This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 10th Monday, Feb 2025
ලෝක මිහිකත දිනය අදයි

ලෝක මිහිකත දිනය අදයි

ලෝක මිහිකත දිනය (Earth Day) අප්‍රේල් මස 22 වන දා ලොව පුරා සමරනු ලබන්නේ, ලෝකයේ පාරිසරික ආරක්ෂාව මූලික කර ගනිමිනි. මෙවර එහි තේමාව ‘මිහිකත සුරැකිම සඳහා පෙරට එමු’ යන්න ය.

1969 දී සැන් ෆ්‍රැන්සිස්කෝහි යුනෙස්කෝ සමුළුවේදී සාමය ක්‍රියාකාරිකයෙකු වූ ජෝන් මැක්කෙනල් 1970 මාර්තු මස 21 වන දා පෘථිවියට ගෞරව කිරීමක් වශයෙන් මෙම දිනය හා සාමය පිළිබඳ සංකල්පය යෝජනා කර තිබේ. එම යෝජනාව 1970 අප්‍රේල් 22 වන දා ලෙස නම් කිරීමට එක්සත් ජනපදයේ සෙනෙට් සභික (Gaylord) ගේලෝඩ් නෙල්සන්ට අනුව සිදු කෙරිණි. මුල්ම වැඩසටහනට මිලියන දෙකක් ජනතාව එක්වුණා. අද ලොව රටවල් 193ක් මේ සඳහා සකස් කළ වැඩසටහන්වලට සහභාගි වෙනවා. මිහිකතගේ ආරක්ෂාව ගැන එදාට ලෝකයේ ම අවධානය යොමු කෙරෙන අතර මිහිකත සුරැකීමට එක්වන ලෙස ලෝක ප්‍රජාවට ආරාධනය කිරීම ලෝක මිහිකත දිනයේ අරමුණයි.

හැම දිනයක් ම මිහිකත දිනයක් වග සිහි තබා ගන්න. ඔබ ලෝකයේ කොහේ හිටියත් මේ දිනය සමරන්න ඔබට පුළුවන් ඒ වගේම ක්‍රියාශීලීව පරිසරය සුරැකීමට දායක වීම ඔබේ යුතුකමක් සහ වගකීමක් බව මතක තබා ගන්න. අනාගතය සුරක්ෂිත කර ගැනීමට අදම ක්‍රියා කරමු! ගෙදර ඉඳන් එක්වන්න! පැළයක් සිටුවන්න! පරිසරය පිරිසිදු කරන්න! වඳවී යන සතුන් හා ශාක ගැන ඉගෙන ගන්න! අනෙක් අයටත් ඒ ගැන කියා දෙන්න!

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
අලුත්ම ගිනස් වාර්තා
ගාන්ධිතුමන්ගේ භෂ්මාවශේෂ කැලණි ගඟේ පාවී ගියදා
මිතුරන්ගේ සාගිනි නිවන සුනඛ මිතුරා
සිංහල අවුරුදු නැකැත් සීට්‌ටුව
ප්ලාස්ටික් සැත්කම් නිසා ලස්සන වුණු තරු
නූතන අධ්‍යාපන ක්‍රමයේ නිර්මාතෘ ඇරිස්ටෝටල්