Biz Log
Classifields
Biz Log
Classifields

කරවිල තිත්තයි ඒත් ගුණයි.

කරවිල තිත්තයි ඒත් ගුණයි.

ඇතැම් එළවළු සහ පළතුරු ආහාරමය මෙන්ම ඖෂධීය ගුණයෙන් යූක්තවන අතර, තවත් එළවළු සහ පළතුරු ආහාරමය ගුණය පමණය. ඖෂධීය ගුණය පමණක් තිබෙන එළවළු සහ පළතුරුද ඇත. කරවිල ගැන මේ කාලයේ ලොකු මිථ්‍යා මතයක් පැතිරෙයි. එනම් එය දියවැඩියාවට ඉතාම හොඳ ඖෂධයක් බවයි. ඒත් ඔබ කවදාකවත් කසායක හෝ ආයූර්වේද බෙහෙත් වටිටෝරුවක එය දැක තිබෙනවාද. කරවිල මූල්, වැල් හෝ කොළ කිසිම දිනෙක ආයූර්වේද කසායක අඩංගු නැත. ආයූර්වේද වෛද්‍ය පොත පතේ කරවිල දියවැඩියාව සඳහා යොදාගෙන ඇති බවක් සටහන්ව නැත. කරවිලවල ඇති තිත්ත රසය නිසා එය සීනිවලට විරුද්ධව ක්‍රියා කරනූ ඇතැයි අප සමාජය පිළිගෙන ඇති සැටියක් පෙනේ. සැබැවින්ම ආයූර්වේදයේ ඇති පත්‍ය - අපත්‍ය (හොඳ නරක) ආහාර කොටස් දෙකෙන් කරවිල පත්‍ය ආහාරයකි. සැබැවින්ම එය ආහාරයක් ලෙසින් ඉතාම හොඳය. එහෙත් එය ඖෂධයක් නොවන්නේය. ඒ නිසා කරවිල ගෙඩි මිරිකා බීම දියවැඩියාව සඳහා කිසිඳු ඵලක් නැත.

මෙහිදී ඔබ විශේෂයෙන්ම මතක තබාගත යූත්තේ කරවිල කරවිල මිරිකා බීම අක්මාවට හොඳ නැති බවයි. මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ පරීකෂණ කණ්ඩායමක් විසින්ද පරීකෂණවලින් ඔප්පූකරගෙන ඇති සත්‍යයකි. තව ද මෙය දිනපතා ආහාරයට එක්කර ගැනීමද සූදුසූ නැත. එය කරවිලවලට පමණක් නොව ඕනෑම ආහාරයක් සඳහා ආයූර්වේදයේ ඇති පිළිගැනිමකි. එනම් එකම රස තිබෙන ආහාර දිගටම ගැනීම රෝග ඇති කරන බවත් නොයෙක් රසයෙන් යූත් ආහාර ගැනීමෙන් රෝග ඇති නොකරන බවත් එහිදී පෙන්වා දෙයි.

කරවිලවල මාංශ ජනක ගුණය වැඩිය. එනම් ප්‍රෝටීන් වැඩිය. කරවිල ප්‍රෝටීන් බහූල ශක්ති ජනක ආහාරයකි. කරවිල කන එක මස් ආහාරයට ගන්නවා වැනි යයි ගැමියෝ පවසන්නේ ද එනිසාවෙන් වීමට පූළුවන. කරවිල ඇඟට ශීතලය. එහෙත් මලබද්ධය ඇතිකරයි. ආහාර රුචිය වැඩි කරන අතරම වාත දෝෂය කෝප කරන්නේ නැත. වේදනාව, හන්දි කැක්කුම තිබූණාට කරවිල ආහාරයට ගැනීම සූූදුසූය. තවද සෙමට යෝග්‍ය අතර රක්ත පිත රෝගයට ගුණය. කැස්සට මෙන්ම ලේ නැති කමටත්, ප්‍රමේහ රෝගවලටත් ප්‍රත්‍ය ආහාරයකි. තව ද පණූ රෝගවලට ගුණ අතර කැල්සියම්, යකඩ, සින්ක්, පොටෑසියම්, විටමින් A, විටමින් C අඩංගුය.

ආයූර්වේද විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ඩී. එච්. තෙන්නකෝන්

Share This Article

එළබටුවලින් හදන ආයුර්වේද දුම්වැටිය

අද භාවිතයට ගැනෙන බොහෝ ආහාරපාන වර්ග නිසා ගොඩක් දෙනෙක් මුඛය ආශ්‍රිතව හටගන්නා රෝග පීඩාවන්ගෙන් දුක් විඳිනවා. විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා...

නින්දට බාධා කරන ආහාර

ඔබ ගන්නා ආහාරවල පෝෂණීය බව පමණක් නොව ඒවා ගන්නා අවස්ථාව අනුවත් එහි ගුණාත්මක තත්ත්වයේ වෙනසක් ඇති විය හැකියි. විශේෂයෙන්ම රාත්‍රියෙදී ගන්නා ඇතැම් ආහාර...

සුදුලූනු

මේද දහනය කිරීමේ විශේෂ හැකියාවසුදුලූනු ලෝකයේ මෙතෙක් පහළ වූ බොහෝ දෑ අතුරින් ආහාරය පිණිස ඇති වටිනාම ද්‍රව්‍යයක් ලෙස හැඳින්විය හැකියි. සුදුලූනු,...

දරු පල ලැබ ගන්න මහානර්ඝ ඖෂධයක්‌ මෙන්න

දරු සම්පත් අහිමිවීම පිළිබඳව කාන්තාවනට පමණක්‌ වරද පැටවීම සාධාරණ නැත. ස්‌ත්‍රී -පුරුෂ දෙදෙනාගේම කායික හා මානසික දුබලතාද දරුඵල අහිමිවීමට හේතුයි. දරු...

උෂ්ණ රෝගවලට සුවය දෙන මුරුංගා

මුරුංගා ශාකය ලංකාවේ සෑම පළාතකම බහුලව දකින්න ලැබෙනවා. ගම්බදව, වතු අලංකරණය පිණිසත්, ඔෟෂධ වටිනාකමක් තිබෙන ශාකයක් විදියටත්, රසවත් ආහාරයක් ලෙසත් විවිධ...

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන තල

තල කිව්වාම අපට මතක් වෙන්නෙ තල ගුලි, තල කැරලි යන රස කැවිලියි. තේ වේලකට හෝ කෑමකින් පසුව නිවසේදී පමණක් නොව කාර්යාලයේදී...