Biz Log
Classifields
Biz Log
Classifields

පෙනුම තිබ්බට විතරක් මදි හැකියාවත් තියෙන්න ඕනේ…

පෙනුම තිබ්බට විතරක් මදි හැකියාවත් තියෙන්න ඕනේ…

මට මාවත් අභියෝගයක් වුණා…

මේ දවස්වල විවිධ නාළිකාවල රියැලිටි වැඩසටහන් විවිධ අයුරින් අපි දකිනවා. ඒ වැඩසටහන් අතර ප්‍රමුඛත්වයක් ගෙන තිබෙන ‘හිරු මෙගා ස්ටාර්’ තරගාවලියේ දක්ෂතා පෙන්නපු තරු අතර හැඩවැඩ දාපු තවත් සුවිශේෂී රංගන ශිල්පිනියක් තමයි අමන්දා සිල්වා. ඇයගේ නර්තනයන් ගැනත් ඉදිරි කලා කටයුතු ගැනත් අපි ඇය එක්ක කතා කළා.

අමන්දා පසුගිය දවස්වල ලොකු තරගයකට මුහුණ දුන්නා?

‘හිරු මෙගා ස්ටාර්’ තරගාවලියේ අවසන් නව දෙනා අතරට මම දැන් තේරිලා ඉන්නේ. ඉතින් මම සමග තරග කරපු සියලුමදෙනා මට අභියෝගයක් වුණා. ඒ වගේම මට මාවත් අභියෝගයක් වුණා. එහෙම කිරුළ ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද මම දැන් මේ ඉන්න තැන ගැන සතුටු වෙනවා. මොකද මේ කිරුළ හිමිවන්නේ එක්කෙනාටයි. එය කාට හිමිවුණත් මම හදවතින්ම සුබපතනවා වගේම සතුටු වෙනවා.

ඔබේ නර්තනයට විනිශ්චය මණ්ඩලයෙන් හොඳ පැසසුම් ලැබුණා නේද?

ඔව්… එය මට වටිනා අගය කිරීමක්. මම ඉදිරිපත් කළ නිර්මාණ වලට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ විතරක් නෙවේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.

මෙයට පෙර අමන්දා නර්තනය ගැන හැදෑරීමක් කළාද?

පොඩි කාලේ ඉඳලා මට නැටුම් කරන්න ආශාවක් තිබුණා. පසුකාලීනව මම කුලසිරි බුදවත්ත ගුරු පියාණන් යටතේ උඩරට නර්තන හැදෑරුවා. කපිල පලිහවඩන යටතේ බැලේ හැදෑරුවා. මම ලොකුවට හැදෑරීමක් කළේ නැහැ. නමුත් මම ඒ ප්‍රගුණ කරපු දේවල් ‘හිරු මෙගා ස්ටාර්’ තරගයට මුහුණ දීමට රුකුලක් වුණා.

‘ෂෙලීනා’ට පසු ඔබේ රඟපෑම් කටයුතු මගහැරුණාද?

මම රඟපාපු පළමු චිත්‍රපටය ‘ෂෙලීනා.’ එයත් ‘කොවිඞ්’ ප්‍රශ්නත් එක්ක තිරගත වුණා. නිර්මාණවලින් ආරාධනා ලැබුණත් ‘කොවිඞ්’ ප්‍රශ්නත් එක්ක ඒ සියලුම වැඩකටයුතුකල්ගියා.

ඔබේ බාහිර ස්වරූපයත් රඟපෑමට කැඩපතක් වන්නට ඇති?

එයත් බලපාන්න ඇති. හැබැයි ඉතින් දක්‍ෂතාවයත් බලපානවා රඟපෑම් කටයුතුවලදී ඉදිරියට යන්නට නම්.

ඔබේ ආදරණීය නැඟණියත් දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. ඇයගේ රඟපෑම ගැන මොකද ඔබට හිතෙන්නේ?

මගේ පොඩි නංගි උදාරි සෞභාග්‍යා ඇය මේ තරම් ලස්සනට රඟපායි කියලා මම හිතුවේ නැහැ. මගේ මාමා හරහා තමයි ඇයට මේ ක්‍ෂේත්‍රයට යොමුවීමට අවස්ථාව ලැබුණේ. ඉතින් මමත් ඇයට දැනමුතුකම්, අවවාද දෙනවා, මේ ගමන යන්න ඕන විදිය ගැන. සතුටුයි කෙනෙක් මෙහෙම ඉන්නවා දකිනකොට.

වසන්ත විතාරණගේඋපුටා ගැනීම මව් රට

Share This Article

පාකිස්තාන හමුදාවට ගිය ලංකාවේ අයෝමය ගැහැනිය

මේ ගතවෙන කාලය තාරුණ්‍යයට සුබ කාලයක් කියලා හැඟෙනවා. එහෙම හිතුණේ කලා ලොවේ බොහොමයක් තාරුණ්‍යය නියෝජනය කරන කලාකරුවන් ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම්...

රඟපෑමත් දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්

තාරා කළුආරච්චි රංගනයට එන්නෙ නිරූපණ ක්‍ෂේත්‍රය හරහා. මේ දිනවල ලලයි ලිලයි ලයි සහ හිච්චි යන ටෙලි නාට්‍ය එක්ක ඇය ගැන බොහෝ...

ජීවිතය ගෙවුණෙ සෙට් එකයි රූගතකිරීම් එක්කයි…

රඟපෑම වෙනුවෙන් ජීවිතයම කැපකළ කෙනෙක් මම… ලැබුණු පිටපත් ගණන අසීමිතයි… අන්තිමට මට මාවත් අමතක වුණා…‘සබීතා පෙරේරා’ නම් සුරූපී නිළි තාරකාව ගැන...

නාඩගම්කාරයෝ නාට්‍ය සමග තමයි මාව මේ වෙද්දි දකින්න ලැබෙන්නේ

මේ දිනවල ස්වර්ණවාහිනීයේ විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යට විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම එහි චරිතවලටත් බොහෝ දෙනා ආදරය කරන්න...

ගුණ සුවඳින් පිරුණු හයසින්ත් විජේරත්න මාතාව

හයසින්ත් විජේරත්න දයාබර රංගන ශිල්පිනිය අප අතරින් වෙන්වී තෙමසක් ගතවන මොහොතේ ඇගේ ගුණ සුවඳ මෙනෙහි කරමින් කෘතවේදී සටහනක් තැබීම අපගේ යුතුකමයි.දස...

පර්ස් එකේ සල්ලි හිඳෙනකම් කොල්ලන්ට වියදම් කළා

මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු පහ‍ළොවක් වගේ වෙනවා. ඒ කාලය ගැන ලොකු සතුටක් දැනෙනවා. නිරූපිකාවක් වෙන්න තමයි මම හීන මැව්වේ. දැන්...