මම ‘පාරදිගේ’ මානවි තරම් නම් නපුරු නැහැ
මේ දිනවල විකාශය වෙන ජනප්‍රියතම ටෙලි නාට්‍යය අතරේ ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයට සුවිශේෂි තැනක් හිමිවේ. එහි ‘මානවි’ ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරයට පාත්‍ර වූ නවක නිළි සප්නා පාදුක්ක මෙවර ‘සාරවිට’ තරු කතබහාට අපි සම්බන්ධ කරගත්තේමු.
සප්නා කියන්නේ අවුරුදු කුමරියක්?ඔව්, පසුගිය වසරේ ස්වර්ණවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ ස්වර්ණකුමරිය අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා. එහිදි මට ජයග්‍රහණයක් වාර්තා කරන්න බැරිවුණත් අවසන් තරගකාරියන් 15 දෙනා අතරට එන්න පුළුවන්කම ලැබුණා.
එහි ප්‍රතිපලයක් විදිහටද ඔබ රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ?ඔව්, නාළිකා ප්‍රධානි රංගන මහත්මයා තමයි මට ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්නේ. ඒ වගේම මේ අවස්ථාවේදි ‘පාරදිගේ’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ජයප්‍රකාශ් සීවගුරුනාදන්, තිර රචනය ලියූ සද්ධා මංගල සූර්යබණ්ඩාර වගේම නිෂ්පාදක චාමර සමරවික්‍රම යන මහත්වරුන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.
අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනකම් ඔබ කලාවට සම්බන්ධ වුණේ නැද්ද?ඊට කළින් මම රූපවාහිනි වෙළෙඳ දැන්විම් කිහිපයකට පෙනී ඉඳලා තියෙනවා. දැනටත් වෙළෙඳ දැන්විම් සඳහා මම දායක වෙමින් සිටිනවා.
කොහොමද ‘පාරදිගේ’ මානවිට ලැබෙන ප්‍රතිචාර?ටෙලි නාට්‍යය විකාශය වුණ මුල් කාලේ නම් ගොඩක් අය මට බැන්නා. මොකද, ‘මානවි’ කියන්නේ නපුරු, අහංකාර චරිතයක් නිසා. දැන් නම් බනින්නේ නැහැ කට්ටිය. ගොඩක් හොඳට චරිතය කරනවා කියලා තමයි ප්‍රතිචාර දක්වන්නේ ඒ අය.
සප්නාව අපි ගොඩක් වෙලාවට ගීත රූප රචනා හරහා දකිනවා?ඔව්, දැනට මම ගිත රූප රචන අටක් නමයක් කරලා තියෙනවා. මෑතකදී නිකුත් කළ ෂේහාන් පෙරේරාගේ ‘හිනාවි’ කියන ගීත රූප රචනාවේ පෙනී ඉන්නේ මම. ඒ ගීතය මේ දවස්වල ට්‍රේඩින් ගීත දහය අතර තියෙනවා. ඊට අමතරව මම දායක වුණ තවත් ගීත රූප රචනා කිහිපයක්ම නිකුත් වෙන්නත් තියෙනවා.
පාසල් යන කාලේ සප්නා දක්ෂ මොනවටද?පාසල් යන කාලේ ගොඩක් වෙලාවට කළේ මියුසික් පැත්ත. පාසලේ තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක් විදිහටත් මම කටයුතු කළා.
ඒ කියන්නේ ගීත ගායනා කරන්නත් පුළුවන් ඔබට?පුළුවන්. මමයි මගේ අයියායි ගීතයක් කළා ‘කොල්ලෝ කෙල්ලෝ’ කියලා. ඉදිරියට හිතාගෙන ඉන්නවා තවත් ගීතයක් කරන්න.
‘පාරදිගේ’ ටෙලි නාට්‍යයට පස්සේ අපිට සප්නාව දකින්න පුළුවන් වෙන්නේ?ටෙලි නාට්‍යය කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ගොඩක් ඒවා තවමත් සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. ‘කොවිඩ්’ පටන් ගන්න මුල් කාලේ ආරාධනා කිහිපයක් ලැබුණා. ඒත්, වසංගත තත්ත්වය මැද ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ.
පවුලේ අය කැමතිද ඔබ කලාවට සම්බන්ධ වුණාට?ඔව්, ඒ අය ගොඩක් කැමතියි. මගේ පවුලේ ඉන්නේ මායි අම්මායි, තාත්තයි, අයියයි. මේ හැමෝම ඉතින් මට ගොඩක් උදව් කරනවා මගේ වැඩවලට.
දිගටම රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්නද සප්නා කැමති?ඔව්, රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න කැමතියි. ඊට අමතරව කාලයක ඉඳලා තිබුණ අදහසක් තමයි මගේම කියලා සැලෝන් එකක් පටන් ගන්න එක. ඒ වැඩකටයුත්තට ඉදිරියේදි යොමු වෙන්න සැළසුම් කරමින් ඉන්නවා මම.
සප්නා කියන්නේ මොන වගේ කෙනෙක්ද?‘පාරදිගේ’ මානවි තරම් නම් මම නපුරු ආඩම්බර කෙනෙක් නම් නෙමෙයි. හැබැයි ඉතින් අහිංසකත් නැහැ. පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ජිවත් වෙනවා කිව්වොත් හරි. මිනිස්සු වැඩිපුර ගැවසෙන තැන්වල ඉන්න අකමැති කෙනෙක්.
මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?ඔව්, මගේ පවුල අය විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ‘පාරදිගේ’ නාට්‍යය කණ්ඩායම වගේම නාද ටිවි එකේ අධ්‍යක්ෂකතුමා වන රවිඳු අබේරත්න ඇතුළු කණ්ඩායම. ඒ වගේම වචනයකින් පවා මාව දිරිමත් කරන සැමදෙනාවම මේ අවස්ථාවේදී මතක් කරනවා.
බුද්ධික සේනාධීර
– මං හොයන ගොඩක් දේවල් එයාගෙ ළඟ තිබුණා– හෂිනිවත් මංවත් කැමැති නෑ ගොඩක් වියදම් කරලා මහා ලොකු වෙඩින් එකක් ගන්නළමා රංගන...
• සිනමාවට තවත් වසන්තයක් අරන් අපි ආවේ…• සබීතයි මායි අතරේ තරගයක් තිබ්බේ නැහැ…• නිහාල්සිංහයන් මං දිහා ගල් ගැහිලා බලන් හිටියා… •...
මේ දිනවල පුංචි තිරයේ වැඩිපුරම දක්නට ලැබෙන ප්‍රේක්‍ෂක ආදරය ආකාර්ශනය දැඩි සේ ලබාගත් රංගන ශිල්පියෙක් මෙවර සදැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා....
ඇත්තටම ආදරය මොකක්ද කියලා දැන් මට තේරෙනවා - හේෂාන් මනුලහේෂාන්... පහුගිය කාලයේදි ඔයා දරුණු අසනීප තත්ත්වයකට මුහුණ දුන්නා. දැන් අසනීප තත්ත්වය...
හැමෝම දන්නවනේ පියුමි කියන්නේ පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක් බව. කාලෙකට කලින් නම් පුංචි පුතත් එක්ක තනිකඩවම ජීවිතය ගත කරන බව...
චරිතවලට ආදරය ලැබෙන්නේ හරිම අපූරු විදිහට. සමහරුන්ගේ ගීත කොයි තරම් ජනප්‍රිය වුණත් මිනිස්සුන්ගේ ආදරය ලැබෙන්නේ නැහැ. සමහරු එක ගීතයක් නිසා උපරිම...