සැරව බිබිලි භයානකයි
කුඩා දරුවන්ගේ දෙපාවල තුවාල, සැරව බිබිලි ඇතිවීම පායන කාලයේදී බොහෝවිට දක්නට ලැබෙන රෝගයක්. එයට හේතුව දූවිල්ල සහ දහඩියයි. මෙම විෂබීජ රෝම කූපවල තැන්පත් වීම නිසාම ඒවා තවත් වර්ධනය වෙනවා. ඒ වගේම මෙම සැරව බිබිලි, තුවාල නිසා එම ප්‍රදේශවල කැසීමක් ඇතිවෙනවා. වැඩි වශයෙන් දණහිසෙන් පහළ ප්‍රදේශයේ තමයි මෙම තුවාල, බිබිලි ඇතිවෙන්නේ. නමූත් ඇතැම් අවස්ථාවලදී අත්වලත් හැදෙන්නට පූළුවන්. තවත් සමහර අවස්ථාවලදී අතේ ඇඟිලි අතර, දණහිසේ, වැලමිටිවල, ඉකිළි ප්‍රදේශයේ බිබිලි ඇතිවෙනවා නම් ඒ පණූවන් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්.ඒ වගේම විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇතිවන තවත් මෙවැනි රෝගී අවස්ථාවක් තිබෙනවා. එය ඇතිවෙන්නේ ක්ෂූද්‍ර ජීවියෙක් නිසා. දණහිසේ, වැලමිටිවල, ඉකිළි ප්‍රදේශවල ඇතිවෙන මෙම බිබිලි වැඩිපූරම කසන්නට පටන් ගන්නේ රාත්‍රි කාලයටයි. දරුවන්ට මෙය ඉතාම අසහනකාරී තත්ත්වයක් බවට පත්වෙනවා.
සමහරුන් මෙවැනි රෝගී තත්ත්වයන් ගැන වැඩි සැළකිල්ලක් දක්වන්නේ නැහැ. නමූත් එය වැරදියි. මෙම රෝගී තත්ත්වයේ භයානක කම බොහෝ දෙනෙක් නොදන්නා නිසා තමයි එහෙම කරන්නේ. සමහර අයට මෙම රෝගී තත්ත්වය හා විෂබීජ නිසාම වකුගඩූ ඉදිමීම ඇතිවෙනවා. ඒවගේම මෙම විෂබීජ රුධිරයට ඇතුළුවීම නිසා අස්ථි පැසවීමක් ද ඇතිකරනවා. මෙවැනි රෝගී තත්ත්වයන් ඇති නොවීමටයි ඔබ කටයූතු කරන්නට ඕන.ඒවගේම මෙවැනි තුවාල නිතර නිතර දරුවන්ට හැදෙන්නට නොයෙකුත් හේතූන් බලපානවා. ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩූවීම නිසා මෙවැනි රෝගි තත්ත්වයන් ඉතාම ඉක්මණින් දරුවන්ට හැදෙනවා. ඒ වගේම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් අතරත් මෙවැනි රෝගී ඉක්මණින් පැතිරෙනවා. එවැනි රෝගී තත්ත්වයන් නොමැති සාමාන්‍ය අයෙකුට වූවත් ශරීරයේ සූදු ෙසෙල ප්‍රමාණය අඩූවීම නිසා නිතර නිතර මෙවැනි තුවාල, බිබිලි ඇතිවෙන්නට පූළුවන්කම තිබෙනවා. සූදු ෙසෙලවල එන්සයිම අඩූවීම නිසා විෂබීජ විනාශ කිරීමේ හැකියාවද අඩූවෙනවා. ඒ නිසා (කලාතුරකින්) එවැනි පූද්ගලයන්ටත් තුවාල, බිබිලි නිතරම ඇතිවෙනවා.
මෙවැනි තුවාල, බිබිලි දරුවන්ට තිබෙනවා නම් ඔබට ඉතාම පහසූවෙන් කළ හැකි ප්‍රතිකාරයක් ලෙස උදේ, හවස මද උණූ වතුරෙන් දරුවාගේ අත්-පා සබන් ගා සේදීම කරන්නට පූළුවන්. එය ඉතාම හොඳයි. ඒ වගේම පිරිසිදුකමත් ඉතාම වැදගත් බව මතකයේ තබා ගන්නට ඕන. ඒ වගේම රෝගියාගේ ඇඳුම් පැළඳුම් පවා උණූ වතුරෙන් සෝදා ගැනීමත් කළ යූතුයි. එවැනි රෝගී තත්ත්වයෙන් සිටින දරුවාගේ වැඩකටයූතු කරන ඔබ හෝ ඔබේ නිවසේ වෙනත් කෙනෙකු වූවත් සබන් ගාලා, උණූ වතුරෙන් අත්-පා සෝදා ගන්නේ නම් රෝගය බෝවීමෙන් වැළකෙන්නට පූළුවන්.
ඒ වගේම මෙවැනි තුවාල, බිබිලි ඇති වූ අවස්ථාවලදී ක්‍රීම් එකක් භාවිත කරන්නට පූළුවන්. නමූත් පිරිසිදුකමත් අනිවාර්යයෙන්ම තිබෙන්නට ඕන. මෙවැනි ක්‍රම අනූගමනය කිරීමෙන් දරුවාට සූවයක් නොලැබේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතාම හොඳයි. මොකද මූලින් කිව්වා වගේ මෙවැනි රෝග ඇතැම් අවස්ථාවල භයානක වෙන්නත් පූළුවන්. ඒ නිසා ආරක්ෂාකාරී වීම අත්‍යවශ්‍යයි.
අට හැවිරිදි තම පුතාගේ හැසිරීම් ගැන කුසලා සතියකට දින දෙක තුනක්වත් කාර්යාලයේ මිතුරියන් සමඟ කියනවා. ඒ හරිම කනස්සල්ලෙන්. පුතාගේ මුරණ්ඩු වැඩ...
බබාගෙ බර කිරපු මිඩ් වයිෆ් බබාගෙ බර පොත සලකුණු කළා. ‘අවුරුදු දෙකට බබාගෙ බර තියෙන්න ඕනෙ ගානට වඩා ටිකක් අඩුයි වගේ,...
දරුවෙක් අසනීප වූ විට බොහෝ මවූවරුන්ට පැන නගින ගැටලුවක් තමයි රෝගී දරුවාගේ ආහාරය පිළිබඳව. දරුවාට දියයූතු ආහාර මොනවාද? රෝගී දරුවෙකුට මව්කිරි...
චාර්වක දත් පිළිබඳ හැඳින්වීමක් කළොත්?ස්ථිර දතක් වශයෙන් මුඛයට මුලින්ම පැමිණෙන දත චාර්වකය ලෙස හඳුන්වනවා. අවුරුදු හයේදී පමණ මේ දත මුඛයට එනවා....
පිටගැස්ම යන රෝගය පිළිබඳව බොහෝ දෙනා අහද්දිත් බය වෙනවා. පිටගැස්ම රෝගයට නිසිලෙස ප්‍රතිකාර නොලබා සිටීමෙන් බරපතල තත්ත්වයන් ඇති විය හැකිවීම එයට...
බරවා රෝගයේදී ඇතිවන රෝග ලකෂණ බොහොමයක් පිළිබඳව අපි අද කතා කරනවා. එවිට දරුවාට ඇතිවන මෙවැනි රෝගී තත්ත්වයන් කල්තියාම ඔබට හඳුනා ගැනීමට...