Biz Log
Classifields
Biz Log
Classifields

රූපෙ බලලා තමයි තෝරගන්නෙ.. හැකියාවට ඉඩක් නැහැ…

රූපෙ බලලා තමයි තෝරගන්නෙ.. හැකියාවට ඉඩක් නැහැ…

රංගනය මාස හයෙන් ඉගෙන ගන්න බැහැ…එක පාරට හිට් එකක් වෙන්න ඕනෙ නැහැ…

ඇය ‘යමුනා මිස්…’ ඇයගේ එකම උත්සාහය කාන්තා ෆුට් බෝල් කණ්ඩායමක් තම පාසලෙන් බිහිකර ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමට. ‘යමුනා මිස්’ මේ දවස්වල නිරන්තරයෙන්ම වෙහෙස මහන්සිවෙලා පුහුණුවීම් කටයුතු කරන බව අපි දකිනවා. ඉතින් කවුද මේ ‘යමුනා’ මිස්? ඇය මේ ගන්නා උත්සාහයේ ජයග්‍රහණ මොන විදියට විසඳේවිද? ඒ සියලු කරුණු කාරණා දැනගැනීමට පුංචි තිරයට ආපු මේ රුවැත්තිය තමයි ප්‍රාර්ථනා සමාධි. ‘මව්රට’ පුවත්පතේ ‘හාට්’ පිටු අතර ඇයව මේ විදියට නතර කරගත්තා.

ප්‍රාර්ථනාගේ සිහිනය සැබෑ වුණා නේද?

ඔව් අයියේ… පුංචිම කාලේ ඉඳලා රංගන ශිල්පිනියක් වීමේ සිහිනයක් තිබුණා. ඉතින් මගේ ඒ බලාපොරොත්තුව ඉටුවීමට කාලය වැඩියෙන් ගෙවුණා.

ඔබව දැන් ගොඩදෙනෙක් හඳුනන්නේ ගුරුවරියක් ලෙසටයි. අපේ කතාව එතැනින් පටන් ගමු?

‘චලෝ’ ටෙලිනාට්‍යයට මට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ සංජීව උපේන්ද්‍ර අයියා හරහා තමයි. ඔහු මම ගැන ‘චලෝ’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ හසුන් සමීර අයියාට කියලා තියෙනවා. නාට්‍යයේ රූපගත කිරීම් පටන්ගන්නට ඉතාමත් කෙටි කාලයක් තුළදී තමයි මාව ‘යමුනා මිස්’ගේ චරිතයට තෝරාගත්තේ.

ඔබට ෆුට් බෝල් ක්‍රීඩාව ගැන ලොකු දැනුමක් නැහැ කොහොමද මේ චරිතයට සාධාරණයක් කිරීමට උත්සාහ ගත්තේ?

ඇත්තටම ෆුට් බෝල් ගැන ලොකු දැනුමක් නැහැ තමයි. නමුත් චරිතයේ ස්වභාවය ගැන දැනගෙන මම ඒ ගැන විස්තර හොයන්න උනන්දු වුණා. ඒ වගේම මේ ක්‍රීඩාව ගැන දන්න අය අපට සම්බන්ධ කරලා අපට පුහුණුවීමක් කරන්නට සිදුවුණා. ‘යමුනා මිස්’ කියන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවුණු චරිතයක්. මට දැනුණු විදියට මට කළ හැකි උපරිම විදියට චරිතයට සාධාරණයක් කිරීමට මම උත්සාහ කළා. හැබැයි ‘චලෝ’ කණ්ඩායමෙන්ම මට ලොකු සහායක් ලැබුණා. ඉදිරියටත් මෙයට වඩා හොඳට කරන්න මම උත්සාහය ගන්නවා. ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි.

ප්‍රාර්ථනා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න කලින් වේදිකාවේ රඟපෑව නේද?

ඔව්… මගේ මුල්ම පාසල ගම්පහ ගෝතමි විද්‍යාලය. ඒ වගේම ගලහිටියාව මධ්‍ය විද්‍යාලෙනුත් ඉගෙන ගත්තා. ඉතින් පාසල් කාලයේදී මම වේදිකාවට නැඟපු කෙනෙක්. ඒ තිබුණු ආශාවත් එක්ක මේ රංගනය කියන දේ මම හොයන්නට පටන් ගත්තා. ඔය අතර තමයි මම ලූෂන් බුලත්සිංහලගේ රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍ය සහ තවත් වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන ගියා.

රංග පාසලක් කොතැනද ප්‍රාර්ථනා එතනයි. ඇයි මෙහෙම එක දිගට රංගනය හොයාගෙන ගියේ?

රංගනය කියන දේ මාස හයකට සීමා කරන්න බැහැ. ඉතින් මම මේ ක්‍ෂේත්‍රයේ රංග පාසල් බිහිකළ අය ළඟට ගිහින් ඉගෙන ගත්තා. ඒ හැම පාසලකම එකිනෙකට වෙනස් දැනුමක් ලබා ගැනීමට මට අවස්ථාව ලැබුණා.

ගැහැනු ළමයින්ට මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට ඉතාමත් පහසුයි. ඒත් ඔබ ප්‍රමාද වුණේ ඇයි?

මට එහෙම එකපාරට ජනප්‍රිය වෙන්න වුවමනා කළේ නැහැ. අනෙක දක්‍ෂතාව තියෙන අයට අවස්ථාව අඩු බවක් මම දකිනවා. අද මේ ක්‍ෂේත්‍රයට ගොඩදෙනෙක් සම්බන්ධ කරගන්නේ රූපය බලලයි. නමුත් මම කියන්නේ රූපයට වඩා දක්‍ෂතාවයට අවස්ථාව දෙන්න කියලයි.

ඉදිරි වැඩකටයුතු කොහොමද ඔබගේ?

මම විශ්වවිද්‍යාලයේ තවම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතර තමයි හොඳ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්නේ. ඉදිරියේදී මම සම්බන්ධ වුණු චිත්‍රපටයක් තිබෙනවා තිරගත වීමට. අලුතෙන්ම තවම මොනවාටවත් සම්බන්ධ වුණේ නැහැ.

වසන්ත විතාරණගේඋපුටා ගැනීම මව් රට

Share This Article

දෙමළ බසින් රට ඇල්ලූ සිංහල යුවතී

නළලත මැද පුංචියට තබා ඇති මෙරුන් පැහැ තිලකයකි. රත් පැහැ සාරියටම ගැළපෙන ඉන්දියන් කූඩු කරාඹු ජෝඩුවකි. අපූරුවට ගෙතුණු කේශ කලාපය හැඩ...

නවකයින් අතර දක්ෂයින් අඩුයි Nirosha Thalagala

නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්‍ෂක ආදරය දිනා ගනිමින් සිටින්නී ය. ඇය නිරෝෂා...

නාඩගම්කාරයෝ සෙට් එකට ආපු අලුත්ම නාඩගම්කාරී…

අහම්බෙන් තමයි නාඩගම්කාරියක් වෙන්න ලැබුණේ…හංසි ලොකු වෙනසක් කරයි ඉස්සරහට…මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් ‘නාඩගම්කාරයෝ’. පසුගිය දවස්වල නාඩගම්කාරයෝහි අපිට අලුත් මුහුණු...

මම අරගත්තේ හරිම වාසනාවන්ත තීරණයක්

ඇක්ටින් ඇකඩමියක් පටන් ගත්තා. මේ දිනවල ඔහු අපට මුණගැසෙන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘තත්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේ පොලිස් නිලධාරි ධර්මජිත් ලෙසිනි....

මගේ ප්‍රතිරූපේ පාවා දෙන්නේ නෑ…

රඟපාන එකත් නතර කරනවා එහෙම වුණොත්…අපි හොඳයි නම් කාගෙන්වත් බලපෑම් එන්නේ නෑ…‘දෙරණ අවුරුදු කුමරිය’ ලෙසට අභිෂේක ලබමින් චරිතාංග රංගන ශිල්පිනියක ලෙසට...

රැවුලෙන් ගොඩගිය එකම සංගීත ශිල්පියා මමලූ - හෙක්ටර් ඩයස්

ඇත්තටම කිව්වොත් "පාටි" නොහිටින්න මට මේ කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා..සැක්සෆෝන් වාදනයට තිබුණ ආසාව නිසාම මේරියන්ස් නායක නලින් අයිය මට අවස්ථාව...