Biz Log
Classifields
Biz Log
Classifields

කාලෙන් කාලෙට අලුත් මූණු ආවට මට ලැබෙන චාන්ස්වල අඩුවක් නැහැ…

කාලෙන් කාලෙට අලුත් මූණු ආවට මට ලැබෙන චාන්ස්වල අඩුවක් නැහැ…

මගේ ඉන්ස්ටග්‍රෑම් එකත් හැක් කරලා තිබුණා…ජනප්‍රිය වෙන්න FB ඉන්න ඕනේ නැහැ…

ජනප්‍රිය, තරු අතර තවමත් සුන්දරත්වයෙන් හැඩවන සුන්දර රුවක් ලෙසට රුවන්ගි රත්නායක ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ විවිධ චරිත හරහා ඔබට සමීප වුණා. ඉතින් ඇය මේ දවස්වල පොලිසියට බැඳිලා තවත් සුන්දර කතා වස්තුවකට හැඩගැහෙන මොහොතක ඇය සමග කතා කිරීමට හිතුවා.

රුවන්ගි පොලිසියට බැඳිලා නේද මේ දවස්වල?

සුමින් ගල්හේන අධ්‍යක්‍ෂණය කරන නවතම ටෙලිනාට්‍යයේ මම ‘පොලිස් කාන්තාවක’ගේ චරිතයක් නිරූපණය කරනවා. ඉතින් ඒ ටෙලිනාට්‍යයේ වැඩකටයුතුත් එක්ක දොම්පේ ප්‍රදේශයේ සැරිසරනවා.

ඔබ නිරූපණය කළ අනෙකුත් චරිතවලට වඩා මේ චරිතයේ වෙනසක් දැනෙනවාද?

පොලිස් ඇඳුම ඇන්දා කියලා මට වෙනසක් දැනුණේ නැහැ. මොකද මම මෙයට පෙර ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයක පොලිස් චරිතයක් කළා. හැබැයි චරිත ස්වභාවය තුළ එකිනෙකට වෙනස් බවක් මම දකිනවා.

රටේ තිබෙන මේ ‘කොවිඩ්’ ප්‍රශ්නයත් එක්ක රටවටා රූපගත කිරීම් සඳහා සම්බන්ධ වීම අවදානම් නේද?

මම එහෙමයි කියලා එක දිගට වැඩ බාරගෙන කරන කෙනෙක් නෙවෙයි. වැඩ නොකර ගෙදරට වෙලා ඉන්නත් බැහැනේ. මට හොඳයි කියලා දැනෙන වෙනස් චරිතයක් ලැබුණොත් විතරයි මම සම්බන්ධ වෙලා වැඩ කරන්න යන්නේ.

දවසින් දවස එකතුවෙන අලුත් තරුත් එක්ක රුවන්ගිට නිර්මාණවල අඩුවක් තියෙනවද?

විවිධ ‘රියැලිටි’ වැඩසටහන් හරහා එහෙමත් නැතිනම් ‘ටික්ටොක්’ හරහා මේ ක්‍ෂේත්‍රයට කාලෙන් කාලෙට අලුත් පිරිස එකතු වෙනවා. ඉතින් එහෙම කවුරු සම්බන්ධ වුණත් මට තිබෙන ආරාධනාවල අඩුවක් නැහැ. මොකද මේ ක්‍ෂේත්‍රයේ යන්න ඕන පිළිවෙළ අපි දන්න නිසා. අලුත් මුහුණු දකිනවා. ආයේ කාලයත් එක්ක ඒ කවුරුත් දකින්නට නැහැ. එතැනින් කිහිප දෙනයි ඉතුරුවෙලා ඉන්නේ. හැබැයි මම අවුරුද්දක් රඟනොපා හිටියත් ප්‍රේක්‍ෂකයන්ට මාව අමතක නොවීම ගැන සතුටුයි. පාරට බැස්සත් අහවල් නාට්‍යයේ, අහවල් චරිතය මම හොඳට රඟපානවා කියලා මට කියනවා.

ජනප්‍රියතාවය රඳවා ගන්න ෆේස්බුක් ගොඩදෙනෙක් භාවිත කරනවා. ඒත් ඔබට ෆේස්බුක් ගිණුමක් තවම නැහැ නේද?

මම අද වෙනකල් ෆේස්බුක් ගිණුමක් පාවිච්චි කරලා නැහැ. හැබැයි මගේ නමින් විවිධ අය ෆේස්බුක් ගිණුම් හදාගෙන කටයුතු කරන බව මම දකිනවා. ජනප්‍රියතාවය රඳවා ගැනීමට ෆේස්බුක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ.

ඔබ පාවිච්චි කළ ඉන්ස්ටග්‍රෑම් ගිණුම තව කවුද හැක් කරලා තිබුණා නේද?

ඔව්… මම පාවිච්චි කළේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් විතරයි. ඒකත් පහුගිය අප්‍රේල් 20දා කවුද හැක් කරලා තිබුණා. මගේ තිබුණු පින්තූර සියල්ලම මකලා තිබුණා. හැබැයි කවුරුවත් එය අවභාවිත වෙන විදියට මොනවත් කරලා තිබුණේ නැහැ. මම මාසයකින් විතර නැවැත එය හදා ගත්තා.

කලා ක්‍ෂේත්‍රයේ කැදලිවලට කිරි සුවඳ හමන කාලෙක ඔබේ කැදැල්ලට ඒ සුන්දර දවස් ප්‍රමාද ඇයි?

මම විවාහ වෙලා දැන් ටික කාලයක් වෙනවා. ලබන අවුරුද්දේ විතර එය ගැන හිතනවා. පුංචි දරුවෙක්ගේ මුහුණක් බලන්න මමත් ගොඩාක් ආශාවෙන් ඉන්නේ.

උපුටා ගැනීම මව් රට

Share This Article

වේදිකාවට පණක් දෙන්න සරත්ගෙන් අලුත් වැඩක්…

දැන් නාට්‍යයක් කරගන්න බැරි තැනටම ඇවිල්ලා…මම කැමැතියි විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයාට සමීප වෙන්න…වේදිකාවේ අභිෂේක ලබමින් රටවටා සැරිසැරූ ඔහු අද ටෙලිනාට්‍යවල වගේම...

වෙනස් ඕනේම දෙයක් කරනවා…

මම කරන වැඩේ හරියට කරනවා… මිනිස්සු මොනවා කිව්වත් මට අදාළ නැහැ… මම වැඩ බදාගෙන කරන්නේ නැහැ…සිනමාවේ ජනප්‍රිය ශිල්පිනියක් ලෙසට චුලක්ෂි රණතුංග...

ඇත්තටම ඒක නම් මාරයි, මමත් ඊට එකතු වුණේ යම් මානසික සහනයක් ලැබෙන නිසා

“ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ “චිත්‍රාංගනී විජේවීර” චරිතය රඟ පෑ සුලෝචනා වීරසිංහ ඔබට මතක ඇති. ඒත් අපි මේ කියන්න හදන්නේ ඇයගේ රංගනය...

ජීවිතය ගෙවුණෙ සෙට් එකයි රූගතකිරීම් එක්කයි…

රඟපෑම වෙනුවෙන් ජීවිතයම කැපකළ කෙනෙක් මම… ලැබුණු පිටපත් ගණන අසීමිතයි… අන්තිමට මට මාවත් අමතක වුණා…‘සබීතා පෙරේරා’ නම් සුරූපී නිළි තාරකාව ගැන...

සිහින සමීකරණ ලයිෆ් එකට ගයිඩ් ලයින් එකක්

සසික හේරත් අධ්‍යක්ෂණය කරනු ලබන ‘සිහින සමීකරණ’ සිනමා නිර්මාණය හරහා රන්දික ගුණතිලකව මේ දිනවල රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඔය අතරේ පුංචි...

මේ ගමන අවබෝධයෙන් යා යුතුයි - රෙබේකා දිල්රුක්ෂි

පෙරළෙන ගල් කැට පෙරළී යන්ට නොදී ඒ ගලෙන් ශක්තිමත් බැම්මක් සාදා ගැනීම කීයෙන් කී දෙනාද සිතන්නේ. කුඩා කාලයේ සිඟිති සිත්තුළ විවිධ...