Biz Log
Classifields
Biz Log
Classifields

විවාහයක් ගැන හීනයක්වත් දකින්නේ නෑ

රංගනයට දවසින් දවස අලුත් අලුත් මුහුණු එක් වූවත් ඉතා සාර්ථක ලෙස ප්‍රහසනය මැවිය හැකි නළු නිළියන් බිහිවන්නේ කලාතුරකින්. ඩිලුක්ෂි කවින්ද්‍යා වීරපෙරුම වර්තමානයේ බිහිව ඇති සාර්ථකම ප්‍රහසනය මවන්නිය බව ලොක්කි ටෙලි නාට්‍යයෙන් ඔප්පු කර හමාරයි. දුෂ්ට චරිතයක් වී සිටි ඩිලුක්ෂි හිටි හැටියේ පුංචි තිරයේ සිනා ගඟුල වුණේ කොහොමද… අපි එතැනින් කතාව පටන් ගත්තා.

ලොක්කි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද අයියා මට මේ චරිතය ගැන කිව්වම වගේම මේ පිටපත් කියවද්දී මට මේ චරිතය කරන්න පුළුවන් කියල හිතුණෙ නැහැ. මේක රිස්කි ජොබ් එකක්. මම කරන දෙයින් ප්‍රෙක්ෂකයා හිනා ගස්වන්න බැරි වුණොත් මම ෆේල්නේ. මම මීට පෙර ප්‍රහසන චරිත කරලා තිබුණෙත් නැහැ. ඒ නිසා මම මේ ගැන ගොඩක් හිතුවා.

ප්‍රවීනා කියන්නෙ පොෂ් කෙනෙක් නොවුණට බොරු පොෂ් එකක් පෙන්වන කෙනෙක්නේ. ඔය අනේ කියන වචනයට අනා කියන එක එහෙම මට හරිම නුහුරුයි. ඉතින් මම කිහිප වතාවක් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මට ඔය වැඩේ කරන්න පුළුවන්ද කියලා කරලා බැලුවා. ඇත්තටම මේක මට අභියෝගයක්. මම අභියෝගවලට හරිම කැමති කෙනෙක්. ඉස්කෝලෙදිත් මට රඟපාන්න ලැබුණාම මම කළේ මහලු චරිත, එහෙම නැතිනම් පිරිමි චරිත. සාමාන්‍ය දිවියේ විදිහට වෙනස් දේවල් ප්‍රවීනා චරිතයෙ රූගතකිරීම් වලින් පස්සෙ මම හිතුවටත් වඩා හොඳින් වැඩේ කෙරුණා. ප්‍රතිචාරත් ඒ වගේමයි. මේ වෙත්දි මම ටෙලි නාට්‍ය දහයක විතර රඟපාලා තියෙනවා. හැබැයි ප්‍රවීනාගේ චරිතයට තමයි වැඩිම ප්‍රතිචාර තියෙන්නේ.

පාරෙ යද්දි රසික රසිකවියෝ මාස්ක් දාගෙන හිටියත් මාව අඳුරගන්නවා. අනා කියල ළඟට ඇවිත් කතා කරනවා. සිංදුවක් කියන්න කියනවා. මාත් එක්ක ෆොෙටා් ගන්නවා. ඇත්තටම මේ දවස්වල ප්‍රවීනා නිසා මම රසික රසිකාවියන්ගෙන් සුන්දර ආදරයක් විඳිනවා. හැබැයි මට මේක නුහුරුයි. මම ජනප්‍රියත්වය බලාපොරොත්තු වුණ කෙනෙක් නෙවෙයි.

ලැබෙන ආදර සැලකිලි එක්ක ඩිලුක්ෂිට ඉදිරියේ ප්‍රවීනා වැනි චරිත ලැබුණොත් බාරගනීද කියන ප්‍රශ්නය ඇයට යොමු කළා.

ආයෙත් ප්‍රවීනා වගේම චරිතයක් මම තවත් නිර්මාණයක කරනවා කියන එක මම හිතන්නේ මම ඒ චරිතයට කරන හානියක් කියලා. හැබැයි කොමඩි චරිත ඉදිරියේදී ලැබුණොත් මම අනිවාර්යෙන්ම බාරගන්නවා ප්‍රවීනා වගේම වෙනසක් කරන්න උත්සාහ කරනවා. සාමාන්‍ය ජීවිතයෙත් මම හරිම පිස්සු චරිතයක් සැහැල්ලුවට ඉන්න කෙනෙක්. ඒ වගේම මම හරිම රොමැන්ටික් චරිතයක්. නමුත් මට තවම තිරයේ පෙම්වතිගේ චරිතයක් ලැබිලා නැහැ. මම හරිම ආසාවෙන් ඉන්නවා පෙම්වතියකගේ චරිතයක් රඟපාන්න.

මේ තරම් දුෂ්ට චරිත ලැබෙන්න හේතුව ලෙස ඇය දරන්නේ මෙවන් අදහසක්…ඒකට හේතුව මගේ කටහඬ ගොරෝසුයි මම හයියෙන් කතා කරනවා. මම අඳින පළඳින, හැසිරෙන විදිහ නිසා වෙන්නැති. හැබැයි මම ඇත්තටම චුට්ටක්වත් දුෂ්ට කෙනෙක් නෙවෙයි. දැන් ඉතින් දුෂ්ට චරිතම එක දිගට කරලා තියෙන නිසා ඉදිරි කාලේ මම දුෂ්ට චරිත බාරගන්න එක ටිකක් සීමා කරන්නයි හිතාගෙන ඉන්නේ.

ඇය කලාවේ මුල් අකුරු කියවන්නේ සිනමාවෙන් බව දන්නේ කීප දෙනෙක් පමණයි…මම පුංචි කාලෙ කියන්නේ මම මාව සිනමා තිරයේ හරි රුපවාහිනී තිරයේ හරි දකින්න ආසයි කියලා. මම අධ්‍යාපනය ලැබුවේ විශාකා විද්‍යාලයේ. ඉස්කෝලේ කාලේ එළියේ රංගන කටයුතුවලට යන්න බැරි වුණත් ඉස්කෝලේ මම රඟපෑවා, නර්තනය කළා. මම භරත නාට්‍යයම් කරලා අරංගේත්‍රම් පැවැත්වූවා. උඩරට නර්තනය හදාරලා පාහින්පත් මංගල්‍ය තිබ්බා. සම්මාන දිනුවා, ජයග්‍රහණ ලැබුවා. නර්තනයයි, රංගනයයි තමයි මගේ ජීවිතයේ ලොකුම හීනය වුණේ. ඒ හීනය සැබෑ කරගන්න මගේ අක්කා දෙනුෂ්කා වීරපෙරුම සිනමා හා ටෙලි නිළියක් වීම බලපෑවා.

අක්කගෙ යාළුවෙක් තමයි ජනිත් වික්‍රමගේ අයියා. ඒ හැඳුනුම්කමට මට ගෝත්‍රා චිත්‍රපටයේ රඟපාන්න ලැබුණා. ඊට පස්සෙ දමිත් ෆොන්සේකා මහත්මයගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන බෆලෝ ට්‍රැවල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඇරයුම් ලැබුණා. චිත්‍රපට දෙකක රඟපෑවට පසුව මගේ පළමු ටෙලි නාට්‍යය වන ‘සල්සපුනා’ සඳහා අරයුම් ලැබෙනවා. ඊට පස්සේ මම දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණා. ඒ අතර මට රාවණ සීසන් 1 හා 2හි සූර්යමුඛීගේ චරිතය ලැබෙනවා. ඊට පස්සේ දිගටම මට රංගන අවස්ථා හිමිවෙනවා.

විවාහය මේ හැමදේටම සමුදෙන්න හේතුවක් වෙයිද කියන තැනින්ම ඇයගේ කතාවට සමුදුන්නා..අපේ අම්මා කියනවා මම පොඩි කාලේ කිව්වලු මම අවුරුදු 23දි බඳිනව කියලා. ඒත් ලබන පෙබරවාරියට මට 25ක් වෙනවා. දැන් අපේ නැන්දලා එහෙම විහිළු කරනවා දැන් ඉතින් බඳිමු කියලා. ඒත් මට දැන් නම් විවාහ වීමේ කිසිම අදහසක් නැහැ. මම ස්වාධීන ජීවිතයකට කැමති කෙනෙක්. මම කැමතියි මගේම මහන්සියෙන් හම්බ කරලා මගේ අම්මයි තාත්තයි බලාගන්න පුළුවන් නිදහස් ජීවිතයක් ගොඩනගා ගන්න. මම කියන්නේ මට ආදරය දැනෙන්නෙ නැති කෙනෙක් කියලා නෙවෙයි. මගේ ජීවිතයේ පෙම් සබඳතා තිබිලා තියෙනවා. අදටත් මම කැමති කෙනෙක් ඉන්නවා. ඒත් මම ඒ සබඳතා වෙනුවෙන් වැඩිපුර කාලය මිඩංගු කරන්න කැමති නැහැ. මොකද මම දන්නවා අන්තිමට මට ඉතිරිවෙන්නේ මමයි, මගේ අම්මයි, තාත්තයි කියලා. ආදරයක් වෙනුවෙන් ජීවිතය කැප කරලා විරහව නිසා තැවි තැවී හඬ හඬා ඉන්න කාලය කැප කරන්න මම සූදානම් නැහැ. ඒ නිසා විවාහයක් ගැන නම් මම හීනයක්වත් දකින්නෙ නැහැ. නමුත් ජීවිතවලට හැමවිටම දෛවය ලබා දෙන්නේ අපි නොපැතූ දේවල්නේ. ඒ නිසා ඉදිරි කාලයේ මොනවා වෙයිද කියන්න බැහැ.

ධම්මිකා සුරංජි පතිරණඋපුටා ගැනීම අරුණ

Share This Article

නාඩගම්කාරයෝ සෙට් එකට ආපු අලුත්ම නාඩගම්කාරී…

අහම්බෙන් තමයි නාඩගම්කාරියක් වෙන්න ලැබුණේ…හංසි ලොකු වෙනසක් කරයි ඉස්සරහට…මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් ‘නාඩගම්කාරයෝ’. පසුගිය දවස්වල නාඩගම්කාරයෝහි අපිට අලුත් මුහුණු...

චරිතාංග නිළියක් විදිහට නිරුවත් දර්ශනයක රඟපෑවා

පුංචි තිරයේ නිතරම පේන්න ඉන්න තරින්දි ප්‍රනාන්දු මේ වෙද්දි රිදී තිරයෙත් පෙරළිකාර පියවරක් තබලා තියනවා. ඒ මේ දවස්වල සාර්ථකව තිරගතවන my...

සිංදු හදලා දෙන්නේ මුල් හතර දෙනාට විතරයි…

ගමෙන් ලැබුණු ප්‍රතිචාර තවම ඒ විදියමයි… හිරු එක අපිව අමතක කරලා නැහැ…පසිඳු නිලක්ෂණ කියන්නේ හිරු ස්ටාර් වේදිකාවේ බොහෝ කතාබහට ලක්වුණු තරුවක්....

කොල්ලෙක් විදියට සමාජයේ පයගහල ජීවත් වෙනවා…

හැදෑරීමක් නැත්නම් පැවැත්මක් නැහැ…මේ දිනවල ‘පෝර්ක් වීදිය’ තුළින් ඔබට සමීප වන ‘කසුන්’ අනංගයෙක් බවට පත්වෙලා. ආදරය කරමින්, ආදරය මුළාවක් කරන තරුණයෙක්...

අළුතෙන් එන ගොඩක් අය ෆීල්ඩ් එක විනාශ කරලා තිබෙන්නේ.

නිරූපණ ශිල්පිනියක් වන සුදර්ශිකා කාලයක් පුරාවට නිරූපණ තුළින් දක්නට ලැබුණේ නැහැ. ඇගේ විවාහයෙන් පසුව ඇය තාවකාලිකව නිරූපණයට සමුදුන්නා. නමුත් මේ වනවිට...

ජනප්‍රිය වූ පමණින් හොඳ නළුවෙක් වෙන්න බෑ

නලින් ලුසේනා වේදිකා රංගන ශිල්පියෙක්, රචකයෙක් සේම අධ්‍යක්ෂවරයෙක්. වේදිකාවෙන් ලැබූ පන්නරයත් එක්ක ඔහු ටෙලි නාට්‍යය රංගනයටත් සිනමාවටත් ප්‍රවේශ වුණා. වේදිකාවෙන් ඇරැඹි...