Biz Log
Classifields
Biz Log
Classifields

ඇඟපතින් තඩියා වුණාට මම හිතින් පට්ට බයයි…

ඇඟපතින් තඩියා වුණාට මම හිතින් පට්ට බයයි…

  • පාරෙදිත් තඩියො කියලා තමයි කතා කරන්නෙ
  • මාව හෑල්ලු කරනවද කියලත් හිතෙනවා…

පසුගිය සතියේ ‘මව්රට – හාට්’ කලා අතිරේකයේ අපි ඔබට පැවැසුවා සහෝදරයන් දෙදෙනෙක් කලා ක්‍ෂේත්‍රයට එකම ටෙලිනාට්‍යයකින් අවතීර්ණ වෙලා චරිත නිරූපණය කරන බව. ඉතින් පසුගිය කලාපයේ ප්‍රභාත් විශ්වජිත් ගැන ඔබට පැවැසුවා. මේ තමයි ඔහුගේ සහෝදරයා. ඔහු හෂාන් විරාජ්. හැබැයි දැන් ඔහුව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘තඩියා’ ලෙසින්. ඔහුත් ප්‍රථම වතාවට ජාතික පුවත්පතකට ඔහුගේ හපන්කම් ගැන අපිත් එක්ක කතා කළා.

හෂාන් ඔබේ රංගන දිවියේ සොඳුරු තැන් කතා කිරීමට පෙර ගොඩදෙනෙක් කැමැති ඇති ඔබ ගැන මුලින් දැනහඳුන ගන්නට?

මම හෂාන් විරාජ්. මගේ ගම් පළාත අනුරාධපුර. මගේ මල්ලි තමයි ප්‍රභාත් විශ්වජිත් කියන්නේ. ඔහුත් දැන් ටෙලිනාට්‍යවල රඟපානවා.

එතකොට ඔබ පාසල් ගියේ?

අනුරාධපුර ශාන්ත ජොශප් විද්‍යාලයට සහ වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයට.

දැන් ඔබව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘තඩියා’ ලෙසින් නේද. ‘තඩියා’ වීමට අවස්ථාව ලැබුණ හැටි අපි කැමැතියි දැනගන්න?

ප්‍රවීණ රංගන ශිල්පි රනිල් කුලසිංහ අයියා තමයි මගේ දක්‍ෂතාවයන් දැනහඳුනාගෙන මාව මුලින්ම ‘පානාමංකඩ’ ටෙලිනාට්‍යයේ කැමරා ශිල්පියෙක් ලෙසට සම්බන්ධ කරගත්තේ. පස්සේ ඔහුගේම ‘වලවෙට්ටු’ ටෙලිනා්‍යයේ ‘තඩියා’ චරිතය නිරූපණය කිරීමට මාව තෝරා ගත්තා. රනිල් අයියා මම ගැන තිබ්බ විශ්වාසයට මම සාධාරණයක් කරලා තියෙනවා කියලා මට හිතෙනවා ‘තඩියා’ට ලැබෙන ප්‍රතිචාරත් එක්ක.

නිතරම ඇඟ පෙන්වලා මිනිසුන් බය කිරීමට උත්සාහයක් ගන්නවා කියලා ආරංචියි?

‘තඩියා’ කියන්නේ ‘රතු මහත්තයා’ගේ කුඩාම ගෝලයා. ‘තඩියා’ ඉතින් මිනිසුන් බයකර තියාගන්න එහෙම ස්වරූපයක් ගන්නවා. ඉතින් හැබැයි ‘තඩියා’ එහෙම කලාට හිතින් පට්ට බය ගුල්ලෙක් මිනිසුන්ට.

ඔබ නිරූපණය කරන නිර්මාණ දෙකක් මේ දවස්වල විකාශය වෙනවා. ඉතින් ඔබට දැනෙන සතුට කොයි වගේද?

මම හිතුවේ නැහැ මම රඟපාන පානාමංකඩ, වලවෙට්ටුවා නිර්මාණ එකළඟ විකාශය වෙයි කියලා. ටෙලිනාට්‍ය දෙකම එකිනෙකට වෙනස් නිර්මාණ දෙකක් නිසා ප්‍රතිචාර හොඳට ලැබෙනවා. පාරතොටකදී දැක්කත් සමහරු ‘තඩියෝ’ කියලා කෑගහගෙන යනවා. ඒ වෙලාවට ඉතින් හිතට සතුටක් දැනෙනවා. සමහරවිට හිතෙනවා මාව හෑල්ලු කරනවාද කියලා. මොකද මම මහත නිසා.ඔබ වගේම ඔබේ

සහෝදරයාත් මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරනවා. එක් අවස්ථාවකදී අයියා, මල්ලි මාරු වුණු අවස්ථාවක් තිබුණා නේද?

මට මල්ලි සමග එකට රඟපාන්න ලැබුණේම නැහැ. නමුත් ‘වලවෙට්ටුවා’ ටෙලිනාට්‍යයේ එක අවස්ථාවකදී මගේ මල්ලි මට මල්ලි කියලා කතා කරනවා. මට අයියේ කියලා කතා කරන්න සිදුවුණා. ඒ අවස්ථාවේදී නම් මගේ හිතට අමුත්තක් දැනුණා.

දිගටම නළුවෙක් ලෙසට වැඩ කරන්නද සූදානම?

මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. මොකද මම කවදාවත් හිතුවේ නැහැ මට රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා. හැබැයි දැන්නම් විවිධ චරිත නිරූපණය කිරීමද හිතට ආශාවත් බලමු ඉතින් ඉදිරියේදී අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

වසන්ත විතාරණගේඋපුටා ගැනීම මව් රට

Share This Article

හීනෙකින්වත් නිළියක වෙන්න නොසිතූ ඩිලූෂි හංසිකා නිළියක බවට පත්වූ හැටි

ඇය කටකාරයි. විටෙක දඟකාර යෞවනියක්. සටන් කලාව තුළ අසාධාරණය වෙනුවෙන් සටන් වදින්නියක්. එමෙන් ම ඇය ඉක්මන් කේන්තිකාරියක්. ධරණි ටෙලි සිතුවම තුළ...

ආදරණීය හැඟීම්වලට ආදරේ කරන රුක්ෂානා

කලා ක්ෂේත්‍රයේ යොවුන් පරපුර නියෝජනය කරන සොඳුරු සුන්දර යුවතියක් වන රුක්ෂානා දිසානායක සමඟයි කතාබහ.ගොඩක් කාර්ය බහුලයි වගේ?මගේ ඩාන්සින් ඇකඩමි එකේ වැඩකටයුතු එක්ක...

රඟපාන්න කැමැත්තක් තිබුණෙම නෑ

ෆොටෝ ගන්නකොට මූණ හංග ගන්නවාරඟපාන්න කියලා අම්මයි තාත්තයි බල කළෙත් නැහැජනප්‍රිය තරුවල ආදරණීය දරුවන් තුළින් අද අපේ කතාබහට එකතු කර ගත්තේ...

ලබන අවුරුද්දේ බඳින්න තමයි හිතන් ඉන්නේ…

කොරෝනා කියලා අපිට ටෙලිනාට්‍ය අතරමග දාලා යන්න බැහැ…පසුගිය දවස්වල ක්‍ෂේත්‍රයේ ශිල්පීන් එක දිගට මෙගා නිර්මාණවල වැඩ කිරීමට අපහසු බව සඳහන් කර...

ප්‍රේමය අත්විඳල තිබුණට දැන්නම් ආදරවන්තයෙක් නෙමෙයි

ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ බණ්ඩා ලෙසින් ඔබ හමුවට ආ ඔහු මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ‘පාට කුරුල්ලෝ’ ටෙලි...

සිනමා නිළියක් වෙන්න කැමතියි

මේ දිනවල තිරගතවන සිංහබාහු සිනමා සිත්තමේ සුප්පා දේවියගේ චරිතය ජීවමාන කරන්නෙ ඇය. එවැනි දැවැන්ත චරිතයක් භාරගනිද්දි ඇයට යන්තම් වයස දාහතයි. මේ...