උක්කු අම්මා ලොව වයස්ගතම පුද්ගලයා වෙයි
දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල බලත්ගමුව අංක 82/ඒ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 116ක් වූ අපුල්ලන්නලෑ උක්කු මහත්මියටය. ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකරගෙන සිටි ජපන් ජාතික ජිරෝමාන් කිමුරා (116) පෙරේදා (12දා) ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟය.
බලන්ගමුවේ පදිංචි උක්කු අම්මාගේ ජාතික හැඳුනුම්පත් අංකය 977960037ඍ ලෙස සටහන් වී තිබේ. එම දත්තවලට අනුව ඇය 1897 අගෝස්තු මස 22 දින උපත ලබා ඇත. ඇයට දරුවන් අටදෙනෙක්ද මුනුපුරු මිනිපිරියන් ඇතුළුව සියලුම දරුවෝ 80ක් පමණද සිටිති. ඇයට පසුව ලෝකයේ වයස්ගතම පුද්ගලයන්ගේ සටහනේ දෙවැනි ස්ථානය ජපානයේ මිසාකා ඔකාවෝට හිමිවේ. එසේම පේරෝමාන් කිමුරාගේ මරණයත් සමඟ ලෝකයේ වයස්ගතම පුද්ගලයන්ගේ සටහනේ මුල් ස්ථාන 10 සම්පූර්ණයෙන්ම කාන්තාවන් විසින් හිමිකරගෙන තිබේ. දැනට ඒ සටහනේ මුල් ස්ථාන 5 මෙසේය.
1. අපුලන්නලෑ උක්කු - 1897/8/22 - ශ්‍රී ලංකාව
2. මිසාවෝ ඔකාවා - 1898/3/5 - ජපානය
3. ජෙරලියන් ටෙලී - 1899/5/23 - එ. රාජධානිය
4. මුස්හට් ජොන්ස් - 1899/7/6 - එ. රාජධානිය
5. බෙන්රිස් මෙඩිගන් - 1899/7/24
‘මව්බිම’ කරන ලද හෙළිදරව්වට අනුව මේ පිළිබඳ ලෝක ගිනස් කමිටුවට වාර්තා කර තිබේ. ඒ අනුව තව නොබෝ දිනකින් මේ ගිනස් වාර්තාව පිළිබඳ අවශ්‍ය කටයුතු සිදුකිරීම සූදානම්ය.
ජීවන පහන් තිළිණ
උපුටා ගැනීම මව්බිම
ධන නිධානයක් දෙපතුල මතට පතිත වුවද, වාසනාව නැති නම් එයින් ඵලක් නැත. කෝටි ගණන් ස්වීප් ටිකට් දිනුම් ලැබී අසීමිතව වියදම් කර...
"ඡන්ද රැස්වීම්වලට ගිහින් මත්පැන් බොන්න පුරුදු වුණා...""අයියා එනකම් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අපේ ගෙදර බංකුවක වාඩි වෙලා හිටියා...""අයියාගේ අවසන් කටයුතුවලට එයාගෙන් උදව් ගත්ත කිසිම දේශපාලනඥයෙක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැඩකාර වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වසර ගණනාවක් ජාතික කණ්ඩායමේ කුළුණක් වී ඇත. 1988 අප්‍රේල් 21 වන...
නිවසේ එකතු වන කැළි කසළ මලු වළ දමා මාර්ගය අසල ගෙනවිත් දැමූ තරුණ අඹුසැමි යුවළක් මුහුණ දුන් අපූරු සිදුවීමක් දකුණු පළාතේ...
04-04-2021 පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා....