Biz Log
Classifields
Biz Log
Classifields

බඩේ තුවාල සූවකරන බණ්ඩක්කා

බණ්ඩක්කා අපේ රටෙි නැත්නම් ලංකාවේ ගමේ ගොඩෙන් නගරයේත් හොඳ ජනප්‍රිය කෑමක්. ඒත් බණ්ඩක්කා කියන්නේ ලෝකයම දන්න ගුණදායක ඖෂධීය ආහාරයක්. මේ පිළිබඳව පසූගිය දිනක ජර්මනියේ ඩෙස්ල්ඩොෆ් සරසවියේ පර්යේෂණ විද්‍යාඥයකු වන ඇන්ඩ්‍රියාස් හෙක්සල් සිදුකරනූ ලැබූ පර්යේෂණයකින් පෙනී ගියේ ආමාශයේ ඇතිවන වන සූව කිරීමට බණ්ඩක්කාවලට හැකියාවක් තිබෙන බවයි. සාමාන්‍යයෙන් ආමාශයික වන ඇති කරන්නේ හෙලිකොබැක්ටර් පයිලෝරි (helicobacter pylori)කියන බැක්ටීරියාවයි. මේ බැක්ටීරියාව ආමාශ බිත්තියට තිබෙන බැඳීම වලක්වන්න අමූ බණ්ඩක්කාවල තිබෙන සාරයට හැකියාව තිබෙන බව. මේ පරීකෂණවලින් හෙළිවූණා. මෙහිදී සිදුවන්නේ අමූ බණ්ඩක්කාවල අඩංගු සංකීර්ණ සීනි සහ ප්‍රෝටීන වර්ග, මේ බැක්ටීරියාවේ ක්‍රියාවලිය අඩපණ කිරීමයි. තවදුරටත් කළ පර්යේෂණවලින් පෙනී ගියේ බණ්ඩක්කා සාරය යෝගටි වැනි ආහාරවලට එකතු කිරීමෙන් බැක්ටීරියා ආසාදන වළක්වා ගතහැකි බවයි. කෙසේ වෙත්ත දේශීය වෛද්‍ය විද්‍යාවට අනූව බණ්ඩක්කා ආමාශ රෝග වළක්වන බව සොයා ගන්නේ අදින් වසර දහස් ගණනකට පෙරය.

Share This Article

දරුඵල නැති අයට ඉදුණූ අඹ හොඳයි

අඹ පලතුරක් වගේම බෝවන රෝග සඳහා විෂබීජ හරණයට අඹ කොළ එල්ලනවා ඔබ දන්නවනේ. අඹ කොළවලින් විෂබීජ හරණය වගේම පත්තිනි මෑණියන් ගේ...

සුවය දෙන කොහිල ගුණ

කටු පිටින් කොහිල පිස දීමෙන් කුකුල් කේන්තිකාරයන්ගේ කෝපය පහව යතැයි පැරැන්නන් සරදමට කී කතාවක් ඇත. ආයුර්වේදී වෛද්‍ය විද්‍යාවට අනුව නම් "කොහිල" දිව්‍ය...

පස්ගෝරස

කිරි, දී කිරි, මෝරු, එඬරු, ගිතෙල් යන ඔෟෂධයන් පස්ගෝරස ලෙස හැඳින්වෙයි. එය එකිනෙකට ගුණයෙන් වෙනස්වන අවස්ථාද දැකිය හැකිය.1. කිරිගවයාගෙන් ලබාගන්න කිරි...

පියයුරු පිළිකා අවදානම නසන මුළුතැන්ගෙයි රසවතා

දෙවියන්ට අමෘතය කෙතරම් වටින්නේද ඒ තරමටම මනුෂ්‍යයන්ට ලැබිය හැකි උතුම්ම ඔෟෂධය සුදුලූනු බව හින්දු ඇදහීමයි. සෙම සමනය වනවා වගේම පිත වර්ධනය...

ගොටුකොළ කෑමෙන් හම පැහැපත් වෙනවා

මුකුණුවැන්න ඇස්වල පෙනීම දියුණු කරයි. ඇසේ සුද ඇති අයට ගුණදායක කෙදි සහිත බැවින් මළබද්ධය නැති කරයි. ලේ පිරිසිදු කරයි. ලේ වැඩීම සිදුකරයි....

ඔසප් රෝගවලට ගුණ ගම්මිරිස්

ගම්මිරිස් වතු වගාවක් ලෙස ජනප්‍රියයි. පොල් වතුවල අතුරු බෝගයක් ලෙස ගම්මිරිස් වගාකළ හැකියි. පොහොර හොඳින් යෙදූ විට හොඳින් වැවීම සිදුවෙයි. ගම්මිරිස්...