රතු බිත්තර සුදු බිත්තර වලට වඩා ගුණද?
ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙළන අයට ඒ සඳහා ඉතා පහසුවෙන්ම ලබාදිය හැකි පෝෂ්‍යදායී ආහාරයක් ලෙස නිර්දේශ කරන්නේ බිත්තරය. එහිදී කිකිලි බිත්තර ඉතා පහසුවෙන් ලබාගත හැකි නිසා එම බිත්තරයක් ආහාරවේලට එක්කර ගන්නා ලෙස මන්ද පෝෂණය ප්‍රෝටීන් ඌණතාවය වැනි පෝෂණ ඌණතාවලින් පෙළෙන දරුවන්ට, ගැබිනි මව්වරුන්ට වෛද්‍යවරු උපදෙස් දෙති. බිත්තරවල බහුලව ඇත්තේ ප්‍රෝටීන්ය. එමගින් ශරීරයේ වර්ධනය ඇති කරයි. එනිසා බිත්තර ශරීර වර්ධක ආහාරයක් ලෙස සලකයි. බිත්තර වෙනුවට ආදේශක ආහාරයක් ලෙස මස්, මාළු, රනිල වර්ගයේ ආහාර වන කඩල, කවුපි, මුං ඇට, සෝයා බෝංචි දඹල ආදිය ගත හැකිය.
සත්වමය ප්‍රෝටීන්වල ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව ඇත. ශාක්‍යමය ප්‍රෝටීන්වල අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල බහුලය. බිත්තරවල පැහැය අනුව එහි පෝෂණ ගුණය වෙනස් නොවේ. එනිසා කටුව රතු පැහැති බිත්තර ගුණයෙන් වැඩි බවත් කටුව සුදු පැහැති බිත්තර ගුණයෙන් අඩු බවත් ඇතැම් දෙනා පවසති. ඒ අනුව බිත්තරවල මිලද වෙනස් කරති. එසේම ගම් බිත්තර ෆාම් බිත්තර ලෙස වර්ග කරමින් ගම් බිත්තරවල පෝෂ්‍යගුණය වැඩියැයි පවසමින් එහි මිල අනෙක් බිත්තරවලට වඩා වැඩි මිලකට අලෙවි කරති. ගම් බිත්තරවල සහ ෆාම් බිත්තරවල වෙනස ඇත්තේ බිත්තරයේ වර්ණය කහමදයේ තද පැහැති බව සහ රසය පමණි. පෝෂණයෙහි අගය එක සමානය.
එනිසා කිකිලි බිත්තරක් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ එහි පැහැය හෝ වර්ගය ගැන නොව ඒවා ආහාරයට ගැනීමට නුසුදුසු මට්ටමේ පවතිනවාද පළුදුවී ඇතිද කියා පමණි. සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීමට දිනකට එක් කිකිලි බිත්තරයක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය.
උපුටා ගැනීම දිවයින
ආහාරවලින් අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම හිසකෙස් ගැලවී යෑමට හේතුවන බව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙනවා. ඒ විතරක්ම නෙවෙයි, හොඳින් කෙස් වඩවා ගෙන...
කොළ කැඳ නම ඇසූ පමණින්ම ඔබට අමතක කරන්නට බැරි කොළ වර්ගයක් සිහියට නැගෙනවා නොඅනූමානයි. ඒ රණවරා ශාකයයි. එය, ඒ තරමටම රසවත්...
පාචනයට සහ තයිරොක්සීන් ඌනතාවටහැමදාම උදේට පොල් ගෙඩිය බිඳලා කානුවට හලන පොල් වතුර ගැන අපි නොදන්න කතා හුඟක් තිබෙනවා. පොල් වතුර කියන්නේ...
මිදි කියන වචනය ඇහුණත් සමහරු හරි ම බයයි. ඒකට හේතුව, කාලාන්තරයක් තියාගත හැකි පරිදි බෙහෙත් දමනවා කියන බිය නිසයි. එහෙත් නැවුම්...
මෑත කාලයේ බොහෝ දෙනෙක් අසහනකාරී තත්ත්වයට පත් කරවන රෝගයක් ලෙස අර්ශස් රෝගය හඳුන්වන්නට පූළුවන්. ඒ තරම්ම අද අර්ශස් රෝගය නිසා වේදනා...
ඇතැම් එළවළු සහ පළතුරු ආහාරමය මෙන්ම ඖෂධීය ගුණයෙන් යූක්තවන අතර, තවත් එළවළු සහ පළතුරු ආහාරමය ගුණය පමණය. ඖෂධීය ගුණය පමණක් තිබෙන...