Biz Log
Classifields
Biz Log
Classifields

සිරුර පැහැපත් කරන රණවරා

සිරුර පැහැපත් කරන රණවරා

කොළ කැඳ නම ඇසූ පමණින්ම ඔබට අමතක කරන්නට බැරි කොළ වර්ගයක් සිහියට නැගෙනවා නොඅනූමානයි. ඒ රණවරා ශාකයයි. එය, ඒ තරමටම රසවත් හා ගුණවත් බවින් පිරි නිසාවෙනි. එය අප ආහාරයක් ලෙස පිළියෙල කළත් එහි තිබෙන ඖෂධ ගුණයේ වටිනාකම පිළිබඳවත් දැනූවත් විය යූතු නිසා අපි මේ ලිපියෙන් රණවරා ශාකයේ වගතුග දැනගනිමූ.

රණවරා ශාකය දේශීය ආයූර්වේදයේ ඉතා වටිනා ඖෂධයක් හැටියට හඳුන්වා දීමට හැක. ශිම්භි කුලයට අයත් මෙම ශාකය ඉන්දියාව කුජරාක් ප්‍රාන්තයේ, රාජස්ථාන්, ශ්‍රී ලංකාව වැනි රටවල වියළි ප්‍රදේශවල වැවේ. එකට එක්වූණූ සංවෘත්ත පත්‍රවලින් හෙබි රණවරා ශාකය විශේෂ ලකෂණයක් ලෙස පෙන්වා දිය හැක්කේ පත්‍ර කන්පෙති හැඩැති වීමයි. පූරාණයේ සිට ඖෂධ ලෙසටත්, ඖෂධීය පානයක් හැටියටත් යොදාගෙන ඇත. රණවරා ශාකයේ කඳ, මූල්, මල්, පොතු, කොළ, ඇට සහ ශාකයේ සියලුම අංග ප්‍රයෝජනය සඳහා යොදාගනී.

රණවරා කැඳ ඉතා රසවත් පානයකි. එයින් ඔබට අවශ්‍ය පෝෂණ ගුණය ලබාගත හැකි අතර අප එතරම් ප්‍රිය නොකළත් රණවරා මල් ද ඉතා ගුණවත් ඖෂධ පානයකි. පැරණි අපේ වැඩිහිටි උදවිය තේ වෙනූවට රණවරා මල් තම්බා පානය කළේ එහි තිබෙන ගුණය නිසාමය. එහි සිරුර සිසිල් කර විඩාබර බව දුරු කිරීමට හා සිරුර පැහැපත් කිරීමේ ගුණය ඇති හෙයිනි.

  • සිංහල ආයූර්වේදයේ රණවරා පිත, සෙම සමනය කරයි. රත්ත පිත සමනය කරයි.
  • බඩවැල්වල රුධිරය ගලන අවස්ථාවලදී ද ගුණ ලබාදෙයි.
  • පිරිමින්ගේ ශුක්‍ර වර්ධනයට උපකාරීවන මෙය සිරුරේ දද, කුෂ්ඨ, පණූ රෝග, මූත්‍රා රෝග ආදියට ද ගුණදායක ඔසූවකි.
  • රණවරා ශාකය දියවැඩියා රෝගීන්ට යොදාගනූ ලබන ඖෂධ සඳහා භාවිත කරන අතර සිරුර ඉදිමූණූ අවස්ථාවලදී ද යොදාගැනේ.
  • සිරුරේ තුවාල සඳහා යොදාගනූ ලබන තෙල් සඳහාත් මූඛයේ හටගෙන තිබෙන තුවාල සූවකිරීම සඳහාත් යොදාගනී.
  • ලස්සන රුවකට උරුමකම් කීමට ඔබ කැමති නම් මෙය ඉතා හොඳ ස්වභාවික රූපලාවන්‍ය ඔසූවක් හැටියටත් පෙන්වා දිය හැක. මෙයින් සිරුර පැහැපත්වීම හා රුධිරය පිරිසිදු කිරීමේ ගුණය හිමිවී තිබෙන නිසාය.
  • රණවරා ශාකයේ ඇට වියළා කුඩූකර කෝපි මෙන් සාදා පානය කිරීමෙන් හෘද රෝගීන්ට සහ කැරකැවිල්ල සෑදෙන රෝගීන්ට මාහැඟි ඔසූවකි.

Share This Article

නියපොතු නිරෝගී කරන ආහාර

විලාසිතා ගැන සිතන ඔබ නිය පෙළේ සුන්දරත්වය ගැනත් වැඩි උනන්දුවක් දක්වනවා. ඒත් ඔබේ සිරුරේ නිරෝගී බවත් පිරිපුන් නිය පෙළකින් දිස්වන බව...

කළු චොක්ලට් පෙත්ත පාකින්සන් ඈතට පන්නයි

චොක්ලට් හෝ චොක්ලට් ආහාර, ආහාරයට ගැනීමෙන් පාකින්සන් රෝග ලක්ෂණ අඩු වෙතැයි ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පිරිසක් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත....

බෙලි රසයි ගුණ ඉහළයි

මිහිරිතම රසයකින් අනූන නොවුවද බෙලි පෝෂණීය මෙන්ම ඔෟෂධීය ගුණයෙන්ද පිරි කදිම පලතුරකි. තද රසයක් නැති අමුතු රසක් ඇති බෙලි ක්‍රීම්වලට ඇතැමුන්...

වේදනාකාරී ගැස්ට්‍රයිටිස් සුවකරන මෙම ආහාර ගැන ඔබ දැනුවත්ද?

වයස් භේදයක් නැතුව අද බොහෝදෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙන රෝගී තත්වයක් තමයි ගැස්ට්‍රයිටිස් කියන්නෙ. දවසේ ඕනම වෙලාවක ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන උදර වේදනාව...

සන්ධි වේදනාවට ගුණ දෙන නීරක්තිය නැති කරන කවුපි

ඖෂධීය වටිනාකමරෝග නිවාරණ ශක්තිය ලබාදෙන අතර ප්‍රතිශක්තිය වැඩි කරයි. ශරිරයේ ඉදිමුම නැති කරයි. ප්‍රදාහ තත්ත්ව දුරලයි. සමේ කැසීම, පලු දැමීම, බිබිලි...

දිනකට පානය කළ යුතු ජලය කන්න හොඳ පලතුරු

පැණි රස වැඩිපුර කන්නෙ නැතිව පලතුරු කන්න කියලා අපට වෛද්‍යවරු උපදෙස්‌ දෙනවා. ඉතිං බොහෝ දෙනා වෙළෙඳ පොළට ගිහින් පිටරටින් එන ඇපල්,...