තල

තල

ආහාරයක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙසද වටිනාකමක් හිමි තල ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේද වසර 5,000කට පමණ පෙර සිටම මිනිසාගේ පරිභෝජනයට ගෙන තිබේ. ස්වාභාවික විටමින් හා ඛනිජ ලවණ රාශියක් හිමි තල ඉන්දියාව, චීනය, ශ්‍රී ලංකාව, අප්‍රිකාව වැනි රටවල වගා කළ හැකි අතර කළු තල, දුඹුරු තල, රතු තල, සුදු තල සහ වර්ණයෙන් යුතු තල ඖෂධ ගුණයෙන් ඉහළ මට්ටමක පවතින බව ආයුර්වේදයේ සඳහන් වන තෙල් වර්ග අතරින් තල තෙල්වලට සුවිශේෂී තැනක් හිමිවේ. ඒ වාගේම බොහෝමයක් ඖෂධ නිෂ්පාදනය කිරීමේදී පවා තල තෙල් භාවිත කරනු ලබයි. ලෝකයේ ප්‍රථම වරට මිනිස් පරිභෝජනයට ගත් තෙල් වර්ගය ලෙස ඉතිහාසයේ සඳහන් වනුයේ තල තෙල්ය. විශේෂයෙන් ඖෂධීය තෙල් වර්ග නිෂ්පාදනයේදී යොදාගනු ලබන ප්‍රධානතම අමුද්‍රව්‍ය වනුයේ තල තෙල්ය. එමෙන්ම තල තෙල් ඔලිව් තෙල් වෙනුවට ආදේශකයක් ලෙසද භාවිත කරනු ලබයි. තල තෙල්වල ස්වාභාවික ඖෂධීය ගුණය ඉහළම මට්ටමක ඇති නිසා බොහෝ කාලයක් කල් තබා ගත හැකිය. ආයුර්වේද ඖෂධ මෙන්ම සුවඳ විලවුන් නිෂ්පාදනයේදීත්, තීන්ත නිෂ්පාදනයේදීත් අමුද්‍රව්‍යයක් ලෙස තලතෙල් භාවිත කරනු ලැබේ. තලවල 25%ක් පමණ ප්‍රෝටීන අඩංගු වන අතර 50%ක් පමණ මේදය අඩංගු බව විද්‍යාත්මක පරීක්ෂණවලින් සොයාගෙන ඇත. තල තෙල් සෑදීමට උපයෝගි කරගනු ලබන තලවල රොඩු හෙවත් තල මුරුව (පුන්නක්කු) ප්‍රෝටීන සහිත ආහාරයක් වන අතර එය සත්ත්ව ආහාරයක් ලෙස යොදා ගනු ලබයි. මාගරින් නිෂ්පාදනයේදීද තල තෙල් යොදාගනු ලබන අතර විටමින් ඒ,ඕ සහ මැග්නීසියම් පොස්පරස්, කැල්සියම් බහුලව අන්තර්ගතය.

තල තෙල් භාවිත කරමින් ආයුර්වේදයේ නිෂ්පාදනය කරනු ලබන තෙල් වර්ග

  1. බ්‍රහ්ම සරස්වතී තෛලය
  2. සරස්වතී තෛලය
  3. දිව්‍ය රාග තෛලය
  4. නවකතල තෛලය
  5. යමදේව රාජ තෛලය
  6. අග්නි සරස්වතී තෛලය
  7. හිමගිරිරාජ තෛලය
  8. හණ්ඩමාල තෛලය
  9. චන්ද්‍රානාදී තෛලය
  10. චන්ද්‍රකාන්ති තෛලය
  11. සිංහරාජ තෛලය
  12. ගෙඩි තෛලය
  13. මහාහෙණරාජ තෛලය
  14. පීනස් තෛලය
  15. කෝල තෙලෙස්මා තෛලය
  16. ප්‍රාණජීව තෛලය

තලවල අඩංගු ඖෂධීය ගුණ

  • අර්ශස් රෝගීන්ට ගුණදායක ඔෟඖස්පරස් අඩංගුව ඇත.
  • වාත රෝග සමනය කෙරේ.
  • මුත්‍රාශය ආශ්‍රිත රෝගවලට ගුණදායකයි.
  • හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
  • සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ ගුණයෙන් යුක්තයි.
  • ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ මට්ටමක පවතින නිසා සම ආරක්ෂා කරයි.
  • තරුණ බව රැකගැනීමට උපකාරී වේ.
  • මුත්‍රා ගල් සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
  • කුසගින්න පාලනය කරනු ලබයි.
  • අධික තරබාරුව පාලනය කරයි.
  • ඉරුවාරදය සුව කිරීමේ හැකියාව ඇත.
  • රුධිර පීඩනය අඩු කිරීමේ ගුණය ඇත.
  • වේදනා නාශකයක් ලෙස භාවිත කරනු ලබයි.

ඉරුවාරදයට

තල ඇට එළකිරිවලින් අඹරා නළලේ ආලේප කිරීම.

වැඩිවිය පමා වූ ගැහැනු දරුවන්ට

තල දඬු කළං 12 ගෙන පත අට එකට සිඳුවා උදේ, සවස පානය කරන්න.

කෙසඟ සිරුරු පුෂ්ටිමත් කිරීමට

තල ඇට කිතුල් හකුරු සමඟ හොඳින් මිශ්‍ර කර අනුභව කරන්න.

මුත්‍රාශ ගල් දිය වීමට

තල දඬු තැම්බූ වතුර පානය කරන්න.

සමේ ඇතිවන කුෂ්ඨ රෝග සඳහා

රතු ලූනු කොටාගත් යුෂ හොඳින් අව්වේ කකාරා ගෙන එම ප්‍රමාණයට සමාන බරින් යුත් තල තෙල් මිශ්‍ර කරගෙන සමේ ඇතිවන කුෂ්ඨ රෝග සඳහා ආලේප කරන්න.

පීනස සුව කරගත හැකි ප්‍රත්‍යක්ෂ තෛලයක්

තල තෙල්, ගිතෙල්, මී තෙල් කාල බැගින් ගෙන හට්ටියකට දමා ළිප තබා රතු ලූනු ඉස්ම කාල් එකක්, මී පැණි කාල් එකක්ද එකතු කර හොඳින් හැඳිගාන්න. ඒ සමඟ ඇටඹ පොතු යුෂ බෝතලයක් හා එරබදු පොතු යුෂ බෝතලයක්ද එකතු කරන්න. ඉන් පසු වැල්මී, කොට්ටං, ඇදුරු යන ඖෂධ ද්‍රව්‍ය ඇල් දියෙන් හොඳින් අඹරාගෙන එකතු කර මඳ ගින්නේ තෙල් සිඳ ගෙන ළිපෙන් බා පෙරා හිස ගල්වන්න.

ආයුර්වේද වෛද්‍ය රවීන් පතිරණගේආයුඔසුපෙත, වෙද මැඳුර, උඩුකාව, දෙනිපිටියමව්බිම

Share This Article

ලෙඩ අඩු කරන හැඩ වැඩි කරන ඔලිව් තෙල්

හෘද රෝගවලටරුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම් ඖෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙයි....

ගැස්ට්‍රයිටිස්වලට මූරුංගා හොඳයි.

මූරුංගා කියූ විට කන්නට ටිකක් බියවෙනවා. ඒ මූරුංගා උෂ්ණ ආහාරයක් ලෙසින් අපේ සමාජය පිළිගෙන ඇති මතය නිසා. ඒත් ආයූර්වේදය පිළිගන්නා ලෙසට...

පීනසට දිව ඔසුවක් වූ ගොටුකොළ

පෝෂණ පදාර්ථ බොහෝ සෙයින් ඇති ගොටුකොළ අප ජීවිත හා බද්ධව සිටිනුයේ නැතිවම බැරි පලා වර්ගයක් ලෙසයි. ඉතාමත් අලංකාරව හැඩයට වැවෙන මෙය...

අර්ශස්වලට ගුණ කෙසෙල්ලෙලි සම්බෝලය

සුපිරි පන්තියේ ආහාරයක් නොවූවද තෙලට, කිරට, මිරිසට පිස ගත් විට අළුකෙසෙල් වෑංජනය හොඳ රසවත්. ගුණය ඊටත් වැඩිය. මදය විතරක් ගෙන ඉවත...

දිනක්‌ දෙකක්‌ තැබූ අලුත් මාළු අධිශීත කර ආහාරයට ගත හැකිද?

එපා... එක්‌සත් රාජධානියේ ආහාර ප්‍රමිති නියෝජිතාංශය (FSA) පවසයි. අලුත් මාළු නරක්‌ වීම ආරම්භ වූ විගසම ඒවා අධිශීත කිරීම නුසුදුසුය. ඒවායේ ප්‍රමිතිය...

දවසකට chocolate කෑවොත් ලැබෙන ප්‍රතිපල අහලා පුදුම වේවි.

පැණිරස කෑම වර්ග කන්න කවුරු උනත් කැමතියි. නමුත් හැම පැණිරස කෑමක්ම අපේ ශරීරයට හිතකර නැහැ. මේ පැණිරස කෑම වර්ග අතරින් අපි...