බබාගේ බර වැඩි කරගන්න කැමැති ද?
බබාගෙ බර කිරපු මිඩ් වයිෆ් බබාගෙ බර පොත සලකුණු කළා. ‘අවුරුදු දෙකට බබාගෙ බර තියෙන්න ඕනෙ ගානට වඩා ටිකක් අඩුයි වගේ, අපි දොස්තර මහත්තයට පෙන්නමු’ මිඩ් වයිෆ් මිස් කිවුවා.
බබාවත් වඩාගෙන ඇවිත් දොස්තර මහත්තයා ගාවින් වාඩි වුණ අම්මා මෙහෙම ඇහුවා. ‘ඩොක්ටර්, බබාගෙ බර වැඩිකරගන්න හොඳ කිරිපිටි වර්ගයක් ලියලා දෙන්න පුළුවන් ද’
?
බබෙක්ගේ වයසට තියෙන්න ඕන බර නෑ කියන්නෙ අසනීපයක් නෙවෙයි. ඒත් බර අඩුවීම නිසා බබාට වෙන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද නීරෝගි දරුවෙක් ගෙ බර අඩුයි කියන්නෙ එයාගෙ පෝෂණයේ, ඒ කියන්නෙ එයා කෑම කන එකේ අඩුවක් තියෙනවා කියන එක. එහෙම වුණාම එයාට සාමාන්‍ය දරුවෙක් වගේ වැඩකරන්න අමාරුයි. ඒ වගේම ඉක්මනින් ලෙඩ වෙන්නත් පුලුවන්. ලෙඩ වුණාම කෑම කන එක තවත් අඩු වෙන හින්දා දරුවා තවත් දුර්වල වෙන්න පුළුවන්. අන්තිමට වෙන්නෙ බර විතරක් නෙවෙයි එයාගෙ වයසට එයාට උස යන්න පුළුවන් තරමට උස යන්නත් බැරිවෙන එක.
දරුවෙකුට ඕනෑ කරන පෝෂණය නැති වුණාම ඒක උස මහතට විතරක් නෙවෙයි මොලේ වැඩීමටත් බලපානවා. ඒ කියන්නේ හරියට කෑම ටික කැවෙන්නෙ නැති දරුවකුට ඉගෙන ගන්න ගණන් හදන්න එහෙමත් අමාරු වෙන්න පුළුවන්.
මේ තත්වය නැති කරන්න පිටිකිරිවලින් පුළුවන් ද ?
මේ ප්‍රශ්නයට උත්තර හොයන්න අපි දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. වැදගත් ම දේ තමයි අපි දැනගන්න ඕන කුඩා දරුවෙක් ගෙ බඩට දාන්න පුළුවන් කෑම ප්‍රමාණය වැඩිහිටියකුට වඩා ගොඩක් අඩුයි කියන එක. ඒ නිසා අපිට බබෙකුට කෑම දෙනකොට වුවමනා දේවල් විතරක් ම තෝරලා දෙන්න වෙනවා. ඒ වගේම ඒ පොඩි ඉඩට පුළුවන් තරම් වැඩි කෑම ප්‍රමාණයක් කවාගන්නත් වෙනවා. අන්න ඒ නිසා තමයි දරුවකුට කෑම කවද්දී දියර වර්ගවලට වඩා ඝන දේවල් දෙන්න ඕන කරන්නේ.
පොඩ්ඩක් හිතන්න අපි බබෙකුට අඹ කෑල්ලක් කන්න දුන්නා කියලා. එතකොට අඹ කෑල්ලේ තියෙන විටමින් , ඛනිජ ලවණ වගේ හැම දෙයක් ම දරුවාට ලැබෙනවා වගේම බඩ පිරෙන්නෙත් නෑ. බඩේ ඉඩ ඉතුරු වෙනවා. හැබැයි අපි අඹ කෑල්ලෙන් බීම හදලා දුන්නොත් අඹ කෑල්ලේ ඉඩ විතරක් නෙවෙයි වතුරවල ඉඩත් ඕන කරන නිසා බඩ පිරිලා වෙන දෙයක් කන්න බැරිවෙනවා. එතකොට ඉබේම පෝෂණය අඩු වෙලා බබාගෙ බර අඩු වෙනවා.
කෑම වේලකට කලින් කිරි දුන්නමත් වෙන්නෙ ඔහොම දෙයක් ම තමයි. කිරි වීදුරුවක වැඩියෙන්ම තියෙන්නෙ වතුර. තව සීනිත් තියෙනවා. ප්‍රධාන කෑම වෙලකට කලින් කිරි දෙනවා කියන්නෙම එයාට වැදගත් දෙයක් කන්න තියෙන ඉඩ නැතිකරන එක. ඒ නිසා අපි ඉගෙනගන්න ඕන වැදගත්ම දෙයක් තමයි පොඩි දරුවකුට එයාගෙ තියෙන පොඩි බඩට එයාට ඕන කරන හැම දෙයක් ම දෙන්න නම් කන දේවල් උකුවට දෙන්න ඕන කියන එක. එතකොට එක දවසකදි එයාට ඕන කරන හැම දෙයක් ම දීල එයාගෙ බර වැඩි කරගන්න පුළුවන්. අනිත් වැදගත් ම කාරනාව තමයි දරුවකුට ඕන කරන හැම පෝෂ්‍ය පදාර්තයක් ම ස්වාභාවික කෑමවලින් ලැබෙනවා. අමතර විටමින් වත් කෘතිම කෑම ජාති වත් ඕනෑම නෑ.
ඒ වගේම තමයි හොඳ බරක් ඒ කියන්නෙ බබාගෙ බර පොතේ කොළ පාට කොටසෙ ඉන්න බබෙකුට වගේ නෙවෙයි රතු පාට කොටසෙ හරි සුදු පට කොටසෙ හරි ඉන්න බබෙකුට කෑම කවන්නෙ නැතුව දියර වර්ග වැඩිපුර දෙනව කියන්නෙ ඒ බබාගෙ බර තවත් අඩු වෙන්න හේතුවක් කියන එක අපි හැමෝම තේරුම් ගන්න ඕනෑ. දරුවකුට හරියටම කන්න දුන්න කියල කියන්න නම් අපි කරන්න ඕනෑ කරන දේවල් තුනක් තියෙනවා. ඒ තමයි හොඳ දේවල් දෙන එක. හොඳ දේවල් ඕන කරන ප්‍රමාණයට, ඒ කියන්නෙ ඇතිවෙන්න දෙන එක සහ නරක දේවල් නොදී ඉන්න එක. ඉතිං පිටි කිරි, බීම වර්ග වගේ දේවල් අයිති වෙන්නෙ මොන කොටසටද කියන එක අම්මලා තාත්තලාම හිතල බලන්න ඕන.
වෛද්‍ය නුවන් තොටවත්තදිනමින
බොහෝ දරුවන් තම කුඩා අවධියේදී ඇඟිලි ඉරීමට විශේෂයෙන් මහපට ඇඟිල්ල ඉරීමට යොමු වන්නේය. මෙම තත්වය තරුණ මව්වරුන්ට අත්දැකීම් රහිත නිසා යම්...
හිසට සිදු වූ අනතුරක් ලෙසින් හඳුන්වන්නේ කුමක්ද?යම්කිසි හේතුවක් නිසා හිසේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නැවතීම හිසට සිදුවන අනතුරක් ලෙසින් හැඳින්වේ. මෙසේ මොළයේ ක්‍රියාකාරීත්වය...
බරවා රෝගයේදී ඇතිවන රෝග ලකෂණ බොහොමයක් පිළිබඳව අපි අද කතා කරනවා. එවිට දරුවාට ඇතිවන මෙවැනි රෝගී තත්ත්වයන් කල්තියාම ඔබට හඳුනා ගැනීමට...
ශෂිකාගේ පුතාට තවම වයස අවුරුදු දෙකහමාරයි. හරිම දඟයා. පුතාට කෑම කවන්න ශෂිකා විඳින වදයක්. සමහර වෙලාවට කෑම කවන්න පැය 2 ක්...
හදිසි අනතුරුවලට ලක්වී කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන්ගෙන් සියයට 94.6ක්ම අනතුරට ලක්වී ඇත්තේ වැඩිහිටියන් සමග සිටියදී බව සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි...
සෙම්ප්‍රතිශ්‍යාව යනූවෙන් හඳුන්වන්නේ සොටූ දියර වැනි ශ්‍රාවයන් නාසයෙන් ගැලීමයි. මෙය වැළඳිය හැකි එක් ක්‍රමයකි. වයිරස් ආසාදන. වයිරස් වර්ග බොහොමයක් තිබිය හැකියි. ...