දිවුල්

දිවුල්

දිවුල් ග්‍රෑම් 100ක අඩංගු පෝෂක ප්‍රතිශත

  • තෙතමනය ග්‍රෑම් 64.2
  • ශක්තිය කි. කැලරි 134
  • ප්‍රෝටීන් ග්‍රෑම් 7.1
  • මේදය ග්‍රෑම් 3.7
  • කාබෝහයිඩේ්‍රට් ග්‍රෑම් 18.1
  • කැල්සියම් මිලි ග්‍රෑම් 130
  • පොස්පරස් මිලි ග්‍රෑම් 110
  • යකඩ මිලි ග්‍රෑම් 0.6
  • කැරටින් මයිකේ‍රා ග්‍රෑම් 61
  • තයමින් මයිකේ‍රා ග්‍රෑම් 40
  • රයිබෝ ප්ලේවින් මයිකේ‍රා ග්‍රෑම් 170
  • නියසින් මිලි ග්‍රෑම් 0.8
  • විටමින් සී. මිලි ග්‍රෑම් 03

දිවුල් රසයෙන් මෙන්ම ගුණයෙන්ද අනූන අගනා පලතුරකි. එහි පෝෂක ගුණය සලකන කල විටමින් සහ ඛනිජ ලබණවලට අමතරව අප රටේ දක්නට ලැබෙන පලතුරු අතරින් වැඩිම ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇත්තේ දිවුල්වලය. අක්මා හා හෘද රෝගී තත්ත්වයන්ටත් පාචනය ඉක්කාව හා උගුරේ ආබාධ සඳහා දිවුල් ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එය රසයෙන් ගුණයෙන් අනූන පලතුරක් වුවත් ඒ සඳහා සැලකිය යුතු අවධානයක් මෑතක් වන තුරුම ලැබී නොතිබිණි. නමුත් නැවුම් පලතුරක් ලෙස භාවිතය සඳහාත් අගය වැඩි කළ නිෂ්පාදන වන ජෑම් ජෙලි ක්‍ෂණික බීම හා කෝඩියල් ලෙසත් දිවුල් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යයි. එසේ වුවද දිවුල් එක් කාලයකට පමණක් සීමා වූ පලතුරක් නිසා වසර පුරාම ඇති ඉල්ලුමට සරිලන්නට ප්‍රමාණවත් තරම් දිවුල් නොමැත. එපමණක් නොව ලැබෙන අස්වැන්නත් ඇස්පපිලස් නමැති දීලීර ආසාදනය නිසා කල් තබා ගත නොහැකිව ඉවත හෙලන්නට සිදුවෙයි. මෙම දිලීර ආසාදනයන් ඇෆ්ලා ටොක්සීන් නමැති ප්‍රබල විස නිපදවන්නට හේතු විය හැකිය. එම නිසා දිලීර ආසාදනයට ලක්වූ දිවුල් පරිභෝජනය සෞඛ්‍යයට අහිතකරය. එහෙත් වෙළෙඳපොළ ඇති අප මිලට ගන්නා දිවුල් සුළු වශයෙන් හෝ දිලීර ආසාදනයට ලක්වූ ඒවාය. එබැවින් මෙම දිලීර ආසාදනය අවම කොට දිවුල් කල්තබා ගත හැකි ක්‍රමවේදයක් හඳුනා ගැනීම ඉතාම ප්‍රයෝජනවත් වෙයි.

දිලීර ආසාදනයට ලක්වූ දිවුල් දිලීර ආසාදන මැඬලීමට වෙළෙඳපොළ දිලීර නාශක කොතකුත් ඇත. එහෙත් පසු අවධියේ දිලීර නාශක යෙදීම සෞඛ්‍යට හිතකර නොවේ. ක්‍රියාකාරි රසායන ද්‍රව්‍ය භාවිතය පරිසටයටද හිතකර නොවේ. පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය මඟින් කරන ලද පරීක්ෂණවලදී 4%ක සෝඩියම් බයි කාබනේට් (ආප්ප සෝඩා) යෙදීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකි බව සොයාගෙන ඇත. 4% සෝඩියම් බයි කාබනේට් (ආප්ප සේඩා) ග්‍රෑම් 40ක් ජලය ලීටරයක දියකර සාදාගෙන එය බුරුසුවක් හෝ පින්සලක් ආධාරයෙන් දිවුල් නටුව ගැලවුණු ස්ථානය යන්තම් තෙත් වන සේ ආලේප කළ යුතුය. එසේ නැතිනම් අදාළ සාන්ද්‍රණයෙන් සාදා ගන්නා ද්‍රාවණය දිවුල් මතට ගෙඩිය මතුපිට යන්තම් තෙත් වන පරිදි ඉසිය යුතුය. මෙසේ යෙදීමෙන් දිවුල් සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ දින 21ක් තබාගත හැකිය. ශීතකරණයේ තැන්පත් කිරීමෙන් සති 07ක කාලයක් තබාගත හැකිය. මේ සඳහා පොලිතින් වැනි ඇසුරුමක් භාවිතය කිරීමෙන් ගබඩා කරණයේදී සිදුවන බරෙහි අඩුවීම වළක්වා ගත හැකි වෙයි. මෙම ප්‍රතිකර්මය යෙදීමෙන් රසය පැහැය හෝ සුවඳ වෙනසක් නොවන බව අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය පවසයි. මෙම ප්‍රතිකර්මය භාවිත කිරීම සඳහා පලුදු වීම්වලින් තොර අස්වැන්න ලබාගත් අලුත්ම දිවුල් වඩාත්ම සුදුසුයි.

සටහන - වාරියපොළ එන්. එස්. කේ. බස්නායකමව්බිම

Share This Article

තරුණ කාලෙට ගැළපෙන පෝෂණය පිරුණු  Smart කෑම

නිවෙසේ සැදූ ආහාර මේ වියේ පසුවන විශේෂයෙන් තරුණයන් පිටතින් (වෙළෙඳසල්, ආපනශාලා, හෝටල් වැනි) ආහාර ගැනීමට වඩාත් ප්‍රිය බවක් දක්වනවා. නිවෙසේ ආහාර පිළියෙල...

දරුවකු පතන කතකට එළකිරි දිව්‍ය ඖෂධයක්

හොඳට ඉදුණු ගස්ලබු හොඳටම හොඳයි මාසික වේදනාවෙන් මිදෙන්න කොල්ලු බැබිල මුල් එක්ක තම්බලා බොන්න.අයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන...

පියයුරු පිළිකා අවදානම නසන මුළුතැන්ගෙයි රසවතා

දෙවියන්ට අමෘතය කෙතරම් වටින්නේද ඒ තරමටම මනුෂ්‍යයන්ට ලැබිය හැකි උතුම්ම ඔෟෂධය සුදුලූනු බව හින්දු ඇදහීමයි. සෙම සමනය වනවා වගේම පිත වර්ධනය...

ඔබත් හරිත තේ බොනවාද?

තේ බොන්න කවුරුත් කැමතියි. ශ්‍රි ලාංකිකයන් බහුතරක් තමන්ගේ දවසේ වැඩ පටන් ගන්නේ උණු තේ කෝප්පයක් එක්ක. ඔබත් ඒ අතර කෙනෙක්. ලෝක...

ගොටුකොළ කෑමෙන් හම පැහැපත් වෙනවා

මුකුණුවැන්න ඇස්වල පෙනීම දියුණු කරයි. ඇසේ සුද ඇති අයට ගුණදායක කෙදි සහිත බැවින් මළබද්ධය නැති කරයි. ලේ පිරිසිදු කරයි. ලේ වැඩීම සිදුකරයි....

මිදි ගෙඩියේ ගුණයට සමාන ගුණයක් වෙරළුවලත් තිබෙනවා

වෙරළු ගැමි ජනතාව අතර ඉතා ප්‍රචලිත පලතුරකි. මෙම ශාකය පැරණි සෑම නිවසකම දෑකිය හැකිය. අද කාන්තාවන් මෙම පලතුරට එතරම් සැලකිල්ලක් නොදෑක්වූවත්...