Biz Log
Classifields
Biz Log
Classifields

බෝනික්කෝ වගේ හැඩ අක්කා නඟෝගෙ වැඩ!

වසරේ ආරම්භයත් සමග අපේ ‘හාට්’ පිටු වලට පුංචි සුරංගනාවියන් දෙදෙනෙක් ගැන දැනගන්නට ලැබුණා. මෙහි විශේෂත්වය වන්නේ එකම පවුලේ අක්කයි, නංගියි ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ චරිත දෙකක් නිරූපණය කරමින් ඔබ හමුවට ඒමයි. දුලක්නි මෙරිනා ‘පැංචි’ ලෙසත්, ඇයගේ ආදරණීය නැඟණිය පුනෙත්නි, ‘පැහැසි’ චරිතයත් හරිම අපූරුවට රඟපානවා. ඉතින් මේ අක්කයි නංගියි දෙන්නා ජාතික පුවත්පතකට ප්‍රථම වතාවට ‘මව්රට – හාට්’ අපි සමග කතාබහ කළා.

  • රඟපාන්න නම් එහෙම ලැජ්ජාවක් තිබුණේ නැහැ…

  • රඟපානවා කියලා ඇත්තටම දැනුණේ නැහැ…

‘පැංචි’ගේ නම දැනගන්න ගොඩදෙනෙක් ආශාවෙන් ඇති. ඉතින් කියන්නකෝ දුවගේ නම..?මම දුලක්නි මෙරිනා පෙරේරා.

එතකොට ගම්පළාත්..?ගම්පහ ප්‍රදේශයේ ඉඳිගොල්ලේ තමයි මගේ ගම.

දුවව හැමෝම දැනගන්නේ ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘පැංචි’ගෙන්. ඉතින් දුවට මේ අවස්ථාව ලැබුණේ කොහොමද?සම්පත් දඩල්ලගේ මාමා තමයි කිවුවේ මෙහෙම ටෙලි නාට්‍යයකට රඟපාන්න සම්මුඛ පරීක්‍ෂණයක් තියෙනවා සම්බන්ධ වෙලා බලන්න කියලා. ඉතින් මමයි, නංගියි, අම්මයි, පන්නිපිටියට ගියා. එහිදී අපිට දෙබස් වගයක් දුන්නා පාඩම් කරලා රඟපාලා පෙන්නන්න කියලා. ඉතින් ඒ කියපු විදියට මමත්, නංගිත් ඉදිරිපත්වෙලා රඟපාලා පෙන්නුවා.

‘පැංචි’ හිතුවද මේ අවස්ථාව ලැබෙයි කියලා?එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මගෙයි, නංගිගෙයි හැකියාවන් ඒ අවස්ථාවේ දැකලා ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ චරිත දෙකකට තෝරා ගත්තා කියලා මේනක රාජපක්‍ෂ මාමා කිවුවා. ඇත්තටම ඒ අවස්ථාවේ පුදුමාකාර සතුටක් දැනුණේ. මොකද මම ගොඩාක් ආශාවෙන් හිටියේ ටෙලිනාට්‍යවල රඟපාන්න.

හැබැයි ඒ ටෙලිනාට්‍යයේම නංගිත් රඟපාන එක තවත් විශේෂත්වයක් වෙන්න ඇති?ආශාවක් තිබුණට අපි දෙන්නටම එකම ටෙලිනාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. මගේ නංගි තමයි ‘පැහැසි’ගේ චරිතයට රඟපාන්නේ.

‘පැංචි’ ටිකක් කටකාර, දඟකාර චරිතයක් වගෙයි නේද?පිටපත කියවලා බලන විටත් මටත් ඒ වගේම දැනුණා. මමත් ඉතින් ඒ වගේනේ. ඒනිසා ‘පැංචි’ චරිතය හොඳට රඟපාන්න පුළුවන් වුණා.

දුවගේ පළමු ටෙලිනාට්‍ය රංගනය තමයි අපි මේ දකින්නේ. මොකද හිතෙන්නෙ මේ පළමු අත්දැකීම ගැන?ඇත්තටම ගොඩාක් සතුටුයි. මගෙත්, නංගිගෙත් රඟපෑම ගැන හැමෝම හොඳ කියනවා. රඟපාන්න නම් එහෙම ලැජ්ජාවක් තිබුණේ නැහැ. මොකද මම තාත්තාගේ ඔෆීස් එකේ වැඩසටහන්වලට සම්බන්ධවෙලා වැඩ කරපු නිසා. හැබැයි ඉතින් ටෙලිනාට්‍යයක් නිසා හිතට පොඩි බයක් තිබුණා. ඒත් මේනක මාමා කියලා දුන්නම මම රඟපෑවා.

‘පැංචි’ ඇයි ඔය තරම් ‘සහෙත්’ එක්ක තරහ?මගේ මාළු ටැංකියේ මාළු නැතිවෙනවා. ඉතින් දවසක් ‘සහෙත්’ මගේ මාළු ටැංකිය ළඟ ඉන්නවා මම දකිනවා. මම හිතාගෙන ඉන්නේ ‘සහෙත්’ තමයි මගේ මාළු හොරකම් කරන්නේ කියලා. පන්න පන්න ගහනවා.

හැබැයි එදා ‘පැංචි’ ‘සහෙත්ට’ ගහපු ඉදල්පාර නම් තදින්ම වදින්න ඇති..?අනේ ඔව්… පාරවල් දෙක තුනක් හයියෙන් වැදුණා. මට පස්සේ පව් කියලා හිතුණා මල්ලිට. ඒත් ඉතින් රඟපාන නිසා මල්ලි ඒ තරම් ගණන්ගන්නැතුව හොඳට රඟපෑවා. මල්ලිට ගහපු ඉදල්පාර නම් මට අමතක කරන්න බැහැ හැබැයි.

දුවගේ පාසලෙන් මොකද කියන්නේ රඟපෑම් කටයුතු ගැන?මමයි, නංගියි දෙන්නම යන්නේ සිරිකුරුස විදුහලට ගම්පහ. අපි දෙන්නම ටෙලිනාට්‍යයක රඟපාන්න ගත්තා කියලා පාසලේ ගුරුවරුන් දැනුවත් කළා. පාසලෙනුත් අපිට ලොකු සහායක් ලැබෙනවා

අක්කටයි, නංගිටයි මේ ගමන එන්න උදවු කරපු පිරිසකුත් ඇති නේද?‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ මේනක රාජපක්‍ෂ මාමාට, ඒ වගේම ටෙලිනාට්‍යයේ නිෂ්පාදක ජනක සම්පත් තඹරවිල මාමාට ඇතුළු ‘ගුග්ලි’ කණ්ඩායමට සහ සම්පත් දඩල්ලගේ, දිනේෂ් හග්ගල්ල ඇතුළු මගේ මවුපියන්ටත් විශේෂ ස්තුතිය පුදකරනවා.

  • හිතුවේ නැහැ මාව තෝරාගනියි කියලා…

  • අපි දෙන්නටම එකම ටෙලිනාට්‍යයක රඟපාන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ…

පුනෙත්නි දුව දැන් පුංචි නිළියක් නේද..?ඔව් මාමේ… ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘පැහැසි’ චරිතය රඟපාන්නේ මම තමයි.

දුවගේ සම්පූර්ණ නම..?මම පුනෙත්නි මරිනා පෙරේරා.

චූටි දුව රඟපාන ‘පැහැසි’ චරිතය ගැන මොකද හිතෙන්නේ?‘පැහැසි’ කියන්නේ අහිංසක චරිතයක්. මගේ තාත්තා නැහැ. අම්මයි, මාමයි එක්ක තමයි මම ඉන්නේ.

‘පැහැසි’ ලෙසට රඟපානවිට දුක හිතුණු අවස්ථා වැඩියි නේද?ඔව්… අම්මා කියනවා, තාත්තා ආයේ අපි අතරට එන්නේ නැහැ කියලා. එතකොට දුකයි.

‘පැහැසි’ ‘රොසි’ට ගොඩාක් ආදරෙන් ඉන්න බව පේනවා..?ඔව්… මගේ දුක කියන්න හරි, මගේ ළඟින් ඉන්නේ මගේ බෝනික්කා. ඒ නිසා මම ‘රොසි’ට කැමැතියි.

හිතුවද දුවත් නාට්‍යයට තෝරාගනී කියලා?සම්පත් මාමා කිවුවා මේ නාට්‍යයට තෝරාගන්නේ අක්කා වගේ ලොකු අය කියලා. ඒ නිසා මම හිතුවේ නැහැ මාව තෝරාගනියි කියලා. ඒත් ඉතින් මමත් ඉදිරිපත්වෙලා බැලුවා.

දුවගේ රඟපෑම දකිනකොට දුවට මොකද හිතෙන්නේ..?හොඳට රඟපාලා කියලා හිතෙනවා. හැබැයි මට ඒ වෙලාවෙ රඟපානවා කියලා ඇත්තටම දැනුණේ නැහැ. අක්කත් ඒ ටෙලිනාට්‍යයට රඟපාන නිසා හරිම විනෝදයෙන් තමයි අපි කාලය ගතකළේ.

රඟපාන්න යද්දි විභාග වැඩකටයුතු අතපසුවෙන්නේ නැද්ද?මේ පාර තමයි මම ශිෂ්‍යත්වය විභාගය ලියන්නේ. ඉතින් මම ඔන්ලයින් හරහා පන්ති කරනවා. පාඩම් වැඩකටයුතුත් හොඳට කරන නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදියට රඟපෑම් කටයුතු කරනවා.

දුවලා රඟපානවා දැකලා තව ටෙලිනාට්‍යවලින් එහෙම රඟපාන්න කතා කළාද?තවම නැහැ… ඒත් මමයි, අක්කයි දෙන්නම හිතාගෙන ඉන්නේ ‘ගුග්ලි’ ටෙලිනාට්‍යය ඉවර වෙනකම් කිසිම ටෙලිනාට්‍යයක රඟපාන්න යන්නේ නැහැ කියලා. මොකද මේනක මාමා අපිට දුන්න මේ අවස්ථාව ගොඩාක් වටිනවා.

දුවට තවම අක්ක එක්ක රඟපාන්න ලැබුණේ නැද්ද?තවම එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉදිරියට රඟපාන්න ලැබුණොත් ගොඩාක් හොඳයි.

වසන්ත විතාරණගේඋපුටා ගැනීම මව්රට

Share This Article

තාත්තාගේ සින්දු කියලා මම හම්බ කරන්නේ නෑ

'හිතන තරම්'' එක්ක ආයෙමත් ගයාන් අලුත්වෙලා?ඔව්.. මගේ අලුත් නිර්මාණය වුණු ''හිතන තරම්'' ගීතය එළිදැක්වුණා. ඒක මමයි චරිත අතලගේයි එකතුවෙලා කරපු නිර්මාණයක්....

ඔහුගෙන් වෙන්වුණාට පස්සෙ එකට වැඩ කරන්න ආරාධනා කළෙත් නෑ – ආරාධනා කළොත් මට නම් කිසි ප්‍රශ්නයකුත් නෑ

මගේ ගාස්තුව සාධාරණ එකක් ඒ නිසා අඩු ගණන්වලට මම රඟපාන්න යන්නෙ නැහැ.එයාල මාත් එක්ක තරහක් නැහැ අපි සතුටින් ජීවත් වෙනවා.මේධා ජයරත්න...

අළුතෙන් එන ගොඩක් අය ෆීල්ඩ් එක විනාශ කරලා තිබෙන්නේ.

නිරූපණ ශිල්පිනියක් වන සුදර්ශිකා කාලයක් පුරාවට නිරූපණ තුළින් දක්නට ලැබුණේ නැහැ. ඇගේ විවාහයෙන් පසුව ඇය තාවකාලිකව නිරූපණයට සමුදුන්නා. නමුත් මේ වනවිට...

පාකිස්තාන හමුදාවට ගිය ලංකාවේ අයෝමය ගැහැනිය

මේ ගතවෙන කාලය තාරුණ්‍යයට සුබ කාලයක් කියලා හැඟෙනවා. එහෙම හිතුණේ කලා ලොවේ බොහොමයක් තාරුණ්‍යය නියෝජනය කරන කලාකරුවන් ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම්...

තාත්තා වෙනුවෙන් සින්දුවක් කරන එක කාලෙක ඉඳලා තිබුණ බලාපොරොත්තුවක්…

තාත්තාගේ නමට හානියක් කරන්නෙ නැහැ…  තාත්තාගෙන් අහලා තමයි ගායනා කරන්නේ…ජනප්‍රිය ගායන ශිල්පී පුන්සිරි සොයිසාගේ ආදරණීය දියණිය සත්මිණි සොයිසා. දිගු කාලයකට පසු...

මට විතරක් නෙමෙයි හර්ෂණීටත් කොවිඞ් හැදුණා – මට හුස්ම ගන්න බැරි නිසා ඔක්සිජන් දීලා තිබුණෙ

"මෙකල කොවිඞ් රෝගයට ගොදුරු නොවී බේරී සිටීම ඒ තරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් ඔබ ඔබ වෙනුවෙන් සහ ඔබේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන්...