පිරිමි බැහැ කියපු දේවල් මම කළා…
ජාත්‍යන්තරයට යන්න අදහසක් තියෙනවා…
‘ඩිස්නි’ට රන් කිරුළක් ලැබුණා?මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව මට තියෙන ආදරය වැඩිකමටයි මට මේ ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකි වුණේ. එදා ඒ විඳපු සතුට ජීවිතයේ කිසිම දවසක මට අමතක කරන්න බැරි වෙයි.
එදා ඔබට ලැබුණු කිරුළට පුංචි හාද්දක් දෙන බව අපි දැක්කා..ඇත්තටම මෙය හොඳ ප්‍රශ්නයක්. මට මේ රටේ විතරක් නෙවේ විදේශීය රටවල මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව මට එකවරම වැලඳගන්න බැහැ. ඉතින් ඒ සියලුමදෙනාම සිහිපත් කරමින් එකවරම වැලඳ ගන්නවා වගේ කියලා හිතලා ඒ සියලුමදෙනා වෙනුවෙන් තමයි ඒ මොහොතේ හාද්දක් දුන්නේ මගේ කිරුළට.
ඔබේ රංගනයන් දැක තිබුණත්, මෙවැනි විස්මයජනක දේවල් කරයි කියලා ප්‍රේක්‍ෂකයෝ බලාපොරොත්තු වුණේ නැහැ නේද?මම රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව මෙයයි. ඉතින් මගේ රංගනය රාවණ ටෙලිනාට්‍යයෙන් උපරිම දැකගන්නට ඇති. නර්තනය පැත්තෙන් විශේෂ දෙයක් කරන්න ඕනෑ නිසා ජාත්‍යන්තරයට ගිය නර්තන විලාසිතාවන් අනුකරණය කරමින් මගේ හැකියාවන් උපරිමෙන් මගේ ප්‍රේක්‍ෂකයන්ට නිරන්තරයෙන් දීමට උත්සාහ කළා.
එය ඔබට අභියෝගයක් වෙන්නට ඇති?අනිවාර්යෙන්ම… පිරිමි අය පවා කරන්න බැහැ කියපු දේවල් මම ඉදිරිපත් කළා. සමහර අවස්ථාවල මගේ කකුල් දෙක පවා කැඩුණා. මම ජීවිතයත් පරදුවට තබා මේ දේවල් ඉදිරිපත් කළේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව වෙනුවෙන්. මට පුහුණුවීම් කළ ලලිත් පැරැකුම් ගුරුතුමාට විශේෂ ස්තුතියක් පුදකරනවා. ඔහු දක්‍ෂ නර්තන ශිල්පියෙක්.
ඔබේ මීළඟ බලාපොරොත්තුව කොයිවගේද?ජාත්‍යන්තරයට යන්න අදහසක් තියෙනවා. ඒක කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්. 2019 වර්ෂයේ ‘මිස් ශ්‍රී ලංකා’ තරගයේ මම ජාත්‍යන්තරයත් සමග තරග කරලා ජයග්‍රහණය මගේ රටට හිමිකර දුන්නා. එය ගැන සතුටුයි.
ඩිස්නිගේ රඟපෑම් කටයුතු කොහොමද මේ දවස්වල?කොරෝනා ප්‍රශ්නත් එක්ක බාර ගත්ත වැඩකටයුතු කල්ගියා. දැන් ඒ වැඩකටයුතු සඳහා සූදානම් වෙන්න කාලය හරි. සීමාවක් නැතුව ටෙලිනාට්‍ය, චිත්‍රපට දෙකේම වැඩ කරන්න තමයි බලාපොරොත්තුව.
උපුටා ගැනීම මව් රට
කලා ක්ෂේත්‍රයේ විවිධ චරිත අතර ගයත්‍රි ඩයස් කියන්නේ හැමෝගේම අවධානයට ලක්වෙන චරිතයක්. ආකර්ෂණීය පෙනුම සහ දක්ෂතාව නිසාම ටෙලි තිරයේ නිතර දෙවේලේ...
තරුවලට ටැටු ගහන්න කලින් සුජී මෙතැනට එන්නේ ලොකු කැපකිරීමක් කරලා…පොඩි කාලේ ඉඳලම මම පේන්ටින්වලට හුඟාක් කැමති කෙනෙක්. ස්වීඩන් ඉඳලා ආපු ඩොමිනික්...
මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින හුරතල් රංගන ශිල්පිනියක් විදිහට යොහානි හෙට්ටිආරච්චි හඳුන්වලා දෙන්න පුළුවන්. හිරු ටී.වී ඔස්සේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි...
මම සිනමාවෙන් තමයි ආවේ…හැබැයි එකක්වත් තවම තිරගත වෙලා නැහැ…‘පාරදිගේ’ යද්දි විවිධ හේතුන් මත පාරවල් වසා දමනවා. අපි ඒ වෙනුවට උත්සාහ කරන්නේ...
"මෙකල කොවිඞ් රෝගයට ගොදුරු නොවී බේරී සිටීම ඒ තරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් ඔබ ඔබ වෙනුවෙන් සහ ඔබේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන්...
චණ්ඩියෙක් තමයි! නමුත් ඔහු ගමේ කොල්ලෙක්. මේ දවස්වල කැකුලන්දරට (කැකුලට) බනින් නැති කෙනෙක් සොයා ගන්නටත් අමාරුයි. ටෙලිවිෂන් රසිකයන් සියලු දෙනා අතර...