Biz Log
Classifields
Biz Log
Classifields

මගේ කොටකොණ්ඩය සමහර අයට ප්‍රශ්නයක් වුණා...

මගේ කොටකොණ්ඩය සමහර අයට ප්‍රශ්නයක් වුණා...

නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට එක්වුණු නිලූ ටනාෂා මේ වනවිට රංගන ශිල්පිනියක්ද වෙනවා. ඇය ජාත්‍යන්තර කිරුළක් ජයග්‍රහණය කළ ශිල්පිනියක්. මේ දිනවල විකාශය වනපාර දිගේ ටෙලිනාට්‍යයට නිලූ රංගනයෙන් දායක වෙනවා. ඉතිං සාරවිට මේ කතාබහ ඇය සමඟ.

මේ දවස්වලවැඩ කටයුතු කොහොමද?

මේ දවස් වල පාරදිගේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදු කරනවා. වෙන කිසි වැඩක් මේ දවස්වල නැහැ.

පාරදිගේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ චරිතයකට රංගනයෙන් දායක වුණා. ඒ අවස්ථාව උදා කරලා දුන්නේ මගේ යාළුවෙක්. අග්නි පියාපත් හරහා තමයි ශිවා අයියව, චාමර අයියව, සද්ධා අයියාව අඳුනා ගන්න ලැබෙන්නේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මට පාරදිගේ ටෙලි නාට්‍යයට ආරාධනා කරන්නේ.

මෙහි ඔබේ චරිතය ගැන කිව්වොත්?

මගේ චරිතයේ නම වත්සලා දිසානායක. උද්දික අයියගේ පස්සෙන් යන චරිතයක්. උද්දික අයියා රඟපාන රොහාන්ගේ චරිතයට මම ආදරේ කරනවා. මගේ චරිතය තවම පටන් ගත්තා විතරයි. දැනට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන සතුටුයි.

ඔය ටෙලිනාට්‍ය දෙකට අමතරව තව මොනාදසම්බන්ධ වුණු නාට්‍ය?

මම කලාවට එන්නේ නිරූපණ ශිල්පිනියක් විදියට. එතනින් තමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නේ. හිරු නාලිකාවේ විකාශය වුණු අහස් මාළිගා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම මහේන්ද්‍ර සර්ගේ ක්ලාස් එකෙත් රංගනය ගැන ඉගෙන ගත්තා. හැබැයි මම මුලින්ම රංගනයෙන් සම්බන්ධ වෙන්නේ හර්ෂ උඩකන්ද අයියගේ සේදමාවත චිත්‍රපටයට. ඒක ලැබෙන්නේ අනුජ් රණසිංහ අයියා හරහා.

නිරූපණයට එද්දී රංගනය ගැන බලාපොරොත්තුවක් තිබුණද?

නැහැ. පොඩි කාලේ ඉඳන් ගොඩක් ආසාවෙන් හිටිය රඟපාන්න. නිරූපණ ක්ෂේත්‍රයේ දී මම ගොඩක් දේවල් ලබාගෙන තිබෙනවා. මම මෙහේ නිරූපණ තරග වල සහ ජාත්‍යන්තර තරඟාවලිවල ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා. ගොඩක් අය මට රංගනයට ආරාධනා කළත් audition වලදී මගේ කොණ්ඩය එයාලාට ප්‍රශ්නයක් වුණා. මට තියෙන්නේ කොට කොණ්ඩයක්නේ. ඒ නිසා රංගනය ගැන ලොකු බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ. එනිසා මම ඒ පිළිබඳව උත්සාහ කළෙත් නැහැ. සේද මාවත චිත්‍රපටයෙන් පස්සේ පස්සේ මට රංගනය ගැන ආසාවක් ඇති වුණා. ඊට පස්සේ තමයි මහෙන්ද්‍ර සර්ගේ ක්ලාස් එකටත් ගියේ.

ඔබ ජාත්‍යන්තර රූ රැජිණ තරඟාවලි ජයග්‍රාහිකාවක්. පහුගිය කාලයේ කිරුළක් සම්බන්ධවඅපේ රටේ ප්‍රශ්නයක් ඇති වුණා. මේ ගැන ඔබ මොකද හිතන්නේ?

ඔය ප්‍රශ්නෙදි පැති කිහිපයක් තිබෙනවා. ඇත්තටම මම ඔය සම්බන්ධව කතා කරන්න කැමති නැහැ. හැබැයි ඒ අවස්ථාවේදී ඒ කරපු දේ වැරදි කියල විතරයි මම කියන්නේ. මට එයාල එක්ක පෞද්ගලිකව කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් ඒ අවස්ථාවේදී කරපු දේ ඉතා වැරදියි.

ඉදිරියටත් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණොත් බාරගන්නවද?

මගේ දක්ෂතාවයට ආරාධනාවක් ලැබුණොත් මම හොයලා බලලා හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ඇත්තටම දැන් ඉදිරියේ ගැන කතා කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ඉදිරියට මොනවා වෙයිද කියන්න දන්නේ නැහැ. මම හිතන්නේ අපි කාටවත් හිතාගන්න බැහැ ඉස්සරහට මොනවා වෙයිද කියලා.

කලාවේ ඔබේ ආරම්භයේ ඉඳල අද පැමිණි තැන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු දහයක් වෙනවා. මම නිරූපණය හැදෑරුවේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ. මම කිරුළක් දරාගෙන ඉන්නේ ඇය නිසයි. මම කවදාවත් හිතුවේ නෑ මට එච්චර දුරක් යන්න පුළුවන් කියලා.

උදව් කරපු අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ රොසෑන් ඩයස් මහත්මියව. ඒ වගේම මගේ වටේ හිටපු හැම යාලුවෙක්ට මම ස්තූති කරනවා. ඒ වගේම අනූජ් අයියට, හර්ෂ උඩකන්ද අයියව මතක් කරන්න ඕනේ. ඒ වගේම චාමර සමරවික්‍රම, ශිවගුරුනාදන් සහ සද්ධා සද්ධාමංගල සූරියබණ්ඩාර කියන ත්‍රිත්වයටත් ස්තුති කරනවා. ඒ වගේම අමිල අයියාවත් මතක් කරන්න ඕනේ. නම් නොකියපු මට උදව් උදව් කරපු හැමෝටමත් ස්තුතියි.

මගේ කොටකොණ්ඩය සමහර අයට ප්‍රශ්නයක් වුණා...

මගේ කොටකොණ්ඩය සමහර අයට ප්‍රශ්නයක් වුණා...

මගේ කොටකොණ්ඩය සමහර අයට ප්‍රශ්නයක් වුණා...

කැලුම් දේවින්ද

උපුටා ගැනීම saaravita.lk

Share This Article

ශ්‍රී ලංකාවේ කලාකාරිනියක විදිහට ඉපදුණ එක ගැන කනගාටු වෙනවා

කොවිඩ් රෝගය ශීඝ්‍රයෙන් උත්සන්න වෙන කාලයක, රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යන කාලයක, සෑම ක්ෂේත්‍රයක් ම වේගයෙන් බිඳ වැටී ගෙන යන කාලයක...

සාර්ථකද අසාර්ථකද කියලා මට තීරණය කරන්න බැහැ…

ඒක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි…නිර්මාණවලට ලේබල් ගහල වෙන් කරන්න බැහැ…වසර දොළහක පමණ කාලයක් ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කරමින් සිටි ඔහු පසුකාලීනව...

එක පාරක් වැරදුණාට හැමදාම වරදින්නේ නැහැ

ටාගට් කවර් කරන් විවාහය ගැන හිතනවාරංගනය භාවනාවක් වගේතිරයේ මගේ පළමු පෙම්වතිය ශලනි රංගන ශිල්පීන් අධ්‍යක්ෂවරු වෙනවා. නමුත් ඒ තුළ සාර්ථක වෙන්නේ...

කලාව කියන්නේ මැරෙන තුරුම ඉගෙන ගන්න තියෙන විෂයක්

මේ වනවිට ටෙලි නාට්‍ය්‍ය රාශියක දැක ඇති යොවුන් රංගන ශිල්පිනියක් ලෙස ලංකි ප්‍රේමරත්න හඳුන්වා දිය හැකිය. විවිධ චරිත ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂක...

සත්‍යය හෙළි වෙන­කම් බලන් ඉන්නවා

කලින් කලට සමාජ මාධ්‍යයෙන් විවිධ පුවත් කරළියට එනවා. ඒ පුවත් අතරට ප්‍රසිද්ධ චරිතවල නම් එකතු වීම නම් අරුමයක් නෙවෙයි. කෙසේ වෙතත්...

රඟපෑමත් දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්

තාරා කළුආරච්චි රංගනයට එන්නෙ නිරූපණ ක්‍ෂේත්‍රය හරහා. මේ දිනවල ලලයි ලිලයි ලයි සහ හිච්චි යන ටෙලි නාට්‍ය එක්ක ඇය ගැන බොහෝ...