මම තාම කොල්ලෙක් තව යන්න දුර ගමනක් තියෙනවා…

මම තාම කොල්ලෙක් තව යන්න දුර ගමනක් තියෙනවා…

  • මේක නම් මට දේව හාස්කමක්…
  • දවස් හතම එකම කතාවක රඟපාන්න ලැබෙයි කියලා හිතුවේ නෑ…

එකම පවුලෙන් සහෝදරයන් දෙදෙනෙක් එක රැයකින් තරු බවට පත්වෙලා කලා ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සිහින දකින අවධියක ඒ පවුලෙන් බිහිවුණු මේ පුංචි කොලුගැටයා තමයි ප්‍රභාත් විශ්වජිත්. අද වන විට ප්‍රභාත් ටෙලිනාට්‍ය දෙකක චරිත දෙකක් තුළ ජීවත් වීමට ගත් උත්සාහය ගැන ‘මව්රට’ ජාතික පුවත්පත තුළින් ප්‍රථම වතාවට මාධ්‍ය කතාබහකට සම්බන්ධ වුණා.

ප්‍රභාත් ඔබ සතියේ දිනවලත්, සති අන්තයේත් චරිත දෙකකින් අපිට සමීපවෙලා සිටිනවා?

මට මෙය නම් දේව හාස්කමක් බඳුය. මොකද ජීවිතයේ කිසිම දවසක මම හිතුවේ නැහැ චරිත දෙකකින් දවස් හතම එකම රූපවාහිනී නාලිකාවක මම රඟපාන ටෙලිනාට්‍ය දෙකක් විකාශ වෙයි කියලා. සතියේ දිනවල ‘වලවෙට්ටුවා’ ටෙලිනාට්‍යයේ ‘ගාමා’ ලෙසටත්, සති අන්තයේ ‘පානාමංකඩ ටෙලිනාට්‍යයේ ‘සුනිල්’ ලෙසටත් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට මම සමීප වෙනවා.

ඔබ මේ නිරූපණය කරන චරිත දෙක අතර ලොකු වෙනසක් අපි දකිනවා?

ඇත්තටම ඒ වෙනස ගැන පහදන්නට කලින් මාව මේ තත්ත්වයට පත්කළ මගේ ආදරණීය ගුරු පියාණන්ට ආචාර කරන්න මම කැමැතියි. මොකද අද මම ගැන ඔහු නොබැලුවා නම් තව කල්පකාන්තරයක් යාවි මගේ සිහිනය සැබෑවීමට. ‘පානාමංකඩ’ ටෙලිනාට්‍ය තමයි මගේ පළමු ටෙලිනාට්‍යය. ‘වලවෙට්ටුවා’ එයට පසුවයි කළේ. ඉතින් මේ ටෙලිනාට්‍යය දෙකම කළේ එකම අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු රනිල් කුලසිංහ. මගේ දක්‍ෂතාවය දැන හඳුනාගෙන මගේ ගමන යෑමට පාර හැදුවේ රනිල් අයියා. ඔහු මගේ චරිත දෙක නිරූපණය කිරීමට උපරිම නිදහස දුන්නා. මටවත් නොතේරෙන විදියට මගේ සැඟවුණු හැකියාවන් ඔහු එළියට ගන්න ගොඩාක් මහන්සි වෙන්න ඇති කියලා මට දැන් තමයි තේරෙන්නේ.

‘සුනිල්’ සහ ‘ගාමා’ චරිත ස්වභාවය වෙනුවෙන් ඔබ මොන වගේ කැපකිරීමක් කළාද?

‘සුනිල්’ කියන්නේ හරිම අහිංසක චරිතයක්. ‘ගාමා’ කියන්නේ චණ්ඩියෙක්. මේ චරිත දෙක වෙනුවෙන් මගේ බාහිර ස්වරූපයම වෙනස් කරන්නට සිදුවුණා. ‘සුනිල්’ වෙනුවෙන් මගේ කොණ්ඩෙ, රැවුල සම්පූර්ණයෙන්ම කපන්න සිදුවුණා. ‘ගාමා’ වෙනුවෙන් කොණ්ඬේ, රැවුල දෙකම වවන්න සිදුවුණා. ඒ අභියෝගයත් එක්ක තමයි මම ජීවත් වුණේ.

ඔබ ප්‍රථම වතාවට තමයි පෙම්වතාගේ චරිතයක් රඟපාන්නේ. ‘සුනිල්’ ලෙසට ඔබට දැනුණු අසීරුව කොයි වගේද?

මම ඉතින් තරුණ කොල්ලෙක් නේ. ආදරය ගැන මම හොඳට දන්නවා. ‘සුනිල්’ ආදරය කරන්නේ ‘සුද්දි’ට. හැබැයි ‘සුද්දි’ගේ ආදරය මට හිමිකර ගැනීමට ලොකු සටනක් කරන්න වෙනවා. ඒ කතාව ගැන මම ප්‍රේක්‍ෂකයන්ට විඳින්නට ඉඩ හැරියොත් හොඳයි කියලා හිතනවා.

සාමාන්‍ය ජීවිතයේදී ඔබ ආදරය කරනවද?

ආදරයෙන් ජය, පරාජ අතර ජීවත් වුණු කෙනෙක් මම. හැබැයි මගේ ඒ ආදර කතාව දිගහැරීමට මම දැන්ම අවස්ථාවක් කරගන්නේ නැහැ. මොකද මම එය මගේ ඇස් දෙක වගේ රැකගන්නේ. මොකද මේ ක්‍ෂේත්‍රයෙන් මට යායුතු දුරගමනක් තියෙනවා. ඇයගෙන්, මවුපියන්ගෙන්, සහෝදරයන්ගෙන් ලැබෙන ආදරය, ශක්තිය මගේ ඉදිරි ගමනට ශක්තියක්ම කරගන්නයි මම උත්සාහ කරන්නේ.

ඔබ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමග නර්තන පාසලක් පවත්වාගෙන ගියා, කොහොමද එහි වැඩකටයුතු මේ දවස්වල?

මේනකා පීරිස් අක්කා තමයි මාව නැටුම් ගුරුවරයෙක් කළේ. පොඩි කාලේ ඉඳලා තිබුණු සිහින දෙකක් තමයි නැටුම් ගුරුවරයෙක් වගේම රංගන ශිල්පියෙක් වෙන එක. ඉතින් රනිල් කුලසිංහ අයියා මාව නළුවෙක් කළා. කලා ක්‍ෂේත්‍රයේ මගේ මවුපියන් ලෙසට මම හැමදාමත් ගෞරවය කරන්නේ ඒ දෙදෙනාටයි. ඉදිරියේදී කලායතනයේ වැඩකටයුතු කිරීමට අදහසක් තියෙනවා. මේ කොරෝනා ප්‍රශ්නත් එක්ක ඒ වැඩකටයුතුකල්ගියා.

වසන්ත විතාරණගේඋපුටා ගැනීම මව් රට

Share This Article

පතිරාජ සර් එක්ක වැඩකරන්න ලැබීම භාග්‍යයක් -රංගන ශිල්පිනී අයේෂා දිසානායක

ඇය දෙදහස් එක (2001) වර්ෂයේදී සීතල බදුලු පුරවරයේ සිට කො‍ළොම්තොට වෙත ආගමනය සිදු වූවාය. ඒ ටවර් හොල් රඟහල පදනමේ නාට්‍ය හා...

මේ දවස්වල බිස්නස් වැඩ Online…

රන්ජන් අයියා එක්ක සම්බන්ධකමක් නැහැ… ඉන්න ගමන් මලුත් කඩනවා…මනාලියක් ලෙසට හැඩවැඩ වී කටයුතු කළ ඇය කාලයත් එක්කම රංගන ශිල්පිනියක් බවට දැන්...

ඇය වරෙක තත්පර ගණනක වෙළෙඳ දැන්වීමකින් රටට ම අමතක නොවන මතකයක් ඉතිරි කළ පුංචි දැරියකි. තවත් වරෙක පෙරළිකාර, ප්‍රචණ්ඩ චරිතවලට හුස්ම...

මගේ ළඟින් වාඩිවෙද්දී, කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා

මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින හුරතල් රංගන ශිල්පිනියක් විදිහට යොහානි හෙට්ටිආරච්චි හඳුන්වලා දෙන්න පුළුවන්. හිරු ටී.වී ඔස්සේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි...

සක්කාරං නාට්‍යයේ පුංචි ජයවතී මම තමයි…

මම ගොඩක් කැමැති ගැමි චරිතවලට… මම ලබන අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ ලියනවා…කවුද මේ පුංචි ජයවති? ඒ සිඟිති දියණියගේ රුව දුටු සැණින් ඔබ සොයන්නට...

නවකයින් අතර දක්ෂයින් අඩුයි Nirosha Thalagala

නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්‍ෂක ආදරය දිනා ගනිමින් සිටින්නී ය. ඇය නිරෝෂා...