සාර්ථකද අසාර්ථකද කියලා මට තීරණය කරන්න බැහැ…
- ඒක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි…
- නිර්මාණවලට ලේබල් ගහල වෙන් කරන්න බැහැ…
වසර දොළහක පමණ කාලයක් ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කරමින් සිටි ඔහු පසුකාලීනව ‘ගිරිදේවි’ ටෙලිනාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂවරයකු ලෙසට පත්වුණා. ඔහු ඉන්දික ධර්මතිලක. මේ දිනවල විකාශය වෙන ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ඔහු ‘අඳුන්ගිර’ සමග ගෙවන ජීවිතය ගැන අප කතාබහ කළා…
ඉන්දික ඔබ මේ දවස්වල දැවැන්ත යුද්ධයක පැටලිලා වගෙයි. අපි කැමැතියි ඒ ගැන මුලින්ම කතා කරන්න?මේ දවස්වල යුද්ධය විලච්චිය ප්‍රදේශයේ සිදුවෙනවා. මගේ දෙවැනි ටෙලිනාට්‍යයට ‘අඳුන්ගිර’ යුද්ධයේ සාර්ථකත්වය කොයි වගේද කියලා මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයින්ට ‘අඳුන්ගිර’ සමග හිටියොත් දැක බලා ගන්නට පුළුවන්. ‘අඳුන්ගිර’ 70 දශකයේ ඉඳලා දශක තුනක සිදුවුණු ක්‍රියාදාමයක කතාවක් තමයි නිර්මාණය වෙන්නේ.
‘අඳුන්ගිර’ට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා. කතා කරපු විදියට. ‘අඳුන්ගිර’ ළඟදි තමයි විකාශය වුණේ. ඉතින් මේ ටික කාලයට ලැබුණු ප්‍රතිචාරවල නම් අඩුවක් නැහැ.
ඔබ ‘අඳුන්ගිර’ නිර්මාණයෙන් කතා කිරීමට උත්සාහ කරන්නේ මොනවගේ දෙයක්ද?මම කලින් පැවැසූ පරිදි 1970 ඉඳලා 90 දශකය දක්වා සිදුවුණු විපර්යාසයක් තමයි ‘අඳුන්ගිර’ තුළින් කතා කිරීමට උත්සාහ ගන්නේ. 71 කැරැල්ල, 80 දශකයේ ජූලි කලබල සහ 90 දශකයේ යුද්ධ ආර්ථික භූමිකාවත් එක්ක මොකද වුණේ කියලා. කොලනි ගම්මානයක සිදුවුණු විපර්යාසයක් තමයි කතා කිරීමට උත්සාහ කළේ.
ඔබ ඒ ගන්න උත්සාහය සාර්ථකයි කියලා හිතනවද?සාර්ථකද, අසාර්ථකද කියලා මට එය තීරණය කරන්න බැහැ. එය ප්‍රේක්‍ෂකයාගේ තීරණය මත තමයි තීරණය වෙන්නේ. දැනට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මම ගත්ත උත්සාහයේ සාර්ථකත්වයක් තිබෙන බව පෙනී යනවා.
මෙවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමට අභියෝග රැසකට මුහුණපාන්න ඇති නේද?මම කරන හැම නිර්මාණයක්ම මට අභියෝගයක් කියලා හිතලා තමයි මම වැඩ කරන්නේ. මම කිසිම දෙයක් සරලව හිතලා නැහැ. අභියෝගයක් ගැනීම තමයි නිර්මාණයක් සාර්ථක වීමට හේතුව. මම කරපු ‘ගිරිදේවි’ ටෙලිනාට්‍යයෙන් ලබපු අත්දැකීම් එක්ක ‘අඳුන්ගිර’ කිරීමට තවත් පහසු වුණා.
ඔබ අදහන කලාව ඔබ දකින්නේ මොන විදියටද?මම කලාව දකින්නේ මිනිසුන්ගේ රසවින්දනය වගේම ඔවුන්ව ප්‍රඥාව කරා ගෙනයන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ නිසාම තමයි මම මෙවැනි ගුණාත්මක නිර්මාණ කිරීමට රුචියක් දක්වන්නේ.
අපි දකින විදියට බහුතරයක් නිර්මාණ එක තැන පල්වෙනවා. එය ඔබට දැනෙන්නේ කොහොමද?එක එක පුද්ගලයා අනුව රසවින්දනය වෙනස් වෙනවා. යම් නිර්මාණයකට කෙනෙක් කැමැති වෙන්න පුළුවන්. තව කෙනෙක් අකැමැති වෙන්න පුළුවන්. එය සාපේක්‍ෂව බලනවා මිසක් නිර්මාණවලට ලේබල් ගහලා වෙන් කරන්න බැහැ. මම හොඳ රසිකයෙක්. මම විඳින්න කැමැති මොනවද එයට තමයි මම ප්‍රිය කරන්නේ. කලාව විඳින පුද්ගලයා අනුව තමයි එහෙම වෙනස් වෙන්නේ.
වසන්ත විතාරණගේඋපුටා ගැනීම මව්රට
පේෂානි ඒකනායක කාලෙකට කලින් අපේ ජාතික ෆුට්බෝල් කණ්ඩායමේ සාමාජිකාවක්. නමුත් අද ඇය රංගන ශිල්පිනියක්. චලෝ, සික්ස් පැක් යන ටෙලි නිර්මාණවලින් පස්සෙ...
"මෙකල කොවිඞ් රෝගයට ගොදුරු නොවී බේරී සිටීම ඒ තරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් ඔබ ඔබ වෙනුවෙන් සහ ඔබේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන්...
හිරු ටිවි නාළිකාවේ විකාශය වෙන ෂැඩෝ හා දිවිතුරා ටෙලි නාට්‍යයවල මෙන්ම ස්වර්ණවාහිනියේ විකාශය වෙන පාර වසා ඇත ටෙලි නාට්‍යයේ දකින සුදික්ෂා...
සමහරු වැඩි කැමැත්තක් නැහැ…මට කියලා විශේෂයක් කරන්නේ නෑ…‘දූවිලි අහසේ’ පියාසර කරමින් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන සුන්දර හැඩකාරියක් තමයි පියුමාලි පාලමකුඹුර....
• සිනමාවට තවත් වසන්තයක් අරන් අපි ආවේ…• සබීතයි මායි අතරේ තරගයක් තිබ්බේ නැහැ…• නිහාල්සිංහයන් මං දිහා ගල් ගැහිලා බලන් හිටියා… •...
මේ දිනවල ස්වර්ණවාහිනීයේ විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යට විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම එහි චරිතවලටත් බොහෝ දෙනා ආදරය කරන්න...