This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
මිතුරන්ගේ සාගිනි නිවන සුනඛ මිතුරා

dog

සුනඛයා මිනිසාගේ හොඳම මිතුරාය. එය ඓතිහාසිකව ද සනාථ වී ඇත. එහෙත් සුනඛයින් හිතවත් කම දක්වන්නේ මනුෂ්‍ය වර්ගයට පමණක් නොවේ. තමා ඇසුරු කරන වෙනත් වර්ගයේ සතුනට ද ඒ අයුරින් ම මිතුරු දම දක්වන අතර තම සත්ව මිතුරන්ගේ සාගින්න පවා නිවා දැමීමට තැත් කරන බව ඔප්පුවේ. මෙයට හොඳම උදාහරණය බ්‍රසීලයේ අනාථ බැල්ලක වන ලයිලිකා ය. අයිතිකරුවකු නොමැති ලයිලිකාට නිවහනක් ලැබුණේ අපද්‍රව්‍ය එකතු වන මධ්‍යස්ථානයක් බාරව සිටි නීල් වයිනා ඇන්ටොනියෝ ගෙනි.‍ ඒ ආසන්නයේ මේ බැල්ල පමණක් නොව තවත් සත්තු කීප දෙනෙක් ම නවාතැන් ගෙන සිටියහ. ලයිලිකා සහ ඇයගේ පැටවුන් මේ ස්ථානයේ සිටිය ද සියලු දෙනාටම ආහාර සැපයීම නීල්ට අපහසු කරුණකි. මෙය තේරුම් ගත් ලයිලිකා තම පැටවුන්ට ආහාර සොයා තැන් තැන්වල ගොස් නානාවිධ කෑම ගෙන ඒමට පුරුදුව සිටියා ය. උස් මහත් වන පැටවුන් දුටු අය සියලුම පැටවුන් ගෙන ගිය නමුත් ලයිලිකා කෑම සෙවීම නතර නො කළාය. ඒ කෑම ගෙන එන්නේ තම මිතුරන්ටයි‍. ඇයට මිතුරෝ කිහිප දෙනෙක් වූහ. බළලෙක් සුනඛයෙක් කුකුල් පැටවු කිහිප දෙනෙක් හා කොටළුවෙක් ඒ අතර වූහ. තම පැටවුන් නැති වූ පසුත් ලයිලිකා දිගටම සැතපුම් හතරක් පමණ ඈතට වාහන පිරුණ මහ මාර්ගයේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් කෑම සොයා යන්නීය. සොයා ගන්නා ආහාර තමා ද අනුභව කොට තම මිතුරන්ට ද රැගෙන ඒමට ලයිලිකා පුරුදුව සිටියා ය.

ලයිලිකා බැල්ලට ලුෂියා හමුවූයේ මෙවන් අවදියකදී ය. ලුෂියා ගුරුවරියකි. දිනක් ලයිලිකා කුණු බක්කියකට ඉව කරන අන්දම දු ටු ලුෂියා ඇයට ආහාර සහිත බෑගයක් විසිකළා ය‍. එයින් කොටසක් අනුභව කළ ලයිලිකා ඉතිරි ආහාර සහිත බෑගය කටින් රැගෙන යන්නට ගියා ය. දෙවැනි දිනයේදීත් ලුෂියා එම ලෙසට ම ලයිලිකාට ආහාර දුන් අතර ලයිලිකා ද පෙර ලෙස ම කොටසක් කා ඉතිරි අහර මල්ල රැගෙන ගියා ය. ලයිලිකාගේ මේ ක්‍රියා කලාපය දින කීපයක් ම නිරීක්ෂණය කළ ලුෂියා ලයිලිකාට ආහාර දී ඈ පිටුපස ඇයට නොදැනී ගියා ය. ඇය දුටු දෙයින් ලුෂියාට ඇති වූ‍ෙය් පුදුමයක් හා අනුකම්පාවකි. ලයිලිකා රැගෙන ආ ආහාර බෑගය ඇයගේ මිතුරන්ට දෙන අන්දම ලුෂියා බලා සිටියේ සතුට හා අනුකම්පාව පිරි හදවතින් යුතුව ය. ඉන්පසුව ලුෂියාත් ලයිලිකාත් අතර මිතුරු සබඳතාවය දැඩි බැඳීමක් බවට පත් වීය. ලුෂියා කෑම සහිත බෑගය මගට ගෙන එන අතර එතැනට පැමිණෙන ලයිලිකා එය රැගෙන ඇයගේ මිතුරන්ට ගෙන යෑම දිගටම සිදුවන්නේ ය.

උපුටා ගැනීම සිළුමිණ

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
ප්ලාස්ටික් සැත්කම් නිසා ලස්සන වුණු තරු
නූතන අධ්‍යාපන ක්‍රමයේ නිර්මාතෘ ඇරිස්ටෝටල්
ගාන්ධිතුමන්ගේ භෂ්මාවශේෂ කැලණි ගඟේ පාවී ගියදා
ලෝක මිහිකත දිනය අදයි
අලුත්ම ගිනස් වාර්තා
සිංහල අවුරුදු නැකැත් සීට්‌ටුව