සිසිල් ජලය අයිස් සහ කලෝන් උණ අඩූ කිරීමට සූදුසූ නැහැ
කුඩා දරුවෙකුට උණක් සෑදුණ අවස්ථාවකදී වලිප්පූවක් සෑදිය හැකියි. උණ වලිප්පූව නමින් හැඳින්වෙන මෙය අපස්මාරය නොහොත් මී මැස්මොරය යන රෝගයේ කොටසක් නොවෙයි. දරුවෙකුට උණ වලිප්පූව සෑදුණූ විට කලබල විය යූතු නැත. බොහොම අවස්ථා වලදී මෙය සූළු වෙලාවක් පැවතීි ඉබේම සූව වී යයි. මේ වෙලාවේදී සිහි නැති දරුවාට විය හැකි වෙනත් හානි වැළැක්වීම නම් වැදගත්. ළමයෙකුට උණ වලිප්පූව සෑදුණ විට ඔබ කළ යූත්තේ කුමක්දෑයි බලමූ.
ළමයා වම් ඇලට හාන්සි කරන්න. හිස කඳට වඩා මදක් පහළින් සිටින්නට නම් වඩාත් සූදුසූයි. මෙමගින් දරුවාට සෙම හෝ වමනය හිස්මොළේ යාම වළක්වා ගත හැකියි.ළමයාගේ ශ්වසන මාර්ගය අවහිර වන පරිදි ඇති සියලු දෑ ඉවත් කරන්න. ළමයා මෙසේ තැබීමේදී ඔහූට තුවාල නොවන පරිස්සම් ස්ථානයක් තෝරාගන්න. උණ වලිප්පූව විනාඩි 5 කට වැඩි කාලයක් පවතී නම් වහාම ළඟම ඇති වෛද්‍ය ප්‍රතිකාර ස්ථානයට ළමයා රැගෙන යන්න. මෙසේ රැගෙන යාමේදී පෙර කියූ ලෙස දරුවා තබාගෙන යා යූතුය. උණ වලිප්පූව ඉබේ හොඳ වූවත් දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වන්න. සමහර විටකදී උණත් සමග සෑදෙන වලිප්පූ තත්ත්වය මොළයේ ආසාදනයක් වැනි ප්‍රතිකාර ගත යූතු රෝග තත්ත්වයක රෝග ලක්ෂණයක් විය හැකියි.
මේ අවස්ථාවේදී ඔබ නොකළ යූතු දේත් තිබෙනවා.කලබල වෙන්න එපා.
- දරුවාගේ කටට කිසිම දෙයක් නොදමන්න. බෙහෙත් වර්ග වතුර සහ සෙම ඇද දෑමීමට දමන ඇඟිලි ආදියද මෙසේ නොදෑමිය යූතු දෑ අතර වෙයි.
- සිහි නැති දරුවාගේ කටට දමන දේ ශ්වසන මාර්ගයට යාමෙන් නැතහොත් හිස්මොලේ යෑමෙන් දරුවාගේ ශ්වසනය පවා අවහිර විය හැකියි.
- සිහි නැති දරුවා කිසිම හේතුවක් නිසා හිස කඳට වඩා උඩින් පිහිටන සේ කෙලින් වඩා නොගන්න.
- එක් වරක් උණ වලිප්පූව සෑදුණූ දරුවෙකුට නැවත උණක් සෑදුණවිට වලිප්පූව ඇති විය හැකියි. දරුවාගේ උණ අඩූ කිරීම මගින් මෙය සමහර විට වළක්වා ගත හැකියි.
- උණ අඩූ කිරීමට හොඳම ක්‍රමය පැරසිටමෝල් ඖෂධයයි. නියමිත මාත්‍රාවට වඩා අධික ප්‍රමාණයක් දීමෙන් මෙම ඖෂධය දරුවාට ඉතා හානිකර විය හැකියි. මෙයට අමතරව දරුවාගේ වැඩිපූර ඇඳුම් ඉවත්කර කාමර උෂ්ණත්වයේ ඇති ජලයෙන් දරුවා පිස දෑමීමෙන් උණ යම් කිසි තරමකට අඩූ කර ගත හැකියි. මෙසේ ජලය තැවරීමට ඉතාමත් සූදුසූ ස්ථාන නම් දරුවාගේ කිහිලි හා ඉකිලි ප්රදේශයි. සිසිල් ජලය, අයිස් සහ කලෝන් වර්ගවලින් ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය වැඩිවන බැවින් ඒවා භාවිත කිරීමෙන් වළකින්න.
- දරුවන්ට සාමාන්‍යයෙන් හානිදායක නොවන මෙම රෝග තත්ත්වය සඳහා අපස්මාරයට මෙන් දිගින් දිගටම බෙහෙත් ගැනීමට අවශ්‍ය නැත. එමෙන්ම බෙහෙත් ගැනීම විශේෂ අවස්ථාවලදී හැර රෝගය නැවත සෑදීම වැළක්වීමට උපකාර නොවේ. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි ළමයින් සමග සිටින වැඩිහිටියන් සෑම දෙනාම වලිප්පූවක් සැදුණූ අවස්ථාවේදී කළ යූතු නියමිත ප්‍රථමාධාර හොඳින් දෑන සිටීමයි.
- දරුවෙකු 5 වන හෝ 6 වන වියට පත් වීමෙන් පසූ ඔහූට තව දුරටත් උණ වලිප්පූව නොසෑදේ. මෙම දරුවන්ගෙන් ඉතා බහූතරයක් පසූ කලකදී අපස්මාරය රෝග තත්ත්වයකට ගොදුරු නොවේ. උණ වලිප්පූව දරුවාගේ කායික හෝ මානසික වර්ධනයට කිසි බලපෑමක් නොකරයි. සාමාන්‍යයෙන් උණ වලිප්පූව ඇතිවන්නේ මාස 6 සිට අවූරුදු 5 දක්වා පමණි. බොහෝ විට එය ඉබේම සූව වී යයි.
කුඩා දරුවන්ට පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාර වේලක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කැල්සියම් අඩංගු ආහාර වර්ගද දරුවාට ලබා දීම...
අට හැවිරිදි තම පුතාගේ හැසිරීම් ගැන කුසලා සතියකට දින දෙක තුනක්වත් කාර්යාලයේ මිතුරියන් සමඟ කියනවා. ඒ හරිම කනස්සල්ලෙන්. පුතාගේ මුරණ්ඩු වැඩ...
හදිසි අනතුරුවලට ලක්වී කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන්ගෙන් සියයට 94.6ක්ම අනතුරට ලක්වී ඇත්තේ වැඩිහිටියන් සමග සිටියදී බව සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි...
“දොයි දොයි දොයි දොයිය බබා” “බයි බයි බයි බයිය බබා”දරුවන් හඬන විට නළවා ගන්නට අතීතයේ සිට මව්වරුන්ගේ මුවඟ රැඳෙන එකම සුගායනයට කුමන...
මෙවැනි වයස්වල පසුවන දරුවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ලක්ෂණ තිඛෙනවාද?දෙමාපියන් ලෙස දරුවන්ට ඇතිවන මෙවැනි රෝග පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය...
චාර්වක දත් පිළිබඳ හැඳින්වීමක් කළොත්?ස්ථිර දතක් වශයෙන් මුඛයට මුලින්ම පැමිණෙන දත චාර්වකය ලෙස හඳුන්වනවා. අවුරුදු හයේදී පමණ මේ දත මුඛයට එනවා....