''අත දිග හැරලා ගහන්න කියලා චමීර කිව්වා'' - ටීනා ෂනෙල්
වෙනස් ආකාරයක ටෙලි නාට්‍යයක් ලෙස නිර්මාණය වී ඇති "වලවෙට්ටුවා" ටෙලි නාට්‍යයේ අභියෝගාත්මක කාන්තා චරිතය ඇයයි. ටීනා ෂනෙල් අද හදගැස්ම සරසන කතා නායිකාවයි.
කොහොම ද මේ දවස්වල ජීවිතේ?
ස්වර්ණවාහිනියේ විකාශය වන වලවෙට්ටුවා හා සිරස නාළිකාවේ විකාශය වන සකූගේ ලෝකය ටෙලි නාට්‍යවල රූගත කිරීම් සමග තරමක් කාර්යබහුලව කාලය ගෙවෙනවා.
වලවෙට්ටුවාහි වෙල්මාගේ චරිතය භාර ගැනීමට පෙර එකී චරිත ස්වභාවය පිළිබඳව ඔබ අධ්‍යයනයක් කළා ද?
ඔව්, අනිවාර්යයෙන් ම. තිර පිටපත කියවන විට ම එකී චරිත ස්වභාවය මගේ හිතේ මැවී පෙනුණා. ඒ වගේ ම ඒ චරිතයේ සියුම් ගති ලක්ෂණ මං හොඳින් අධ්‍යයනය කළා. චරිතය ඉදිරියට කරගෙන යන අතරතුරත් මං එකී අධ්‍යයනය දිගට ම පවත්වාගෙන යනවා. වලවෙට්ටුවා නිර්මාණයේ වෙල්මාගේ චරිතයට මාව යොදා ගැනීමේ ගෞරවය මං හැම විට ම සුරකිනවා. ඒ වගේ ම චරිතය නිරූපණය කිරීමේදී මට ලබා දෙන නිදහස තුළ එයට උපරිම සාධාරණයක් ඉටුකිරීමට හැකිවෙනවා.
චමීරට අත දිග ඇරලා ගහපු කම්මුල් පාර හරි ම සජීවීයි. ඒ තරම් ස්වාභාවික රංගනයකට පරිසරය සැකසුණේ කොහොම ද?
මං රංගන ක්‍ෂේත්‍රයට ආධුනිකයි. නමුත් චමීර රංගන ක්‍ෂේත්‍රය තුළ ප්‍රවීණයි. යම් නිර්මාණයක සාර්ථක රංගනයක් ඉදිරිපත් කිරීමට නම් එක් එක් චරිතවලින් ලැබෙන සහයෝගය වඩාත් වැදගත් වෙනවා. චමීර කියන්නේ මගේ හොඳ මිතුරෙක්. මගේ චරිතයට යම් සාධාරණයක් ඉටු වුණා නම් ඔහුටත් එහි ගෞරවයේ අඩක් අයිතියි. "කමක් නෑ අත දිග හැරලා ගහන්න" කියලා කියපු නිසා මට ඒ රංගනය තාත්ත්විකව නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා.
ඔබ නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසුණේ කොහොම ද?
මං කුඩා කාලයේ පටන් ම නිරූපණ ක්‍ෂේත්‍රයට කැමැතියි. ඒ නිසා ඒ පිළිබඳව සොයා බලන්න වගේ ම අධ්‍යයනය කරන්න මං යොමු වුණා. වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම, විලාසිතා නිරූපණය කිරීම තුළ එකී ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමට අවස්ථාව ලැබුණා.
නිරූපණ ක්‍ෂේත්‍රය තුළ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලයි සමහරු කියන්නේ. ඒ කතාවේ සත්‍ය අසත්‍යතාව ඔබ දකින්නේ කොහොම ද?
ඕනෑ ම ක්‍ෂේත්‍රයක කිසි ම දෙයක් බලහත්කාරයෙන් සිදුවෙන්නේ නැහැ. කෙනකුගේ කැමැත්තෙන් යම් යම් අකටයුතුකම් කරමින් ක්‍ෂේත්‍රයට ඇඟිල්ල දිගු කරනවා නම් එය ගැටලුකාරී තත්ත්වයක්. බොහොමයක් දෙනා සමාජ මාධ්‍යයන්වල මොඩ්ලර්ස්ලා විදිහට තමන්ව හැඳින්වුවත් ඔවුන් නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳ අංශු මාත්‍රයක්වත් දන්නේ නැහැ.
ගීතයක, දෙකක රූප රචනාවකට රංගනයෙන් දායක වෙලා අතුරුදන් වෙන්නේ එවැනි නිරූපණ ශිල්පීන්. ඕනෑ ම ක්‍ෂේත්‍රයක පැවැත්ම තීරණය වෙන්නේ ඒ වෘත්තීය තුළ සිදුකරන කැපකිරීම් මත. නිරූපණ ක්‍ෂේත්‍රය තුළ මං කළ කැපකිරීම් බොහොමයි. ඒ වගේ ම යම් නිරූපණයකට ආරාධනා ලැබුණත් එයට සම්බන්ධ ආයතනය, එහි වැඩකටයුතු සිදුකරන ආකාරය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් තිබිය යුතුයි. එවිට නිරූපණ ක්‍ෂේත්‍රය තුළ අතරමං වෙන්නේ නැහැ.
ඔබටත් එවැනි අයුතු යෝජනා ඇවිත් තියෙනව ද?
මට එවැනි සිද්ධීන්වලට මුහුණ දීමට සිදුවූ අවස්ථා ඉතාමත් සීමිතයි. ඕනෑ ම දෙයෙක් සෘජුව ප්‍රකාශ කරන නිසා මට අයුතු යෝජනා කරන්න කවුරුත් පෙළඹෙන්නේ නැහැ.
බොඩි ෂේප් එක ඔබට උප්පත්තියෙන් ලැබූ දෙයක් ද? වර්ක් අවුට් කරලා හදාගත් දෙයක් ද?
මං ජිම් එකට යන්නේ හරිම අඩුවෙන්. මෑතකදී නම් ජිම් ගියේ ම නැති තරම්. ඒ මගේ උප්පත්තියෙන් ලැබුණු ශරීර හැඩය. ආහාර පාලනයෙන් ගොඩක් ඇඟ සමබර කර ගන්න මං උත්සාහ කරනවා. ගොඩක් ප්‍රිය කරන පීසා, චොක්ලට් වගේ දේවලුත් මං ඉතාමත් සීමිතව කෑමට ගන්නේ. බර වැඩි වෙනවා වගේ දැනෙන කොට ජොගිං යනවා. නමුත් ජිම් යන්න නම් මං කාලයක් වෙන්කරන්නේ නැහැ.
බොහොමයක් දෙනා ශරීර හැඩය වෙනස් කර ගන්න ප්ලාස්ටික් සැත්කම්, සිලිකන් ෆිලින් සිදුකරනවා. ඔබ එවැනි රූපලාවණ්‍ය විධික්‍රම අනුගමනය කර තිබෙනවා ද?
කිසි ම විටෙක එවැනි ක්‍රම අත්හදා බලලා නැහැ. එකී රූපලාවණ්‍ය ක්‍රම සිදුකළා ම කාලයත් සමග විවිධ අතුරු ආබාධවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේ ම මස්පිඩු ඉලිප්පුණු ශරීරයක්වත් ගොඩක් කෙසඟ ශරීරයක්වත් නිර්මාණය කර ගන්න මං කැමැති නැහැ. මං දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා මෙවන් ශරීර හැඩයක් මට ලබාදුන්නාට.
ආදරය ගැන ඔබට දැනෙන්නේ කොහොම ද?
ආදරය කියන්නේ හරි ම සුන්දර හැඟීමක්. එහිදී වැදගත් ම කරුණ තේරුම් ගැනීම. යම් කෙනෙක්ගේ වෘත්තියක් කරගෙන යාමට ලබා දෙන නිදහස වගේ ම සහයෝගය ආදරයේදී ගොඩක් වැදගත් වෙනවා. ආදරය දලුලන්නේ එකී මානසික සුවය මත.
ටීනාටත් හිතට සුව දෙන ආදරයක් මුණගැහිලා වගේ?
ඔව්, මං පෙම්වතියක්.
ඔහු ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් ද?
නැහැ. මං ඉදිරියේදී ඔහු ගැන කියන්නම්.
නුදුරේදී ම මංගල සීනු හැඬවෙයි ද?
තව ම විවාහ වීමට බලාපොරොත්තුවක් නැහැ.
අනාගත බලාපොරොත්තු මොනවා ද?
ටීනා බටහිර පන්නයේ චරිතවලට පමණක් කොටු වී නැහැ කියලා වලවෙට්ටුවා නාට්‍යයෙන් මං ඔප්පු කළා. මං විශ්වාස කරනවා චරිතය තුළ මට නවමු යමක් කළ හැකි වෙනස් චරිත මට ඉදිරියේදී නිරූපණය කිරීමට අවස්ථාව ලැබෙයි කියලා. විවිධ පරාසයන්ගේ චරිතවලට පණ පොවමින් අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය සාර්ථකව ගෙවීමයි මගේ එක ම බලාපොරොත්තුව.
උපුටා ගැනීම මව්බිම
මේක නම් මට දේව හාස්කමක්…දවස් හතම එකම කතාවක රඟපාන්න ලැබෙයි කියලා හිතුවේ නෑ…එකම පවුලෙන් සහෝදරයන් දෙදෙනෙක් එක රැයකින් තරු බවට පත්වෙලා...
මේ දවස්වල Copy Chat වැඩසටහනේ කලාකරුවන්ගේ ආගිය තොරතුරු, යට ගිය තොරතුරු සොයමින් වෙහෙසෙන ඔහුගේ අලුත් ම තොරතුරු මොනවා දැයි සොයා බලන්න...
බලාපොරොත්තු රැසක් පොදි බැඳන් සිටින ඇයගේ නම ටුටුය. මේ යොවුන් තැනැත්තිය තම ආදායම සරි කරගන්නේ විදේශිකයින්ට විවිධ දෑ විකුණමිනි. ටුටූගේ ගතිගුණද...
මේ දිනවල පුංචි තිරයේ වැඩිපුරම දක්නට ලැබෙන ප්‍රේක්‍ෂක ආදරය ආකාර්ශනය දැඩි සේ ලබාගත් රංගන ශිල්පියෙක් මෙවර සදැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා....
• සිනමාවට තවත් වසන්තයක් අරන් අපි ආවේ…• සබීතයි මායි අතරේ තරගයක් තිබ්බේ නැහැ…• නිහාල්සිංහයන් මං දිහා ගල් ගැහිලා බලන් හිටියා… •...
ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ‘ලලයි ලිලයි ලයි’ ටෙලි නිර්මාණය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන වෙනස්ම තාලයේ ටෙලි සිත්තමකි. නමෙහි රිද්මයටම...