Biz Log
Classifields
Biz Log
Classifields

කැල්සියම් calcium අඩූවීමෙන් අත් - පා ඇඟිලිවල පිහිටීමේ වෙනසක් ඇතිවිය හැකියි

කැල්සියම් calcium අඩූවීමෙන් අත් - පා ඇඟිලිවල පිහිටීමේ වෙනසක් ඇතිවිය හැකියි

කුඩා දරුවන්ට පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාර වේලක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කැල්සියම් අඩංගු ආහාර වර්ගද දරුවාට ලබා දීම පිළිබඳව ද දෙමවූපියන් අවධානය යොමූ කිරීම ඉතා වැදගත්. මොකද කැල්සියම් අඩූවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීමට නම් කැල්සියම් අඩංගු ආහාර වර්ග ලබා දිය යූතු වෙනවා. අස්ථි දුර්වලවීම, ලේ කැටි ගැසිම අඩූ වීම වගේම වලිප්පූව වැනි රෝගී තත්ත්වයන් කැල්සියම් අඩූශරීරයකට නිතරම ඇතිවන රෝගී තත්ත්වයන් වෙනවා. මෙවැනි රෝගවලින් දරුවා අරක්ෂා කර ගැනීම ඉතාම හොඳයි.

ඒ වගේම ශරිරයට අවශ්‍ය කැල්සියම් උරා ගැනීමට නම් අපේ ආහාරයට අවශ්‍ය පමණින් විටමින් D ලැබිය යූතුයි. විටමින් D අඩූ වූ විට කැල්සියම් උරා ගැනීම ද අඩූ වන නිසා ඉහත කී රෝගී තත්ත්වයන් ඇති වෙනවා. කැල්සියම් අඩංගු ආහාර අතරින් කිරි සහ හාල්මැස්සන් ඉදිරියෙන් ඇති අතර අනෙක් ආහාර ද දරුවාට ලබා දිය යූතුය.

ශරිරයේ බොහෝ ක්‍රියාවලීන්ට සහ ස්නායූ ක්‍රියාවලීන් සඳහා කැල්සියම් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසාම රුධිරයේ ඇති කැල්සියම් අඩූ වූ විට කෙණ්ඩා පෙරලීම සහ ටෙටනි (අත් පා ඇඟිලි වල පිහිටීමේ වෙනස) යන තත්ත්වයන් ඇති වීමට පූළුවන්. ස්නායූ වල ක්‍රියාකාරීත්වය අඩූ වීම නිසයි මෙම රෝග ඇති වන්නේ. මෙහිදී සිදුවන්නේ සංකෝචනය වූ මස්පිඬූ ලිහිල් නොවී එලෙසම පැවතීමයි.

දරුවන්ට අවශ්‍ය පමණින් කැල්සියම් අඩංගු ආහාර ලබා දීමෙන් මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන්නට පූළුවන. ඒ වගේම අස්ථිවල ඇති කැල්සියම් අඩූ වීමෙන් ශක්තිය ද අඩූ වී සූළු දෙයක් නිසා වූවද අස්ථි බිදී යා හැකියි. මෙවැනි තත්ත්ව නිතරම ඇති වීමෙන් අංගවිකලතාවයට දරුවා ගොදුරු වීමට ඉඩ ඇත. කැල්සියම් වගේම අනෙකුත් පෝෂ්‍ය කොටස් අඩංගු ආහාර දරුවාට ලබා දීමෙන් දරුවාගේ නිරෝගී බව සහ සෞඛ්‍ය පිළිබඳව ඔබට සෑහීමකට පත් වන්නට පූළුවන.

Share This Article

කොළ තැම්බූ වතුරින් දරුවා නෑවීම සූදුසූ ද?

මාස කිහිපයක් වයසැති දරුවන් නෑවීම සඳහා අපේ වැඩිහිටියන් විවිධ දේශීය ඖෂධ වර්ග තැම්බූ වතුර භාවිතා කිරීමට පූරුදුව සිටී. වෙනිවැල්ගැට තැම්බූ වතුර,...

නොමේරූ දරුවන්ට ඇතිවන කායික සංකූලතා

ලොව පුරා වසරකට අඩු බර උපත් රැසක්ම වාර්තා වනවා. දරුවාට සහ මවට ඇතිවන සංකූලතා තාවකාලික හෝ සදාකාලිකව ඇතිවිය හැකි බැවින් සමාජයීය...

ගැබිණියන් මත්පැන් බීවොත් ලෙඩේ දරුවන්ටලු

ගැබිණි කාන්තාවන් මත්පැන් පානයකර අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවල නිරතවීමෙන් ඔවුන්ට ලැබෙන දරුවන් ගේ මොළයට හානි සිදුවෙතැයි වෛද්‍යවරු අනාවරණය කරගෙන ඇතැයි ඩේලි ටෙලිග්‍රාප්...

පුංචි දරුවොත් බිලිගන්නා මොළයේ ගෙඩි

පුංචි දරුවන්ගේ මොළයේත් ගෙඩි හටගන්නා බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වේවි. අපේ ශරීරයේ පිහිටා තිබෙන ඉන්ද්‍රියයන් අතරින් මොළය වඩා සංකීර්ණ වූ ක්‍රියාවලියක්...

රතගායට බයවෙන්න එපා

රතගාය කියන්නේ පුංචි බබාලට සෑදෙන රෝගයක්. නමුත් එය බියවීමට අවශ්‍ය දෙයක් නොවේ. උෂ්ණත්වය සහ රක්ත දෝෂය නිසා ඇතිවන තත්ත්වයක් බැවින් ප්‍රතිකාර...

වසක් විසක් කැවුණොත් පොල්කිරි පොවමින් ඉන්න එපා

දරුවෙකුට කිසියම් විස සහිත ද්‍රව්‍යයක් ගිලුණහොත් එය වැමෑරීම සඳහා ජලය, පොල්කිරි, එළකිරි යනාදී දියරමය ද්‍රව්‍ය ලබාදීම ජීවිත අනතුරකට අත වැනීමකි. වෙනදාටත්...