම්මිරිස්...

අපි නොදන්න තැඹිලි ගුණ!

ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා ගුණ ගණනාවක්ම තියෙනවා. මාස 7ක් 8ක් පුරා ජෛව පිරිසුදුවීමේ ක්‍රියාවලියකට ලක්වෙමින් නිපදවෙන තැඹිලි වතුර...