Biz Log
Classifields
Biz Log
Classifields

මම වැරදි දෙයක් කරලා කවදාවත් සල්ලි හොයන්නේ නැහැ.

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙක් වන අශානි දිනුත්තරා සමගින් අද අපි ‘සාරවිට’ තරු කතා බහා අරඹන්නට මෙළෙස සූදානම් වුණේමු. මේ වනවිට ගීත රූප රචනා කිහිපයක පමණක් දකින්නට ලැබෙන අශානි ඉදිරියේදි විවිධ කලා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ඔබට සමිප විමට සූදානමින් සිටියි.

අශානි නිරූපිකාවක් වුණේ මැතකදි?

දැනට වසරක් විතර වෙනවා මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා. ගොඩක්ම කරලා තියෙන්නේ නම් ඡායාරූපවලට පෙනී ඉන්න එක තමා. මම දන්නේ නැහැ මම නිරූපිකාවක්ද කියලා. නමුත්, ඡායාරූපවලට පෙනී හිටිය නිසා බොහෝ දෙනෙක් මාව නිරූපිකවක් විදිහට දැන් හඳුන්වනවා ඇති. කොහොම වුණත් මම ගොඩක් ආසයි නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න.

නිරූපිකාවක් වෙන්න ආසාවක් තිබුණද?

ඇත්තම කිව්වොත් නැහැ. පාසල් යන කළේ නිරූපිකාවක් වෙන අදහසක් මගේ හිතේ කොහෙවත් තිබුණේ නැහැ. මම හිතන්නේ මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ අහම්බෙන් කියලා. නමුත්, මම හිතනවා මම මේ ක්ෂේත්‍රය තෝරගත්ත එක අද වරදක් නැහැ කියලා. නිරූපණයට සම්බන්ධ වීමත් එක්ක මගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු වුණා කිව්වොත් හරි.

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රය හොඳයි. හොඳ ගමනක් යන්න පුළුවන්. හැබැයි හරියට හිටියොත් විතරයි.

අශානි සම්බන්ධ වුණ කලා නිර්මාණ තියෙනවාද?

දැනට ගීත රූප රචනාවකට පෙනී ඉඳලා තියෙනවා. කොහොම වුණත් මේ රූප රචනාවට පෙනී හිටියට පස්සේ ගොඩක් ආරාධනා ලැබුණා විවිධ කලා නිර්මාණවලට. ඉදිරියේදි ඒ ලැබුණ කලා නිර්මාණ හරහාත් ප්‍රේක්ෂකයින්ට මාව දකින්න පුළුවන් වේවි.

නිරූපිකාවකට අද තියෙන පිළීගැනීම කොහොමද?

නිරූපිකාවක් කියද්දිත් සමහරු හොඳ වගේම නරක විදිහට බලන අවස්ථාත් තියෙනවා. ඒක ඉතින්. එක එක්කෙනා හිතන හැටිනේ.

තරුණියන්ට මේ ක්ෂේත්‍රය සුදුසු නැහැ කියලා මතයක් තියෙනවාද?

මම හිතන්නේ තමන්ට තමන්ව විශ්වාසයි නම් හැමදේකින්ම බේරිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. තරුණ වැඩිහිටි කියලා වෙනසක් නැහැ.

මේක ඔබගේ වෘත්තියද? නැත්නම් වෙනත් වෘත්තියක ඔබ නියැළෙනවාද?

නැහැ. මම රැකියාවක නිරත වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න.

නිරුපණ කටයුතුවල යෙදෙද්දි ඔබ යම් සීමාවක් ඔබ පනවා ගෙන ඉන්නවද?

ඔව්. මම මට ගැළපෙනවා කියලා හිතන තේමාවන් පමණයි නිරූපණ කටයුතුවලට තෝර ගන්නේ. මට ගැළපෙන්නේ නැහැ කියලා හිතෙන දේවල් මම කරන්නේ නැහැ.

මුදල් හොයන්න නිරූපිකාවේ අද විවිධ දේවල් කරනවා නේ?

වෙන්න පුළුවන්. නමුත්, එහෙම දේවල්වලට යොමු වෙන්න මට අවශ්‍යතාවයක් නැහැ. මම වැරදි දෙයක් කරලා කවදාවත් සල්ලි හොයන්නේ නැහැ.

ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්නද අදහස?

ඔව්, නිරූපණය කියන්නේ මම ආසාවෙන් කරන වෘත්තියක්. මම තාම මේ ක්ෂේත්‍රයට අලුත්. මට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා තව. ඒවාත් ඉගෙන ගෙන හොඳ දක්ෂ නිරූපිකාවක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම රඟපාන්නත් මම ගොඩක් ආසයි.

උදව් කරපු අය?

අම්මා තමා ගෙඩක්ම උදව් කරන්නේ මට. හැම වැඩකදීම මගේ පස්සෙන්ම ඉන්නවා. ඊට අමතරව තාත්තා, මගේ හොඳම යාලුවා මලිත්, ඒ වගේම තව යාළුවෝ ගොඩක් ඉන්නවා මට. ඒ හැමෝම මට ඉතින් උදව් කරනවා.

බුද්ධික සේනාධීර උපුටා ගැනීම සාරවිට.lk

Share This Article

මම අහස දිහා බලන් ඉන්නවා මෙච්චර වතුර බින්දු ගොඩක් කොහොමද වැටෙන්නෙ කියලා…

ඒ මමද ඉන්නෙ කියලා වෙලාවකට හිතුණා… ඈත පිටිසර දුෂ්කර ගම්මානයකට අසංවර වැස්සක් ඇදහැලුණා. ඒ ඇදහැලුණු වැස්සෙන් පිපුණ පුංචි මලක් අපි දැක්කා....

‘ආශාවරී’ පළමු සිනමා රංගනයයි

“මගේ නම ඉෂංකා ජහන්වී කොස්තා. ගම පිළියන්දල. ඉගෙන ගත්තේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයෙන්. දැනට පුද්ගලික සරසවියක උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ අතරේදි තමයි...

චන්න සියල්ල අතහැර සෝවාන් වෙන්න යනවද?

අතහරින්න සෝවාන් වෙන්නම ඕනේ නැහැ…මම ටෙලි අතහැරියේ නැහැ…රඟන්නට හොඳ නිර්මාණ බිහිවන්නේ නෑ…තවමත් ප්‍රේක්‍ෂක සිතට අමතක නැති, සොඳුරු කතා පුවතක් වූ… ‘අංජලිකා’...

අපේ ප්‍රේමයට අවුරුදු 3 ක් විතර වෙනවා

ආදරය සහ කැස්ස කියන්නෙ හංගන්න බැරි දෙයක්ලුනෙ. හැබැයි කලා ක්ෂේත්‍රයේ සමහර අය ආදරය ගැන ලෙහෙසියෙන් කියන්නෙ නැහැ. ඇහුවොත් කියන්නෙ තවම පෙම්වතෙක්...

නොගැළපෙන ඇඳුම් නිසා චරිතයක් ප්‍රතික්ෂේප කළා

හිතුවක්කාරයාට පෙම් බඳිනමුල්ම නාට්‍යයට එනකොට මට රඟපාන්න බෑආදරය බිඳවැටුණ එක හොඳයිදෙරණ අවුරුදු කුමරිය වුණාසංගීතේ ටෙලි නාට්‍යයේ මල්කඩේ රන්දිමා, නැවතත් දෙරණ නාළිකාවෙන්ම...

මං කරන්නේ මේන් රෝල් එක.. යොහානි ලෝකෙම අල්ලද්දි ටාෂියා පාකිස්තානේ වැඩ අල්ලයි…

පුදුමාකාර සතුටකින් ඉන්නේ…මැණිකේ ගීතයෙන් ලොවක් වසඟකළ යොහානි ද සිල්වා ගෙන් පසුව තවත් සුබ ආරංචියක් අපිට මේ දවස්වල අහන්නට ලැබෙනවා. ඒ නව...