මිදි ගෙඩියේ ගුණයට සමාන ගුණයක් වෙරළුවලත් තිබෙනවා
වෙරළු ගැමි ජනතාව අතර ඉතා ප්‍රචලිත පලතුරකි. මෙම ශාකය පැරණි සෑම නිවසකම දෑකිය හැකිය. අද කාන්තාවන් මෙම පලතුරට එතරම් සැලකිල්ලක් නොදෑක්වූවත් පැරණි කාන්තාවෝ සහ ළමයි වෙරළු අච්චාරුවට ප්‍රිය කළහ. විශේෂයෙන්ම ගර්භනී සමයේදී මූල් මාස කිහිපයේ ඇතිවන කෑම අරුචිය නිසා වෙරළු අච්චාරු කෑමට ප්‍රිය කරයි. සැබවින්ම වෙරළු විටමින් සී වැඩිපූර අන්තර්ගත පලතුරක් මෙන්ම වෙරළු උෂ්ණ ගුණයද සහිත පලතුරකි. වෙරළු අම්ල ගුණය නිසා අමූවෙන් ආහාරයට ගැනීමෙන් උගුර අමාරු ඇතිවිය හැකි අතර අමූවෙන් අච්චාරු ලෙස ආහාරයට ගැනීමෙන් පිත, රුධිරය අපිරිසිදු වීම වගේම ශරීරයේ බිබිලි ඇතිවන්නටද පූළුවන. ආමාශ්‍රදාහය (ග්‍රැස්ට්‍රයිටිස්) ඇති පූද්ගලයින්ට වෙරළු ආහාරයට ගැනීම සූදුසූ නොවන බව මතකයේ තබාගත යූතුය. එහෙත් අමූ වෙරළු වලට කුසගින්න වර්ධනය කිරීමේ හැකියාව තිබෙන බව දන්නවාද? තව කරුණක් කිව යූතු වේ. එය නම් අපට නොමිලයේ සපයාගත හැකි වෙරළු ගෙඩිය අද සූපිරි වෙළෙඳ සල්වල පැකටි වශයෙන් හා ඇසූරුම් කළ බෝතල් වශයෙන් වෙරළු අච්චාරු ලෙසින් අලෙවියට තිබීමයි. එම අසූරන ලද බෝතල්වලට කල්තබා ගැනීමට යම් රසායනික ද්‍රව්‍ය අඩංගු කර තිබෙන්නට පූළුවන. මේ නිසා ඔබ මෙම පලතුර ආහාරයට ගන්නේ නම් ස්වාභාවික අන්දමින් ගැනීම සූදුසූය. හොඳින් පැසී ඉදුණූ වෙරළු වලට ශරීරයේ සෙම් ගතියද අඩූකිරීමේ හැකියාව තිබෙන බව ආයූර්වේදයේ සඳහන් වේ. ඔබට මූදල් වැය නොකර ලස්සන වන්නට හැකි බව දන්නවාද? වෙරළු කොළ හොඳ රූපලාවන්‍ය ඖෂධයකි. වෙරළු කොළ පංච කල්‍යාණියෙන් එක් අංගයක් වන කේශ කල්‍යාණියට ඉතාමත් හිතකරය.
වෙරළු කොළ තම්බා එම ජලයෙන් හිස සේදීමත් කොළ කොටා එම යූෂ හිසේ ගැල්වීමෙන් පිරිසිදු හා සිනිඳු දීප්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමටත් හේතුවේ. එමෙන්ම ඔබට නිතර වද දෙන හිස්හොරි වලටද මාහැඟි ඔසූවකි. අප වෙරළු ගෙඩිය නොසලකා හරින අතර වැඩි මිලක් දී මිදි කෑමට පූරුදු වී සිටී. මිදිවල තිබෙන ගුණය වෙරළු ගෙඩිය තුළත් තිබෙන බව අමතක කරන්න එපා. මෙම පලතුර ඕනෑම පූද්ගලයකුට සූදුසූය.
ආයූර්වේද ශල්‍ය වෛද්‍ය එච්. ඩී. තෙන්නකෝන්ආයූර්වේද රෝහල බොරැල්ල
තේ බොන්න කවුරුත් කැමතියි. ශ්‍රි ලාංකිකයන් බහුතරක් තමන්ගේ දවසේ වැඩ පටන් ගන්නේ උණු තේ කෝප්පයක් එක්ක. ඔබත් ඒ අතර කෙනෙක්. ලෝක...
පාචනයට සහ තයිරොක්සීන් ඌනතාවටහැමදාම උදේට පොල් ගෙඩිය බිඳලා කානුවට හලන පොල් වතුර ගැන අපි නොදන්න කතා හුඟක් තිබෙනවා. පොල් වතුර කියන්නේ...
ආහාරවලින් අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම හිසකෙස් ගැලවී යෑමට හේතුවන බව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙනවා. ඒ විතරක්ම නෙවෙයි, හොඳින් කෙස් වඩවා ගෙන...
මල්වර සමයේ, ගැබිනි සමයේ කිරි දෙන කාලයේ වායුගෙඩි ඇතිවෙන්න පුළුවන්. එය ලෙඩක් නොවේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වුණොත් දරුවාගේ මොළය වැඩීමත් බාල...
දෙවියන්ට අමෘතය කෙතරම් වටින්නේද ඒ තරමටම මනුෂ්‍යයන්ට ලැබිය හැකි උතුම්ම ඔෟෂධය සුදුලූනු බව හින්දු ඇදහීමයි. සෙම සමනය වනවා වගේම පිත වර්ධනය...
පාම් තෙල්අද වෙළෙඳ පොළේ බහුලවම දකින්න ලැබෙන්නේ පාම් තෙල්. පාම් ගසෙන් නිපදවන මේ තෙල්වල අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගුයි. පාම් තෙල් ශරීර...