කොළ තැම්බූ වතුරින් දරුවා නෑවීම සූදුසූ ද?
මාස කිහිපයක් වයසැති දරුවන් නෑවීම සඳහා අපේ වැඩිහිටියන් විවිධ දේශීය ඖෂධ වර්ග තැම්බූ වතුර භාවිතා කිරීමට පූරුදුව සිටී. වෙනිවැල්ගැට තැම්බූ වතුර, කොහොඹ කොළ තැම්බූ වතුර, රත්මල් තැම්බූ වතුර කුඩා දරුවන් නෑවීම සඳහා යොදා ගන්නා වඩාත් ජනප්‍රිය ඖෂධ වේ. මෙයින් අපේ වැඩිහිටියන් බලාපොරොත්තු වන්නේ දරුවාගේ සම පැහැපත්වීම සහ සම නිරෝගීවීමයි. ඇත්තටම මෙහි සත්‍යතාවයක් තිබේදෑයි ඇත්තේ ප්‍රශ්නයකි.
මෙහෙමයි. කහ පාට වෙනිවැල් ගැට වතුරින් එහෙමත් නැත්නම් කහපාටට හූරු වෙනත් ඖෂධ වතුරවලින් දරුවාගේ සම පිරිසිදු කිරීමෙන් සම කහපාට වෙනවා කියන්න අමාරුයි. නමූත් දේශීය ඖෂධ ලෙස හඳුන්වන කොළ, පොතු, වැල් වර්ග තැම්බූ වතුරින් දරුවන් නෑවීමෙන් ගුණයක් වෙනත් ප්‍රතිඵලයක් තිබේදෑයි මම හරියටම කියන්න දන්නේ නැහැ. වැඩිහිටියන්ට එවැනි අත්දෑකීිම් තිබෙනවා නම් මම හිතනවා එහෙම කලාට කමක් නෑ කියලා. අපට මෙහෙම හිතන්න පූළුවන්. බටහිර වෛද්‍ය ක්‍රමය අපේ රටට හඳුන්වාදෙන්නට පෙර සිටම ලංකාවේ හොඳ වෛද්‍ය ක්‍රමයක් තිබිලා තියෙනවා. අපේ ඉතිහාසයේ කිසිම පොතක අපේ දරුවන් අකාලයේ මැරුණා කියලා සටහන් වෙලා නැහැ. එම නිසා දේශීය වෛද්‍ය විද්‍යාව ගැන අපට අවතක්සේරුවෙන් කතා කරන්න අයිතියක් නැහැ. අපේ පැරණි දේශීය ඖෂධ ක්‍රම ඉතාම නිවැරදිව කරනවා නම් එහි කිසිම වරදක් නෑ. නමූත් එක එක්නෙකාගේ හිතුමතේට අනූමාන කරලා දේශීය ඖෂධ පාවිච්චි කරන්න යනවා නම් තත්ත්වය එතරම් සූබ වෙන්න විදිහක් නෑ. විශේෂයෙන්ම පොඩි දරුවන්ට දේශීය හෝ වේවා බටහිර හෝ වේවා ඖෂධ භාවිත කිරීම ඉතාමත් පරිස්සමින් කළ යූතුයි. මොකද යම් විදිහකින් ඔබ හිතුමතේට දරුවා සඳහා පාවිච්චි කරන අත් බෙහෙත් පවා අසාත්මික විය හැකියි. ඔවූන් තුළ තිබෙන අඩූ ප්‍රතිශක්තිය නිසා කොළ, පොතු, වැල් වර්ග තම්බා ගත් වතුරවලින් කෙසේ හෝ විෂබීජයක් ශරීර ගත වූ විට ඒවා සමග සටන් කරන්නට තිබෙන ශක්තිය ඔවූන්ට අඩූයි. එම නිසා යම් වැඩිහිටියෙක් වෙනිවැල් ගැට, කොහොඹ කොළ තම්බා ගත් වතුරින් දරුවා නෑවීමෙන් කිසිදු ආබාධයක් ඇති නොවන බවට විශ්වාසයක් ඇත්නම් පමණක් ඒවා පාවිච්චි කළාට වරදක් නැහැ.
කුඩා දරුවන්ට ලබාදෙන ඕනෑම ආහාර වේලක් ඉතාම වැදගත් වෙනවා. දරුවාගේ වර්ධනයට සහ දරුවාට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ එම ආහාර මගින් වීම...
ඔබේ දරුවා ලෝකයේ සිටින නිරෝගීම දරුවා කරන්න අවශ්‍ය නම් මෙන්න ඒ සඳහා සුදුසුම ක්‍රමයක් තිබෙනවා. නමුත් ඒක රහසක්. ජපාන පෝෂණවේදීන් පිරිසක්...
සෙම්ප්‍රතිශ්‍යාව යනූවෙන් හඳුන්වන්නේ සොටූ දියර වැනි ශ්‍රාවයන් නාසයෙන් ගැලීමයි. මෙය වැළඳිය හැකි එක් ක්‍රමයකි. වයිරස් ආසාදන. වයිරස් වර්ග බොහොමයක් තිබිය හැකියි. ...
කුඩා පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂ පහතට නොවැටීම අද බොහෝවිට දක්නට ලැබෙන්නක්. මේ තත්ත්වය අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ ප්‍රමාද වෙලා....
දරුවාට මව්කිරි උරාබීම පහසු වීමට නම්, දරුවා මවගේ පියයුරට හොඳින් හා නිවැරදිව සම්බන්ධ විය යුතුයි. මේ ගැන ඔබ අවධානය යොමු කළේ...
පුංචි දරුවන් දඟකාරකම් කරනවා. සමහරවිට ඒ මවුපිය අවධානය ගන්න අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. අනෙක් අය දරුවන්ට තරවටු කරන නිසා ඔබත් දරුවන්ට...