This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
අලුත්ම ගිනස් වාර්තා

අලුත්ම ගිනස් වාර්තා

මිටිම පූසා :
ලොව මිටිම බළලකු ගැන පසුගියදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා විය. මුච්කින් රග් හගර් වර්ගයට අයත් ලිලිපුට් නම් වූ මෙම බළලාගේ උස ‍පොළොව මට්ටමේ සිට උරහිස දක්වා සෙන්ටිමීටර් 13.34කි. වයස අවුරුදු දෙකකි.

දිගම අඬු සහිත කකුළුවා :
ලොව දිගම අඬු සහිත කකුළුවා බ්‍රිතාන්‍යයේ බ්ලැක්පූල්හි මුහුදු පත්ලෙන් සොයාගෙන තිබේ. මෙම කකුළුවාගේ අඬුවල විහිදුම මීටර් 3.11කි. (අඩි 10 අඟල් 2.5)

මිනිසෙකු සතු ශක්තිමත් රැවුල :
ලිතුවේනියාවේ වෙසෙන ඇන්ටනාස් කොන්ට්‍රිමස්ගේ රැවුල ලොව ශක්තිමත්ම රැවුල ලෙස ගිනස් වාර්තා ‍පොතට එක්විය. ඔහුගේ රැවු‍ලේ ශක්තිමත් බව මැනීම සිදුකරනු ලැබුවේ කිලෝග්‍රෑම් 63.80ක් ඉන් ඔසවමිනි.

පළල්ම දිව ඇති මිනිසා :
ශරීරයේ එක් එක් අවයවයන්ගේ පිහිටීමේ විශේෂතා අනුවද ගිනස් වාර්තා බිහිවේ. මේ අලුත්ම ගිනස් වාර්තාව බිහිවූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ලොව පළල්ම දිව ඇති මිනිසා ලෙස ඇමෙරිකානු ජාතික බිරන් ස්ක්ලෙන්කර්ගේ නම ගිනස් ‍පොතට එක්වූ අතර ඔහුගේ දිවෙහි පළල සෙන්ටිමීටර් 8.3කි. (අඟල් 3.27)

ලොව පළමු අති වනි පාපැදි නළාව :
ලන්ඩනයේ ජීවත් වන තරුණයකු විසින් අපූරු පාපැදි නළාවක් නිර්මාණය කර තිබේ. ලොව ප්‍රථම වරට අතිවනි ශබ්දයක් නිපදවන නළාවක් ඔහු තම පාපැදියට සවිකොට ඇති අතර, ඩෙසිබල් 136.2ක වනි තරංගයක් නිපදවන මෙම නළාව නිෂ්පාදනය කිරීමට හේතුව ලෙස යානික් නම් ඔහු පවසනුයේ තමන් යන මාර්ගයේ ගමන් ගන්නා ලොරි රථ රියැදුරන්ගේ අවධානය ලබාගැනීමට මෙම අධික ශබ්දයක් සහිත නළාව නිපදවා ගත් බවයි.

ලොව දිගම දිව සහිත මිනිසා : ලෝකයේ දිගම දිවක් සහිත පුද්ගලයා නමින් නික් ස්ටෝබරිය. ඔහුගේ දිවෙහි දිග සෙන්ටිමීටර් 10.1කි. (අඟල් 3.97).

උපුටා ගැනීම ලක්‌බිම

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
සිංහල අවුරුදු නැකැත් සීට්‌ටුව
මිතුරන්ගේ සාගිනි නිවන සුනඛ මිතුරා
නූතන අධ්‍යාපන ක්‍රමයේ නිර්මාතෘ ඇරිස්ටෝටල්
ලෝක මිහිකත දිනය අදයි
ගාන්ධිතුමන්ගේ භෂ්මාවශේෂ කැලණි ගඟේ පාවී ගියදා
ප්ලාස්ටික් සැත්කම් නිසා ලස්සන වුණු තරු