This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
හදවත රැකදෙන මොළයට සුවදෙන මුහුදු මාළු

හදවත රැකදෙන මොළයට සුවදෙන මුහුදු මාළු

රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය නැත්නම් මාළු සම්පත ගැන තිබෙන දැනුම අඩුයි. ඒක නිසා ගොඩක් දෙනෙක් මාළු කෑමට දක්වන්නේ මැලිකමක්. හැම වර්ගයකම මාළු ඔබේ ශරීරයට හිතකරයි. නිතරම කන කෑමවල නැති ගොඩක් පෝෂක ද්‍රව්‍ය මාළුවල තියනවා. ඉතාම ඉස්තරම් ප්‍රෝටීන් (high quality protein), අයඩින්, විටමින් සහ ඛනිජ ලවන වර්ග මාළුවල යහමින් අඩංගුයි. මේද අඩංගු මාළු වර්ග වැඩියෙන්ම ගුණ මාළු වර්ග ලෙස පරීක්ෂණවලින් තහවුරැ වෙලා තියනවා. යහපත් මේද සහිත පෝෂක ද්‍රව්‍යවලින් අනූන ලෙස සලකන්නේ සැමන් ට්‍රවුට් ටූනා මැකරල් වැනි මාළු වර්ගයි. ඒවායේ ඇති මේදයේ දියවන විටමින් D කියන්නේ ලංකාවේ බොහෝ දෙනකුට අඩුවෙන් ලැබෙන විටමින් වර්ගයක්. ශරීරයේ හෝර්මෝන ශ්‍රාවය නිසි ලෙස කරගෙන යන්න මේ විටමින් එක ගොඩක් උදවු වෙනවා. මේද අධික මාළුවල තිබෙන තවත් වටිනා පෝෂකයක් තමයි Omega 3 මේද අම්ලය කියන්නේ.

omega – 3 වැදගත් ඇයි?

ශරීරය සහ මොළය නිසි ලෙස ක්‍රියා කරන්නට omega – 3 ඉතාම වැදගත් වෙනවා. ලෙඩ රෝග ගොඩක් වළක්වන්නත් උදවු වෙනවා. ලෝකයේ වැඩියෙන්ම අකල් මරණවලට හේතු වෙන්නේ හදවත් අබාධ. සතියකට තුන් පාරක් විතර මාළු කනවා නම් හදවත් අබාධ ඇති වීමේ අවධානම ගොඩක් අඩු වෙනවා.  මාළුවල බහුලව අඩංගු omega 3 සහ DHA (docosahexaenoic acid) දරැවන්ගේ මොළය සහ ඇස වර්ධනයට උදව් වෙනවා. ඒක නිසා මාළු සතියකට කීප වරක් ආහාරයට ගැනීම ඉතාම වැදගත්. වයසින් වියපත් වීමත් සමඟ මොළයේ මතකය, ඉන්ද්‍රියන් පාලනය සහ කථනය වැනි ක්‍රියාවන් අඩපණ වෙනවා. බොහෝ අධ්‍යයනයන්ට අනුව වැඩිපුර මාළු ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ වයසට යාම සමඟ ඇතිවන Alzheimer’s disease වැනි අබාධ අවමයි. මානසික අවපීඩනය නැත්නම් depression සමනය කරන්නත් හේතු වෙනවා. මාළු, මොලයේ නිසි ක්‍රියාකාරීත්වය ඇතිකර සතුට වැඩිවන හෝර්මෝන ශ්‍රාවය කිරීමට දායක වෙනවා. වයසට යන විට ඇති වන අක්ෂි අබාධ සාර්ථකව වළක්වන බවද සායනිකව තහවුරු වී ඇත.

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
කෝමාරිකා
අනෝදාවලින් සුවය ලබා තියෙනවා
දියවැඩියාවට සහ අර්ශස්‌ රෝගයට හිතකර ඇඹරැල්ලා
පොල්වතුර
හෘද රෝගීන්ට පේර ගුණයි - කුඩා දරුවන්ට පේර අගුණද?
පෝෂණය රැකගෙන ආහාර පිසින්නෙ මෙහෙමයි
රසට, ගුණට තෙලෙන් උයන්නේ මෙහෙමයි
සන්ධි වේදනාවට ගුණ දෙන නීරක්තිය නැති කරන කවුපි
ලාබයි කියලා නිතර දෙවේලේ ගෝවා, රාබු කන්න එපා