This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
දිනපතාම කැඳ බොන්න හොඳ නැද්ද

දිනපතාම කැඳ බොන්න හොඳ නැද්ද

කොළ කැඳ උදෑසනම පානය කළ හැකි ඖෂධීය පානයක්. නිවෙසේදීම සාදාගත හැකි වුවත් එහි පෝෂණය ආරක්ෂා වන ලෙස සැකැසීමට නම් මේ කාරණා ගැන ඔබ සැලකිලිමත් වීම වැදගත්. කොළ යුෂ ජලයත් සමඟ මිශ්‍ර කර සාදා ගන්නා කැඳ පානය සිරුරේ විජලනය පාලනය කිරීමට සමත් වෙයි. ශරීර උෂ්ණත්වය පාලනය කරමින් ස්නායු, හෝමෝන හා වකුගඩුවල ක්‍රියාකාරිත්වයද විධිමත් කරවයි. නිවෙසේදී ඔබට පහසුවෙන්ම සාදා ගත හැකි කොළ කැඳ පානය කරන විට හා පිළියෙල කරන විට එහි ඖෂධීය ගුණය හොඳින් සිරුරට ලබාගත හැකි ආකාර ගැන වැඩි සැලකිලිමත් බවක් දැක්විය යුතුමයි.

මිශ්‍ර කරන ආකාරය
කොළ යුෂ සමඟ ජලය මිශ්‍ර කරන විට එහි නියමිත අනුපාත ගැනත් සිතා බලන්න. සාමාන්‍යයෙන් කොළ කැඳ පානයක් පිළියෙල කිරීමේදී කොළ යුෂ කොටස් එකකට වතුර කොටස් 4ක් මිශ්‍ර කරයි. නමුත් ඇතැම් අය වැඩි පෝෂණයට යැයි සිතා වතුර හා කොළ යුෂ 1:1 අනුපාතයට මිශ්‍ර කිරීමෙන් නම් කිසිදු වාසියක් අත් නොවේ. එමඟින් ආහාර ජීර්ණයටද අපහසුතා ඇතිවෙයි. හීනටි හාල් හා පොල් කිරි මිශ්‍ර කරගෙන සාදා ගන්නා කොළ කැඳ පානයක 200ml පමණ අඩංගු වීම සෑහේ. දිනකට එක් පුද්ගලයකුට 200ml කැඳ පානයක් ප්‍රමාණවත්ය.

දිනපතා බොන්න එපා
කරපිංචා, හාතවාරිය වැනි එක් වර්ගයක කොළවලින් සාදන කැඳ පාන දිනපතා පානය කිරීම නම් සුදුසු නැත. දිනපතා එකට කොළ වර්ගයකින් සෑදූ කැඳ පානය කරන විට සිරුරේ ප්‍රතිශක්තිය ක්‍රමයෙන් හීන වෙයි. මේ හේතුවෙන් කොළ කැඳ දින හතරකට වරක් වෙනස් කොළ වර්ගවලින් පිළියෙල කරගන්න. එක කොළ වර්ගයකට පමණක් ශරීරය හුරුවීමෙන් වසරින් වසර ක්‍රමයෙන් ප්‍රතිශක්තිය හීන වන නිසා දින 4කට වරක් වෙන කොළ වර්ගයක් තෝරා ගන්න. එවිට ශරීරය තුළින්ම ප්‍රතිශක්තිකරණයක් නිර්මාණය කර ගනියි. උදෑසන අවදි වූ විගසම කැඳ පානය කිරීම සුදුසු නැත. උදෑසන ආහාර ගැනීමට පැයකට පමණ පෙර කැඳ පානය කිරීමට හුරුවෙන්න. රතු ලූනු හා සුදු ලූනු මිශ්‍ර කැඳ පානයක් නම් කොලෙස්ටරෝල් හා අම්ල පිත්ත රෝගය වැනි රෝගවලටද ඉතාම ගුණදායක. කැඳ පානය වඩාත් සුදුසු වන්නේ මඳ උණුසුමෙනි. අධික උෂ්ණත්වයද කොළවල සාරය නැතිවන නිසා කැඳ පිසගත යුතු වන්නේ මඳ උණුසුමෙනි.

මෝල්ට් පාන වෙනුවට
උදෑසන ගන්නා මෝල්ට් පාන වෙනුවට කොළ කැඳ වැනි දේශීය පානයක් සාදාගැනීම වඩා ගුණදායකයි. මෝල්ට් පානවල කිසිදු ගුණයක් අඩංගු නොවේ. ප්‍රධාන ආහාරයකින් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් හා කාබෝහයිඩේ්‍රට් ලබාගත හැකි නමුත් ඉතිරි පෝෂණ අවශ්‍යතා සපුරා ගත හැකි වන්නේ කැඳ වැනි පානයකිනි. උදෑසන ගන්නා පලතුරු හෝ වෙනත් තේ පානයක් වෙනුවට කැඳ පානය කිරීමට හුරුවන්න.

දහවල් ‍දොළහට පෙර
විවිධ රෝගවලට ගුණදායක කොළ වර්ග හඳුනාගෙන කැඳ සාදා ගැනීමෙන් ඔබේ රෝගවලටද සුවයක් ලැබිය හැකිය. ඔබේ රෝගයට ගුණදායක වන කොළ 50%ක්ද, කොළ වර්ග 3ක්ද එකතු කරගන්න. මේ අතර ඉඳහිට ලුණු කැඳ පානයක්ද සාදා ගන්න. ලුණු හා ජලය මිශ්‍ර කර සාදන මෙම පානයේ ලුණු තරමක් අඩංගු නමුත් උදෑසන ආහාරයට ලුණු එක්කර ගැනීම අහිතකර නොවේ. නමුත් දවල් 12න් පසු ලුණු මිශ්‍ර ආහාර ගැනීමෙන් ඈත් වන්න. කැඳ පානය කිරීමටද වඩාත් සුදුසු වන්නේ උදෑසන කාලයයි. වෙනත් ක්ෂණික පාන වර්ග වෙනුවට කොළ කැඳ වැනි දේශීය ඖෂධීය පානයක් නිවෙසේදීම සාදාගෙන රස විඳින්න ඔබටත් පුළුවන්.

ශාලිකා රංගනී සමරදිවාකර
මව්බිම

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
තරුණ කාලෙට ගැළපෙන පෝෂණය පිරුණු Smart කෑම
නින්දට බාධා කරන ආහාර
රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන තල
දියවැඩියා රෝගීන්ට අලුත් සහල් ගුණ නෑ
පොල්වතුර
දරුවකු පතන කතකට එළකිරි දිව්‍ය ඖෂධයක්
ගොටුකොළ කෑමෙන් හම පැහැපත් වෙනවා
හදවත රැකදෙන මොළයට සුවදෙන මුහුදු මාළු
අනෝදාවලින් සුවය ලබා තියෙනවා