Biz Log
Classifields
Biz Log
Classifields

ආදරණීය හැඟීම්වලට ආදරේ කරන රුක්ෂානා

කලා ක්ෂේත්‍රයේ යොවුන් පරපුර නියෝජනය කරන සොඳුරු සුන්දර යුවතියක් වන රුක්ෂානා දිසානායක සමඟයි කතාබහ.

ගොඩක් කාර්ය බහුලයි වගේ?මගේ ඩාන්සින් ඇකඩමි එකේ වැඩකටයුතු එක්ක මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. කොරෝනා කාලෙන් පස්සේ සති දෙකයි තවම පන්ති පටන් අරගෙන. ඊට අමතරව මගේ ඩාන්සින් ගෘප් එක ප්‍රසංගවලට යන නිසා කාර්ය බහුල වෙලා ඉන්නේ.

නිර්මාණ කටයුතු කොහොමද?ශමෙල් ජයකොඩිගේ නවකතාවක් ඇසුරෙන් රවින්ද්‍ර විජේරත්න අයියා අධ්‍යක්ෂණය කළ ‘වීනස්ගේ උපත’ අලුත් ටෙලි නිර්මාණයේ වැඩ කළා. ඒ වගේම ‘නීලපබළු’ අලුත් මුහුණුවරකින් ඉදිරියට එනවා. ඒ එක්කම ‘කොළඹ ඉතාලිය’ සහ මියුසික් වීඩියෝ කිහිපයක වැඩ කටයුතු කළා.

රුක්ෂානාට පස්සේ ක්ෂේත්‍රයට ආව අය ප්‍රධාන චරිත කරද්දී රුක්ෂානා තවම සෙසු චරිත කරන එක ගැන කනගාටුවක් නැද්ද?කනගාටුවක් නැතුව නෙවෙයි. ඒකට මගේ දක්ෂතාව, ලස්සන සහ වාසනාව මේ කියන හැමදේම බලපාලා ඇති. ඒක මගේ ලැබීම වෙන්න ඇති.

සිනමාවට කොහොමද දායකත්වය?මුලින්ම මම සිනමාවට සම්බන්ධ වෙන්නේ හර්ෂ උඩකන්දගේ ‘උලත් එකයි පිලත් එකයි’ චිත්‍රපටයෙන්. ඒක මගේ කුලුඳුල් චිත්‍රපටය. මාව වැඩිය කවුරුවත් දන්නේ නැති කාලෙක ඔඩිෂන් එකකින් මාව තේරුණේ. ඊට පස්සේ ‘යම රජ සිරි’ චිත්‍රපටයේ රඟපෑවා. වී. සිවදාසන් මහතාගේ චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙන්න ලැබුණා. සරත් දික්කුඹුර මහතාගේ ‘මරුකතර’ චිත්‍රපටයේ සහ රිහාන් රවින්ද්‍ර මහතාගේ ‘නීලම්’ හි ප්‍රධාන චරිත රඟපෑවා.

සැබෑ ජීවිතේ ප්‍රේමවන්තියක්ද?ප්‍රේමය අත්විඳිමින් හිටියා. නමුත් මම ප්‍රේමයෙන් පරාජයට පත් වුණා. ඒකත් ලැබීම. ඒ නිසා සැබෑ ජීවිතේ ගත්තම මම පරාජිත ප්‍රේමවන්තියක්.

ආයේ ආදරය නොකර ඉන්නද කල්පනාව?එහෙම තීරණයකට නම් ඇවිත් නැහැ. මම බොහොම අවංක ආදරවන්තියක්. නමුත් මම හැමදාම ආදරෙන් පරාද වෙනවා. ඒ නිසා මට අවංකව ආදරේ කරන කෙනෙක් ලැබුණොත් මමත් ආදරය කරයි. ඒ ආදරේට එයාගේ රැකියාව, තරාතිරම් මට අදාළ නැහැ. මම ආදරේ කරන්නේ ආදරණීය හැඟීම්වලට. මගේ ජීවිතේ අංක එක වෙන්නේ ඒ ආදරේ.

ජීවිතේ අංක එක දෙන්නේ ආදරවන්තයට නම්, ඔහු කිව්වොත් රංගනයෙන් ඉවත් වෙන්න කියලා?මම ආදරේ කරන්න තෝරා ගන්නකොටම මගේ රංගන ජීවිතේට ලබාදෙන සහයෝගය ගැන හිතනවා. මම පවුල් ජීවිතේට අංක එක දෙනවා. නමුත් මම කලාවට ගොඩක් ආදරෙයි. මම මේ දේවල් ලබා ගත්තේ දාඩිය කඳුළු දුක් මහන්සියෙන්. ඒ නිසා මම කවදාවත් රංගනයෙන් සමුගන්නේ නැහැ. මගේ රංගන ජීවිතේටත් සහාය දෙන්න පුළුවන් කෙනෙක් තමයි මම ජීවිතේට එකතු කර ගන්නේ.

ගෙදරින් කියන්නේ නැද්ද දැන් විවාහ වෙන්න කියලා?දිවා රෑ දෙකේම කියනවා. මොනවා කරන්නද ඉතින්? ඒ වෙලාවට අසරණ වෙනවා.

ආදර යෝජනා එන්නේ නැද්ද?වසර හතරක් තිස්සේ පැවති ප්‍රේම කතාව තමයි දැන් මාසෙකට දෙකකට කලින් නැති වුණේ. ආදරයක් තිබ්බ නිසා යෝජනා ආවේ නැහැ. හැබැයි ඉස්සරහට හොඳ කෙනෙක්ගෙන් ආදර යෝජනවක් ආවොත් බාර ගන්නවා.

අනූෂා රණසිංහඋපුටා ගැනීම අරුණ

Share This Article

තනියම ඉන්නකොට සමහරු හිතනවා මුදලට ගන්න පුළුවන් කියලා

කලකට පෙර ඉතා නිහඬ දිවියක් ගතකළ මේධා ජයරත්න පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත ඇති කළ පෙරළිය සුළු පටු නොවේ. මේධාගෙ පුද්ගලික...

කොල්ලෙක් විදියට සමාජයේ පයගහල ජීවත් වෙනවා…

හැදෑරීමක් නැත්නම් පැවැත්මක් නැහැ…මේ දිනවල ‘පෝර්ක් වීදිය’ තුළින් ඔබට සමීප වන ‘කසුන්’ අනංගයෙක් බවට පත්වෙලා. ආදරය කරමින්, ආදරය මුළාවක් කරන තරුණයෙක්...

අපි කාටවත් හැමදාම වැජඹෙන්න බැහැ!

බොරු මූනිච්චාවට මම කැමැති නැහැ…මම කෙළින් කතාකරන කෙනෙක්…අමුතුවෙන් මට ආරූඪයන් ඕන වුණේ නැහැ…‘චාතූර්යා’ කියන්නේ හරියටම නයනා කුමාරිම තමයි…මෙගා කලාව පුංචි තිරයට...

සිහින සමීකරණ ලයිෆ් එකට ගයිඩ් ලයින් එකක්

සසික හේරත් අධ්‍යක්ෂණය කරනු ලබන ‘සිහින සමීකරණ’ සිනමා නිර්මාණය හරහා රන්දික ගුණතිලකව මේ දිනවල රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඔය අතරේ පුංචි...

යොහානි දැන් පෙම්වතියක් ලු

මේ දිනවල ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ වැඩියෙන්ම කැපී පෙනෙන රංගනය හිමිවන්නේ ඇයටයි. මුරණ්ඩු, හිතුවක්කාරී ගති පැවතුම්වලින් හැමෝගෙම හිත් කම්පනය කරන...

යොහානි.. ඔයා නම් නියමයි…

‘ඇගේ ස්වරය… මනමෝහනීයයි.., හඬන බිලිඳකු නැළවීමටත්… කෝමා තත්ත්වයට පත්වූවකුට නැවැත ජීවය දෙන්නටත් එය හොඳටම සෑහේය…’-ඉන්දියා ටුඬේබොලිවුඩයේ සුපිරි තරු ගැන රසවත් වංහුං...