Biz Log
Classifields
Biz Log
Classifields

ක්ෂේත්‍රයේ ඉන්නවා අනුන්ගේ මිනිස්සු හොරකන් කරන්න දක්ෂ කට්ටිය

හැමෝම දන්නවනේ පියුමි කියන්නේ පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක් බව. කාලෙකට කලින් නම් පුංචි පුතත් එක්ක තනිකඩවම ජීවිතය ගත කරන බව හිතුවද මේ වෙද්දී නම් ඇය නැවතත් විවාහ වෙන්න සූදානම් වන පුවතක් පැතිරෙනවා. පියුමිගේ හිත නැවතුණ තැන ඉන්නේ ප්‍රගීත් තනුෂ්ක කියලයි මේ වෙද්දී පියුමි සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රේක්ෂකයන්ට කියලා තියෙන්නේ. මේ අතර පියුමි ඇයගේ සුදුවීමේ රහස හෙළි කර තිබෙනවා. මේ සියල්ල ගැන ‘පිනිපලස’ පියුමි සමග කළ සොඳුරු කතාබහයි මේ…බොහොම ආදරණීය ඡායාරූප සමාජ මාධ්‍යයට එකතු කරන්නේ, කොහොමද ලැබෙන ප්‍රතිචාර…

ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. මම ෆොටෝ එකක් දැම්මම 2000ක් 3000ක් කමෙන්ට් කරනවා. ඒ ගැන හරිම සතුටුයි. මට කොච්චර මිනිස්සු එක එක දේවල් කිව්වත් ගොඩක් අය කැමතියි මම සතුටින් ඉන්නවට. ඒ අතරේ ඉන්නවා සමහර කුහක ගැහැනු අය. ඒ අය කැමතියි හැමදාම දුකෙන් හිත් රිදවීමකින් ඉන්නවට. නමුත් බොහෝ අය කැමතියි මම හරි සතුටින් ලස්සනට ඉන්නවට.

පියුමි දැන් නැවත විවාහ වෙන්න සූදානම් කියන්නේ ඇත්තද?මීට අවුරුදු එකහාමාරකට කලින් නම් තිබ්බේ ආයේ කසාදයක් කර ගන්නේ නැහැ කියලා. ඊට අවුරුදු පහකට කලින් නම් සිහිනයක් තිබ්බා ලස්සන විවාහ ජීවිතේකට යන්න. ආයේ දරුවෙක් හදන්න. පුතා හැදෙන්නේ තනියම නිසා සහ මම දුවලට හරිම ආදරෙයි. ඊට පස්සේ ඒ ඔක්කොම අමතක කරලා ආයේ කසාදයක් කරගන්නේ නැහැ කියලා තීරණය කරලා තිබ්බේ. දැන් ඉතින් මට හොඳ සහකරුවෙක් හම්බවෙලා ඉන්නවා. මේ අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දේ හෝ ඉක්මනින් විවාහ වෙන්න තමයි ආසාව.

සමාජ මාධ්‍යට ඔහු කවුද කිව්වම, ඔහුව පරිස්සම් කර ගන්න අමාරුයි කියලා තිබ්බා. මොකක්ද ඒ කතාව?අපේ මේ සම්බන්ධයට මාස හතරයි. ඒ මාස හතර තුළ මම එයාව ටැග් කරලා මොනවා හරි දැම්මොත් එයාට රික්වෙස්ට් සහ මැසේජ් සෑහෙන්න එනවා. අපේ මේ ක්ෂේත්‍රයේ ගොඩක් ඉන්නවා අනුන්ගේ මිනිස්සු හොරකම් කරන්න දක්ෂ කට්ටිය. ඉතින් ඒ වගේ දකින දකින ගැහැනු පස්සේ යන පිරිමිත් ඉන්නවා. මට කියන්න හරිම සතුටුයි මම හරි ආඩම්බරෙන් කියන්නේ මේ මනුස්සයට එන මැසෙජ් එකක්වත් එයා බලන්නේ නැහැ. මාස ගාණක ඒවා තවම තියෙනවා.

ප්‍රගීත්ට එන මැසේජ් ගැන මොකද හිතෙන්නේ?මම එයාට මැසේජ් එන එකට ආසයි. කෙල්ලෝ මැසේජ් දාන්නේ එයාට කැමති හින්දනේ. මම හරි සතුටුයි එයා ඒ ගෑනු ළමයෙක් දිහා බලන්නේවත් නැති එකට. මම හිතන්නේ හැම ගැහැනියක්ම කැමති තමන්ට විතරක් හිමි පිරිමි කෙනෙකුට. මම සෑහෙන්න පින් දහම් කරන ගැහැනියක්. ඒ මම කරන පිනට හම්බුණ කෙනා තමයි මේ.

අපිට කියමුකෝ කොහොමද එයාව හම්බෙන්නේ කියලත්…මට එයාව මුලින්ම හම්බෙන්නේ මගේ ඥාති සහෝදරයකුගේ මාර්ගයෙන්. අවුරුදු එකහාමාරක්ම එයා මගෙන් කැමැත්ත ඇහුවා. නමුත් මම ආදරේ කියන දේ එපාම කියන තැන හිටිය නිසා කාලය එහෙමම ගත වුණා. ඒ කාලය තුළ එයා මාව හොඳින් තේරුම් ගත්තා. ඒ වගේම ඒ කාලය තුළ මටත් තේරුම් ගියා මෙයා මට ඇත්තටම ආදරෙයි කියලා. එහෙම තමයි අපේ ආදරේ පටන් ගත්තේ.

පිනිපලසටම කලින් සැරේ පියුමි කිව්වා, විදෙස්ගත වෙන්න ඉන්නේ කියලා.මේ ආදරේ හමුවීමත් එක්ක, අපි හැමෝම රට යන්න තමයි දැන් අදහස. මේ රටේ හිටියොත් නම් ඉදිරියේදී අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. හොඳ රටකට ගිහිල්ලා පුතාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ කියන තැන තාමත් අපි ඉන්නේ. දැන් සැලසුම් කරලා තියෙනවා ටික කලකින් රට යන්න. මොකද මගේ අදටත් හීනය මගේ අවසන් හුස්ම පොඳ යනවා නම් යන්න ඕනේ ලස්සන රටක කියන එක.

පියුමි එදා කතාබහේදී කිව්වා සුදු වුණේ කොහොමද කියලා ළඟදීම කියනවා කියලා, මේ වෙද්දී ඔබ කියන්නේ ඇත්තටම ඔබේ සුදුවීමේ රහසද?අනිවාර්යෙන්ම. මේ වෙද්දී අපි දකිනවනේ විවිධ වූ නළු නිළියන් විවිධ වූ නිෂ්පාදන ප්‍රමෝට් කරනවා. සමහරු ඒ නිෂ්පාදනවල සන්නාම නිලයන් දරනවා. හැබැයි මම ඒ කිසිම නිෂ්පාදනයක් ප්‍රමෝට් කරේ නැහැ. මම හැමදාම කියන දෙයක් තමයි මේ නිළියන් ටීවී එක ඉස්සරහට ඇවිත් කියන්නේ බොරු. මටත් විවිධ වූ නිෂ්පාදන ප්‍රමෝට් කරන්න එන්න කියලා තියෙනවා. මම අහන්නේ ඇත්තටම මේ දේවල්වලට සුදු වෙනවද කියන එක. මොකද මට සල්ලි දුන්නා කියලා හෝ මාව සන්නාම නිලධාරිනියක් කරා කියලා බොරු කියලා පාරේ යද්දී කවුරුහරි ඇවිත් ගැහුවොත් මොකද කරන්නේ. ඒ නිසා මම සාමාන්‍යයෙන් බොරු කියන්න කැමති කෙනෙක් නෙවෙයි. නමුත් ලොලියා කියන්නේ මම අවුරුදු දෙක තුනක් තිස්සේ පාවිච්චි කරන නිෂ්පාදනයක්.

පියුමිගේ සැලෝන් සිහිනයට මොකද වෙන්නේ?මම පටන් ගන්නේ අපේ කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂිත සැලෝන් එකක්. මොකද අපේ අය සැලෝන් කියලා යන්නේ මුහුණට හෝ කොණ්ඩෙට විතරයි. නමුත් අපි අපේ මුළු ශරීරයේම පැහැය එක විදියට පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් නැහැ. බොඩි ස්ක්‍රබ් එකක් කර ගන්න අපේ අයට තාම හරියට තැනක් නැහැ. මම ඒ ගැන සැහෙන්න අධ්‍යයනය කරලා තියෙන නිසා මම පටන් ගන්න ඉන්නේ කාන්තාවන්ට පමණක්ම වෙන් වූ සැලෝන් එකක්.

අනූෂා රණසිංහඋපුටා ගැනීම අරුණ

Share This Article

‘බුද්ධිමත්ම රූපරාජිණිය’ ලෙස මිණි කිරූළ දිනගත්තා

අද ‘සාරවිට’ තරු කතා බහා දිග හැරෙන්නේ දිප්ති ජයරත්න සමගය. 2019 වසරේ පැවැති ‘ ශ්‍රී ලංකා විවාහක රූපරාජිණි’ හා ‘විශ්ව විවාහක...

ගුණ සුවඳින් පිරුණු හයසින්ත් විජේරත්න මාතාව

හයසින්ත් විජේරත්න දයාබර රංගන ශිල්පිනිය අප අතරින් වෙන්වී තෙමසක් ගතවන මොහොතේ ඇගේ ගුණ සුවඳ මෙනෙහි කරමින් කෘතවේදී සටහනක් තැබීම අපගේ යුතුකමයි.දස...

දාන්න ඕන නීති ඔක්කොම දාලා මාව හිර කරන්නෙ දුව විතරයි

ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරය වගේම සිනමාවේ විවිධ චරිත ස්පර්ශ කළ රංගන ශිල්පියෙක්, පුංචි තිරයේ පෙම්වතා වෙන්න තවමත් වාසනාවන්ත වූ ඔහු...

අපි කාටවත් හැමදාම වැජඹෙන්න බැහැ!

බොරු මූනිච්චාවට මම කැමැති නැහැ…මම කෙළින් කතාකරන කෙනෙක්…අමුතුවෙන් මට ආරූඪයන් ඕන වුණේ නැහැ…‘චාතූර්යා’ කියන්නේ හරියටම නයනා කුමාරිම තමයි…මෙගා කලාව පුංචි තිරයට...

මම දුක්වෙන පසුතැවෙන කෙනෙක් නෙමෙයි

හත් වසරකට පසු සිනමාවෙන් දකින මේනකාඇය සිටියේ දිගු නිහැඬියාවකිනි. පසුගිය 22 වැනිදා සිට ඇය නිහැඬියාව බිඳින්න සැරසුණාය. ඒ සුමිත්‍රා රාහුබද්ධගේ කතාව...

‘ආශාවරී’ පළමු සිනමා රංගනයයි

“මගේ නම ඉෂංකා ජහන්වී කොස්තා. ගම පිළියන්දල. ඉගෙන ගත්තේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයෙන්. දැනට පුද්ගලික සරසවියක උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ අතරේදි තමයි...