වෙඩි උණ්ඩයෙන් නිහඬ නොවූ ළමා වීරවරිය
මලාලා යුසුෆ් සායි වර්තමාන ලෝකයේ තරුණියන් සහ දරුවන් අතර අතිශය ජනප්‍රිය තරුවක් බවට පත්වී තිබේ. ඒ පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද නොබෙල් සම්මාන ප්‍රදානෝත්සවයේ නොබෙල් සාම ත්‍යාගය සඳහා වූ සම සම්මානය ඇයට හිමිවීමත් සමඟය. ඒ අනුව එදා මෙදා තුර නොබෙල් සම්මානයක් ලද ලොව ළාබාලතම පුද්ගලයා ලෙස ඇය මේ වන විටත් ඉතිහාස ගත වී තිබේ. නොබෙල් සාම සම්මානයට පාත්‍ර වන්නට තරම් ඇය විසින් සිදු කර ඇති මෙහෙය කුමක් විය හැකිද?
වයඹදිග පාකිස්තානයේ මින්ගෝරා ප්‍රදේශයේ සුන්නි මුස්ලිම් පවුලක වැඩිමහල් දරුවා ලෙස මලාලා යුසුෆ් සායි උපත ලබන්නේ 1997 වසරේ ජූලි 12 වැනිදාය. ඒ සියොවුදීන් යුසුෆ් සායි සහ ටූපෙකායි යුසුෆ් සායි යුවළට දාවය. සියොවුදීන් යුසුෆ් සායි පෞද්ගලික පාසල් කීපයක හිමිකරුවකු මෙන්ම ගුරුවරයකුද වෙයි. ඒ නිසාම මලාලාත්, ඇගේ බාල සොයුරන් දෙදෙනාත් බාල කාලයේ සිටම විධිමත් අධ්‍යාපනයක් ලැබූහ. එවකට මලාලා ජීවත් වූ ප්‍රදේශයේ දැඩි උණුසුම් වාතාවරණයක් පැවැතුණේ තලේබාන් අන්තවාදීන් සොයා ඇමෙරිකානු හමුදා වයඹදිග පාකිස්තානයේ යොදා තිබූ දැඩි රැකවල් හේතුවෙනි. එමෙන්ම නිතරම වාගේ පාකිස්තානු රජය සහ ඇමෙරිකානු භටයන් අභ්‍යන්තර යුද්ධයකට අරඅඳිමින් සිටියේය.
එවකට මලාලා ජීවත් වූ ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ මවුලානා ෆස්ලූලා නම් තලේබාන් හමුදා පාලකයා විසිනි.මෙම පාලනය නිසාම පාකිස්තානු කාන්තාවන්ට සාප්පු සවාරි යෑම, ගැහැනු ළමයින් අධ්‍යාපනය ලැබීම සහ සාමාන්‍ය ජනයා විනෝදාස්වාදය සඳහා සංගීතය, ගායනය වැනි කටයුතුවල නිරත වීම, රූපවාහිනිය නැරැඹීම ආදී දේ සම්පූර්ණයෙන්ම තහනම් වී පැවැතිණි. තලේබාන් පාලනය යටතේ පවතින ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට බී.බී.සී. සේවයට අවශ්‍ය වන්නේ මේ අතරවාරයේදීය. ඒ සඳහා බී. බී. සී. මාධ්‍යවේදී අබ්දුල් කාන්තර් මලාලාගේ පියා හමුවන්නට පැමිණියේ ඔහුට අයත් පාසලක දරුවකු හමුවී ඔවුන්ගේ අත්දැකීම් අසා දැන ගන්නට අවස්ථාව ලබා දිය හැකි දැයි යන්න විමසීමටය. නමුත් මේ සඳහා කිසිදු දරුවකු සම්බන්ධ කරන්නට මවුපියන් කැමැති නොවූයේ අනාගතයේදී තලේබාන් හමුදා විසින් එල්ල විය හැකි දඬුවම් ගැන බිය වූ නිසාය. බලාපොරොත්තු සුන්ව සිටි බී. බී. සී. මාධ්‍යවේදියාට දකින්න ලැබුණේ එවකට එකොළොස් හැවිරිදි වියේ පසුවූ මලාලාය. ඔහු මලාලා ළඟට ගොස් වාර්තාව සකස් කරන්න තමන්ට උදවු විය හැකි දැයි ඇසූ විට ඇය දෙවරක් නොසිතාම ඒ යෝජනාව පිළිගත්තාය.
ඉන්පසු ඇය වක්කඩ කැඩුවාක් මෙන් කියන්න පටන් ගත්තේ ඉස්සර පාසල් ගොස් ඉගෙන ගන්නට පුළුවන් වුණත් දැන් සිටින තලේබාන් හමුදාව තමන්ටත් අනෙකුත් ගැහැනු ළමයින්ටත් පාසල් යන්න අවස්ථාව නොදෙන බවත්, දැන් පාසල් යන්නේ තම මල්ලිලා දෙදෙනා සහ ගමේ අනෙකුත් පිරිමි ළමයින් පමණක් බවත්ය. ඇගේ වාර්තාව ඊට සතියකට පසු ආරූඪ නමකින් බී. බී. සී. සේවයේ පළ විය. මෙම වාර්තාවත් සමඟ තලේබාන් පාලකයන් මහත් කලබලයට පත් වූ අතර මාස කීපයක් යනතුරුත් මෙලෙස බී. බී. සී. සේවය වෙත තොරතුරු ලබා දෙන්නේ කවුද යන්න ගැන සොයා ගන්න ඔවුන්ට නොහැකි විය. ඒ අතර මලාලාද තමා එදිනෙදා මුහුණ දෙන අත්දැකීම් සියල්ල බී. බී. සී.ය වෙත ලියා යැව්වාය.
මේ අතර ඇය ප්‍රසිද්ධියේම කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නඟන්න පටන් ගත්තාය. ඇගේ සටනේ උදේයාග පාඨය වූයේ ‘books not bullets’ යන්නයි. මේ නිසා තලේබාන් පාලකයන්ගේ උකුසු ඇස් මලාලා වෙත යොමු වන්නට පටන් ගෙන තිබිණි. ඇය නිහඬ කරන්න කොතෙක් උත්සාහ ගත්තද ඉන් පලක් නොවූ තැන ඇය මරා දමන්න තලේබාන්වරු තීරණය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේ ඔක්තෝබර් නව වැනි දින මලාලා පාසල නිමවී නිවෙසට යමින් සිටියදී වෙස්වළාගත් තුවක්කරුවකු ඇයට වෙඩි තබා පලා ගියේය. වෙඩි පහරින් හිසත්, ගෙලත්, උරහිසත් තුවාල වීමෙන් ඇය රෝහල් ගත කර දින හයකට පසු ඇයව බි්‍රතාන්‍යයේ බර්මිංහැම් හි ක්වීන් එලිසබෙත් රෝහල වෙත යවා තිබිණි. එහිදී අසාධ්‍ය තත්ත්වයේ සිට මාස අටක් පමණ ප්‍රතිකාර ගැනීමෙන් පසු ඇය සුවය ලැබුවාය. ඉන්පසු ඇය තම දහසය වැනි උපන් දිනයදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ සමුළුවද ඇමැතුවාය. ඇගේ කතාවේ අඩංගු වූයේ තලේබාන් පාලනය නිසා පාකිස්තානුවන් විඳින දුක් ගැහැට සහ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය ඔවුන් විසින් උදුරා ගැනීම ආදී කරුණු ගැනයි.
ළමා වියේදීම වීරවරියක් වූ මලාලා පසුගිය ජූලි 12දා සිය 18 වැනි උපන් දිනය සැමරුවාය.
දුලාංජලී මුතුවාඩිගෙමව්බිම
ඔහු ජීවිතය දිනන්නට තවත් මානයන් ඇති බව සිය ජීවිත ආදර්ශයෙන් පෙන්වා දෙයි. ඉතින්, කොහෙන් හෝ පටන් ගන්නට, වැටි වැටී නැඟිටිමින් ඒ...
"මගේ තාත්තා රස්සාවක් කළේ නැහැ. අම්මා තමයි අපේ පවුල ආරක්ෂා කළේ..." "ගෙදරින් පැනලා තමයි කොළඹ එන්නේ. පිටකොටුවේ එක එක රස්සා කරන්න...
පෙරදිග ඉවුරේ සිට බටහිර ඉවුරට හෙවත්, ලෝකයේ මෙහා කෙළවරේ සිට එහා කෙළවරට ඔහු සංක‍්‍රමණය කළේ කිසිවක් සන්තකයේ දරාගෙන නොවීය. ඇඳිවත හැර...
ගැහැනියගේ සුන්දරත්වයත් ලාලිත්‍යයත් වර්ණනා කරන කවි, කතාන්දර වෙනුවට දැන් වැඩිපුර ලියැවෙන්නේ ගැහැනුන්ගේ දස්කම් විස්කම් ගැනය. පිරිමි හා උරෙනුර ගැටෙමින් විවිධ ක්ෂේත්‍රවල...
සාම්ප‍්‍රදායික රාමු තුළ කොටු වී හෝ කොටු කරනු ලැබ සිටි කාන්තාවන් එම සීමා බන්ධන බිඳ දමමින් නව ඉසවු කරා ගමන් කරන...
රෙදිපිළි, අතීත ලංකාවේ ජනයාගේ කලාත්මක භාවිතය පිළිබඳ විශිෂ්ට නිදර්ශන සපයන බව රහසක් නොවේ. මහනුවර යුගයේ රාජකීයයෝ කලාත්මක රෙදිපිළි භාවිතය පිළිබඳව මහත්...