Biz Log
Classifields
Biz Log
Classifields

පියාගේ දිවි බේරූ පුංචි දියණිය

පියාගේ දිවි බේරූ පුංචි දියණිය

එංගලන්තයේ ස්ටැන්ලි ප්‍රදේශයේ පදිංචි බාර්කේස් 47 හැවිරිදි ය‍. බිරියගෙන් දික්කසාද වී ඔහු නිවෙසේ පදිංචිව සිටිනුයේ කුඩා දියණිය සමඟ ය. ඇය පස් හැවිරිදි හෝලි ය. දියවැඩියා රෝගියකු වන බාර්කේස් වසර 33 ක් තිස්සේ ඉන්සියුලින් එන්නත ලබා ගනිමින් රෝගය මර්දනය කර ගන්නෙකි. පසුගිය දිනෙක දියණිය ද සමඟ නිවෙසේ උඩුමහලට ගිය බාර්කේස් දියණිය නින්දට යැවී ය. පාන්දර 1.30 පමණ වෙද්දී බාර්කේස්ට ශරීරයේ දැඩි අපහසුතාවක් දැනිණි. වහා නින්දෙන් අවදි වූ ඔහු අමාරුවෙන් ම ඇ‍ඳෙන් නැගිට පහළ මාලයට ගියේ සිය අපහසුතාව මඟහරවා ගැනීමට ප්‍රතිකාරයක් ගැනීමට ය. එහෙත්, රෝග තත්ත්වය උත්සන්නවීම නිසා ඔහු කළේ වහාම පහළ මාලයේ වූ පුටුවක වැටීමය. දියවැඩියා උත්සන්න වීම හේතුවෙන් සිහිමුර්ජා තත්ත්වයට පත්වූ බාර්ක්ලේට ඉන්පසු සිදුවූ කිසිවක් මතක නැත්තේ ය. පාන්දර ජාමයේ අවදි වූ හෝලි දියණිය පියා නිදි යහනේ නොමැති බව දැක වහා පහත මාලයට‍ ආවා ය. ඔහු සිහිසුන්ව පුටුවේ වැටී සිටිනු දුටු මේ කුඩා දියණිය වහාම තත්ත්වය තේරුම් ගෙන කලබල නොවී රුධිරයේ සීනි මට්ටම පාලනය කරන එන්නත ඔහුගේ උදරයට එන්නත් කළා ය. 

“හෝලි, මගේ චූටි දුව ඒ වෙලාවේ අවදි නොවුණා නම් මෙලහකටත් මා මිය ගිහින්. ඇය මගේ උරහිසෙන් අල්ලා හොලවනවා මට මතකයි. එහෙත්, එන්නත විදපු ගමන් මට එක්වරම පණක් ආවේ නැහැ. මුළුතැන්ගෙට යෑමට මං බිම දිගේ ඇදෙමින් ගියා. මීළඟට කළ යුතු දේ හෝලි ඒ වනවිටත් දැන සිටියා” බාර්ක්ලේ පැවසීය.

හෝලිගේ මව සැන්ඩ්‍රා ය. පියා අසනීප වූවිට ඔහුට අවශ්‍ය එන්නත ශීතකරණයේ තිබෙන බවට ඇය හෝලි දැනුම්වත් කර තිබුණි. එහෙත් මේ කුඩා දියණිය කිසිදිනක එන්නත් කටුවකට අතවත් තබා තිබුණේ නැත. ශීතකරණයෙන් එන්නත ඇතුළු උපකරණ පිටතට ගත් හෝලි මීළඟට කළේ සිය මවට දුරකථන ඇමතුමක් දීම ය. මව එන පරක්කුවට ඇය පියාට එන්නත ලබා දුන්නා ය. බාර්ක්ලේට සිහිය එද්දී දුටුවේ ඔහු පසෙකින් වාඩි වී කිසිම කලබලයක් නැතිව ඔහුගේ ජංගම දුරකථනයෙන් පරිගණක ක්‍රීඩාවක යෙදෙන දියණියය. හෝලි දැන් සිය පියාගේ ජීවිතය බේරූ පුංචි වීර දියණියක ලෙස එරට ඇගැයීමට ලක්ව සිටින්නී ය.

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Share This Article

මුදුව පලඳින ඇඟිල්ල පටලැවුණු රාජකීය මංගල්‍යය

යුරෝපාකරයේ තවත් රාජකීය මංගල්‍යයක් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ඒ ස්වීඩනයේ ඔටුන්න හිමි කාර්ල් පිලිප් කුමරුගේ මංගල්‍යයයි. කාර්ල් පිලිප් කුමරු ස්වීඩන...

යුරෝපයෙන් මෙතෙක් හමු වූ විශාලතම මිනීවළ

දකුණු ජර්මනියේ පුරාවිද්‍යාඥයන් විසින් වසංගතයට ගොදුරු වූවන් 1,000කගේ ඇටසැකිලිවලින් සමන්විත වළවල් අටකින් සොයාගෙන ඇති අතර එය යුරෝපයේ මෙතෙක් කැණීම් කරන ලද...

ඊජිප්තුවේ ටුටන්කාමන් රජු ආබාධිතයෙක්‌ - වෝහාරික පරික්‍ෂණයෙන් රහස්‌ හෙළිවෙයි

ඊජිප්තුවේ ටුටන්කාමන් රජු ඝාතනය කළාද එසේත් නැත්නම් ස්‌වභාවික හේතුන් නිසා මිය ගියාද? ටුටන්කාමන් රජුගේ සිරුර මෑතකදී පරිගණක නිරීක්‍ෂණ 2000 කට අධික...

ආරක්ෂක වියදමට දිනකට ලක්ෂ දහසයක් වියදම් කරන හැරී-මේගන්

බ්‍රිතාන්‍යයරජ පවුලේ උදවිය අතරින් හැරී සහ මෙගන් දෙදෙනා මේ කාලයේ නිතර පුවත් මවනයුවළක් බව රහසක් නොවෙයි. ඔවුන් පසුගිය වසරේ රජ පවුලේ ජේ‍යෂ්ඨසාමාජිකත්වයෙන් ඉවත්...

ලෝක නායකයන් ආයුෂ ඉල්ලා පස්සෙන් ගිය බාබා වන්ගාගේ ගුප්ත දිවිය

සෑම නව වසරක්ම උදාවන්නේ ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවගේ හදවත් තුළට නැවුම් බලාපොරොත්තු රැසක් එකතු කරමිනි. එහෙත් සමාජ මාධ්‍ය ජාලයට සහ...

සතා සීපාවාට ගහට කොළට ආදරේ කරන අයට ගැළපෙනම තැන ඔඩ්සාලා වනෝද්‍යානය

ලෝකයේ සංචාරක ආකර්ෂණය බහුල වශයෙන් නොලැබුණු ස්ථානයක් වන මෙම ඔඩ්සාලා ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ අප්‍රිකාවේ ඇමසන් වනාන්තරයෙන් පසු ලෝකයේ දෙවැනි විශාලතම...