Biz Log
Classifields
Biz Log
Classifields

හිත රිදෙයි කතා හැදෙයි ඒත් මං ගණන් ගන්නෙ නෑ

මේ දිනවල කාගේත් කතා බහට ලක්වෙන ටෙලි නිර්මාණයක් තමයි හිරු නාලිකාවේ විකාශය වන පාට කුරුල්ලෝ කියන්නේ. එහි ගඟුලිට රඟපාන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක් වන දෙව්මිණි තත්සරණි. ගඟුලි නිසා දෙව්මිණිට ලැබෙන ප්‍රතිචාර ගැන වගේම ඉදිරි නිර්මාණ ගැන ඇයත් කළ සොඳුරු කතාබහයි මේ.

පාට කුරුල්ලෝ ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පාටකුරුල්ලො හි මම රංගනයෙන් දායක වෙන්නෙ “ගගුලි”කියන චරිතයට. හැබැයි මට වඩා වෙනස්, නපුරු,කටකාර චරිතයක්. ප්‍රේක්ෂකයො නම් මේ දින වල ගොඩක් ගගුලිට බණිනවා. නමුත් ඇත්තටම මම කරන්නෙ චරිතයකට පනපොවන එක විතරනෙ. ඇත්තටම සමාජයේ ගගුලි වගේ අය ඉන්නවා. ඒ මානසික පීඩනය විදින අය ඒක හොඳටම දන්නව. මම හිතනව ගගුලිට බැන්නට මට ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලබෙන ආදරය අඩුවීමක් වෙන් නැති වෙයි කියල. ගගුලිගෙන් සමාජයට හොඳ පණිවිඩයක් ලැබෙයි කියල මම හිතනවා.

කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?

චාමර සමරවික්‍රම නිශ්පාදකතුමා තමයි මට මේ සදහා ආරාධනා කරල මට මේ අවස්තාව ලබා දුන්නෙ.

ඔබ කලාවට එන්නේ කොහොමද?

මගේ ගමනේ ආරම්භය මතක් කළොත්, මම 2019 වසරේ චන්දිමාල් ජයසිංහ සහ ඉන්දුමාලා රාජපක්ෂ එකතු වී පැවැත්වූ අවුරුදු කුමරිය තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. ඒ වගේම 2019 වසරේ Miss sri lanka for miss worl තරගයේද කිරුල දිනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒත් සමඟයි මට මේ කලාවට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ.

ක්ෂේත්‍රයට තවම අලුත් නිසා ප්‍රවීණයින්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ගොඩක් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. මට ගොඩක්ම පාටකුරුල්ලො රූගතකිරීම් කරන්න ලැබෙන්නෙ කුසල් මදුරංග අයියා එක්ක. කුසල් අයියාගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මෙම නාට්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සිටින අතර ඔවුන්ගෙන් ද, අධ්‍යක්ෂතුමා සහ කාර්‍යමන්ඩලයෙන්ද නවකයෙක් වශයෙන් මා හට නොසිතූ ලෙස විශාල සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සිවගුරුනාදන් සර්ව. රංගනය ගැන වගේම මගේ රඟපෑම ගැන මම බොහෝ දේවල් එතුමාගෙන් ඉගෙන ගත්තා. මගේ රංගනයේ යම්කිසි දක්ෂතාවයක් දකිනවා නම් එහි ගෞරවය අනිවාර්යෙන්ම ඔහුට ලැබිය යුතුයි. එතුමාගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීමම මම දකින්නේ වාසනාවක් හැටියට.

පවුලේ විස්තර කිව්වොත්?

මගේ ගම නුවර පිළිමතලාව. අපේ පවුලේ ඉන්නේ හතර දෙනයි මාත් එක්කම, තාත්ත විශ්‍රාමික යුදහමුදා නිලධාරියෙක්. ඔහු දැනට ජාත්‍යන්තර පාසලක ශාරීරික අභ්‍යාස උපදේශක වරයෙකු සහ මලල ක්‍රීඩා පුහුණු කරුවෙකු ලෙස සේවය කරනවා. මගෙ අම්ම ගෘහනියක්. මල්ලි මේ දිනවල වැඩිදුර අධ්‍යාපනය හදාරමින් ජපානයේ වාසය කරනවා.

කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය?

අනිවාර්යෙන්ම ඒ ගැන මතක් කරන්න ඕනෙ. දෙමව්පියන්ගෙන් මගේ වැඩකටයුතු වලට ගොඩක් ලොකු සහයොගයක් ලැබෙනවා.

දැන් දිගටම රඟපාන්න ද කැමැත්ත?

ඔව්, මම රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ද වන නිසා ඉදිරියට මේ ක්ෂේත්‍ර දෙකේම වැඩකටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කොහොමද?

මෙතෙක් කල් මම වැඩ කටයුතු කරන designers ල සමඟ සහ ආයතන සමඟ වැඩ කටයුතු දිගටම කරගෙන යනවා. ඒ වගේම හොඳ අවස්ථා ඉදිරියට ලැබුණොත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

චරිත වලදී තමන්ටම පනවා ගත් සීමාවන් තියෙනවද?

ඔව්… අනිවාර්යෙන්ම, පිටපත අනුව සහ චරිතාංග නිළියක් වශයෙන් සමාජයට වැදගත්, හොඳ සන්නිවේදනයක් කල හැකි චරිත රඟපාන්න කැමතියි.

පාට කුරුල්ලෝ හි අමතක නොවන මතක ඇති නේද?

දැනටනම් එහෙම විශේෂ සිදුවීමක් නැහැ. නමුත් හරිම විනෝදෙන් ආසාවෙන් වැඩ කටයුතු කරගෙන යන නිසා පාටකුරුල්ලො හැමදාමත් මට අමතක නොවන සිදුවීම් පිරුණ නාට්‍යයක්.

ගොසිප් වලට බයද?

හිත රිදෙයි…. ගොසිප් අමාරුවෙන් හරි මගේ ශක්තියක් කරගෙන. ඒක මම මගේ අනාගත දියුණුවට එක් සාධකයක් විදියට බාර ගන්නවා.

විලාසිතා වලට තියෙන කැමැත්ත කොහොමද?

මම පොඩි කාලෙ ඉදලා විලාසිතා වලට ගොඩක් උනන්දුයි කැමතියි. දැනටත් මම new fashion trends follow කරන්න කැමතියි. නමුත් මගේ personality එකට වගේම ශරීරයටද ගැලපෙන විලාසිතාවන් කරනවා.

ආදරේ දකින්නේ කොහොමද?

මම නම් දැනට ආදරවන්තියක් නොවෙයි. නමුත් මම විශ්වාස කරනවා හරි කෙනාගෙන් හරි විදියට ලැබුණොත් ආදරේ සුන්දරයි කියලා. මමත් එහෙම ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ තියෙනවා targets ටිකක් ඒවා achieve කර ගන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව

දෙව්මිණි තත්සරණි
උපුටා ගැනීම සිළුමිණ